පෝෂණ උණ්ඩ

ඔෘෂධීය උණ්ඩ

ඔන්න මින් මතු නොවව් කම්පා
බෙහෙත් ගැල්වූ උණ්ඩ දල්වා
පපු සිදුරු හරහා සැනෙන් ගොස්
එසැන ගත මන දොල වඩන්නා

හයිය හත්තිය දියව ගොස් කල්
ඇගිලි කරගැට හැලී කටු වැල්
ලෙසින් ජරපත් දිවිය දිගුකල්
එන්නතකි මෙ උණ්ඩ මනකල්

කඹුරලා සිය දිවිය උපතින්
ලද දෙයක් නැති සොවින් තැතියෙන්
වෙන් වෙලා දරු මල් සියල්ලෙන්
අවි ද අතැතිත ව මගට බස සෙන්

පිලිගන්නට ලතෙත් බැතියෙන්
ප‍්‍රජාතාන්ත‍්‍රික රජය සැරසෙන්
චීනයෙන් ගෙන්වූ බෙහෙත් ගැල්වූ
උණ්ඩ ඇත
භාණ්ඩාගාරයේ නිදි කිරමින්

කලකදී මිනිසුන්ට ආහාර පාන හිගයකින් වැරදීමකින් හෝ දුකක් පීඩාවක් දැනෙන කල දුර සිටම පෝෂණ ආහාර සිරුරට විද ඔවුන් ගලවා සුඛිත මුදිත කිරීම එකල ආණ්ඩුවල වගකීම බැවින් එය ද එසේම සිදුවනු ඇත.

මේ එයට පෙරහුරුවකි.

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 20090122
නිමිත්ත මහේෂ් මුණසිංහගේ අවම හානිය කවිය

අවම හානිය

උණ්ඩය

සරල රේඛීයව ගමන්

කිරීම අත් හැර ඇත

අහිංසකයින්

බිලින්දන් මගහැර

ත‍්‍රස්තවාදීන්

සොයා යායුතු බැවිනි


ගුවන් බෝම්බ

නොවැටී පාවෙති

පාසල් රෝහල්

මගහැර

බංකර් පමණක්

ඉව කරති

මහේෂ් මුණසිංහ

2009-01



Comments

Narada said…
නියමයි!

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්