අමතකව ගිය සිහින

මට සිහිනයක් තිබුණි
දැන් අමතකව ගිය
මට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්

ධරණි තලය මත ගැඹුරුම ගැඹුරු සිදුරක්ව
මම සිටියෙමි; සියලු දේට වැටෙන්නට ඉඩ හැර
දූෂිත වායුගෝලය උරා පුරවා ගත් පෙණහලුවලින්
ගිනි කඳු අක් වක් මුල් ජාලා නහර දිගේ

මුදා ලූයෙමි ජීවයට හිතකර සුසුම් පොද
මිනිස් හදවත් පුබුදු කර
මේ රුදුරු අඳුරු යුගයක ශේෂය
කිසිවෙකුත් නොතකන නමුත් මා නිරතුරු සිතවන

මට සිහිනයක් තිබුණි
දැන් අමතකව ගිය
මට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්!

25/12/2013



මුලින් ලියන ලද ඉංග්‍රීසි පෙළ මෙතනින්

Comments

ඇත්තටම ටැක්සියෙ තියෙන භාගෙට භාගයක් කවියක් ගානෙ කියොගෙන යද්දි පරණ බයෝ පාඩම් මතක් වෙනවා! :D

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්