ඉන්ද්‍රනාත තේනුවර (නො)දුටු මා

ඉන්ද්‍රනාත තේනුවර මහතා ගැන අමුතුවෙන් ලියා තැබිය යුතු දෙයක් මා හට ඉතිරි වී ඇතැයි මම නොසිතමි. ඔහුගේ ඡායාරූපකරණ පාඨමාලා හදාරමින් සිටිනා සුවහසක් ගෝලයන් ඔහු ගැන මැනවින් දනී. දනන් මුවින් මුව ඔහු හැකියාවන් පිළිබඳ ඇගයීම් වහනය වේ.

මේ පූර්විකා ලීවේ ඔහු විසින් ඇඳි මා රුව රැගත් සිතුවමක් දැකුමින් උපන් සතුටිනි. මාගේ ජීවිතයේ කවර කලෙකවත් මෙවන් ත්‍යාගයක් මා ලබා නැතියෙන් එය සහෘද ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමි.

ඉන්ද්‍රනාත තේනුවර මහතාණෙනි, ඔබට නොවක් තුති.



ප.ලි.

මෙහි ඇති සුවිශේෂි බව නම් ඉන්ද්‍රනාත මහතා විසින් මා කවර කලෙකවත් පියෙවි ඇසින් දැක නැති වීම සහ මගේ ඡායාරූප ගොනුවක මෙයාකාර බැල්මකින් මා සිටිනා කිසිදු ඡායාරූපයක් නැති හෙයින් වෙනස් හැඟුම් සහ කෝණ ඔස්සේ නිරූපිත මාගේ ඡායාරූප කීපයක් බැලීමෙන් මාගේ හැඩරුව පරිකල්පනය ඔස්සේ මවාගෙන මේ සිතුවම ඇඳීමට පෙළඹීමයි. මේ නම් සුවිශේෂී හැකියාවක් බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ.

Comments

ඉන්ද්‍රනාථ මහතාගේ හැකියාව ගැන කියන්නට මේ කලාවන් ගැන අපි තුල ඇති දැනුම ප්‍රමාණවත් නෑ.එතුමා ඉතාමත් නිර්ලෝභීව අන් අය සමඟ දැනුම බෙදා ගන්නා කෙනෙක්.පෞද්ගලිකව මටත් යම් යම් උපදෙස් ලබා දී තිබෙනවා.හැමෝම සිතුවමට නගන එතුමව සිතුවමට නගන්නේ කවුද? එතුමා මට පෞද්ගලිකව උපදෙස් ලබා දුන් අවස්ථාවල මා සමඟ සිටි මිත්‍රයෙක් එතුමාව සිතුවමට නැගුවා.ඒ එතුමා පිළිබඳ ඇතිවූ ගෞරවය නිසාමයි.ඔහු එය Facebook අඩවියෙ පළ කලා.මේ ලින්ක් එකෙන් එය බලගන්න පුලුවන්.
http://www.facebook.com/home.php?#!/photo.php?fbid=113746595339678&set=a.113746345339703.6146.100001130137163
/* මේ සිදුවන දෙයට මා කැමතිය. මට ඉන් සියුම් සතුටක් දැනේ. */

ඔය හැඟීම වෙලාවකට මටත් එනවා. ඕකට කියන්නේ කාලකන්ණි සතුට කියලායි!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු