ඔයා වයසට යන්නෑ නේද?

ඒරාෂ්ඨක එක පිට දෙකයි
ශනි මහ දසාවේ කුජ අන්තරයයි
සේරම ග්‍රහයො කනපිටයි
ජීවිතේම අබග්ගයක් යැයි
ඔයා කියවාගෙන ගිය දා මා දුටුවේ ඔබේ ඩිජිටල් දසුනයි
මයික් මුවේ තවරං ඔබේ මුව මා කන මත අතුරං
"කිසි අයුරක සම්බන්ධයක් අප අතර සුභ නැත
දෙවියන්ටවත් අප නම් එකතු කළ නොහැක
ඔබට ඔබව ද
මා හට මාවද
නොමැති වනු ඇත
අප එකතු වුනොතිං
ආදරයට වඩා බොහෝ දේ ඇත ඉන් පරිබාහිරව
අප අතර විෂමතා ඇති කරන සමතා නැති කරන"

සිහිනයක් සේ ඔබ කී දේ
මායාවක් සේ ඔබ කොඳුරපු දේ
සැටලයිට් අවකාශ අයනගෝල හරහා
තඹ කම්බි ආලෝක තන්තු රැහැන් අතරින්
එක මිටිං ඉවත ලා
යගුලියක් සේ පරසක්වල ගසා
සිහිනයෙන් ඇවිදින්නෙකු සේ
ඔබ සොයා මා පැමිණි මොහොතේ

ඔබ දැල්වූ දෑසින්
මල් වැස්සක චමත්කාරය මවමින්
පවනක් මෙන් පාවී ඇවිදින්
ඇසුවා මතකයි යම්තමින්...

"ඔයා වයසට යන්නෑ නේද? "

2/2/2012

Comments

Sumith Niriella said…
//ඔබට ඔබව ද
මා හට මාවද
නොමැති වනු ඇත
අප එකතු වුනොතිං
ආදරයට වඩා බොහෝ දේ ඇත ඉන් පරිබාහිරව
අප අතර විෂමතා ඇති කරන සමතා නැති කරන"//

සෙටිපිකේට් ඇත්ත...

වයසට ගියාට කම් නැත.
ආදරය තරුණය

එය මහලු නොවීම මිය යන්නේ ආණ්ඩුවේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේදීය..
Anonymous said…
ඔබට ඔබව ද
මා හට මාවද
නොමැති වනු ඇත

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්