බොකයියා

බොකයියා

මහ මුහුදෙන් ගොඩ දාපු
පිත්තල සෙම්බුවක් වැනි
දිස්නෙ දෙන අඳුරු මුහුනෙන් යුතු
බොකයියා

ලවණ උරා ගත් කෙහෙරොද
කිසිදා වියලි නොවුනු තෙතමන
හිස මත තියාගෙන-වෙරළේ වැනෙන
බොකයියා

රැලි කඩාගෙන සිතිජෙට
ඔරු දියත් කරන අත් කීපෙට
සිගරැට් දෙක තුනක් දික්කරන
බොකයියා

මාළු ඇතත් නැතත් නිදි කිරන
කුණාටුවට පසු මුහුද මෙන් නිශ්චල
කරදිය වළල්ලෙන් මෙපිට නොඑන
බොකයියා

20/12/2013

Comments

කදිම කවියකි.
Yasith Gamage said…
හික්ස්... බොකයියා... පට්ට නම

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු