කවරය හැර ගිය ලියමනක් ලෙස...

මහ රැයේ
ආදරයේ උණුසුම් වදන් ලියා
සිව්කොන් නවා-කවරෙක බහා
යටිතොල අතුරා-තිර ලෙස අලවා
පොත් තුනක බරින් තෙරපා
උදෑසන හිරු එළිය වැටෙන තුරු
දෑසින් දෝවමි
ඒ ආදර වදන් කීපය
උණුසුමින් රැකෙනු ලෙස
සීතලෙන් නොමියෙන ලෙස

ගර්භාෂයේ සිටියාටත් වඩා
උණුසුමින් තෙරපී හුන්
පැටිවියේ ඔබෙ වස්ත්‍ර ජාලයේ
මල් සුවඳ පරයා-බූමිතෙල් සුවඳින් පෙඟුනු
රතු නිල් කහ මල් වැටුනු-චීත්ත රෙදි ආදර සන්නාහයේ
නැහැය ඔබා ගෙන මා සිහින දුටු අතීතේ
යලි සිහිකරවන-මග හැරුනු බව-අතැර යන්නට
ඒ දුක්ගැහැට අතීතෙන්

යලි යලිත් මා පුබුදන
යලි යලිත් මා අවදි කරන
ඒ නැලවිලි මිමිණිලි ඔස්සේ
මම යලි යලිත් ඔබට ලියමි

ආදර අම්මේ
ඔබේ දෑස් මත පතිත වනු තුරු

ඔබේ ආදරය ගැන
මේ කුරුටු යාදින්න
අකලට ලියැවුනු
කවරය හැර ගිය ලියමනක් ලෙස...

13/05/2013

Comments

samakayawate said…
අගේ ඇති වදන් පෙළක්....
vicharaka said…
ටැක්සිය බලන්න ආවත් අදහස් දවන්නේ නැති තරම් මම. අදනම් බොහොම සිත්ගන්නාසුළු නිර්මාණයක් බව නොකියාම බැහැ. ඉහලින්ම අගය කරනවා.
Unknown said…
අම්ම නැති උනාම කව්රු හිටියත් අපි අනාතයො නේද. රිදෙන වෙලාවක ඩෝසන් රිදවන කවියක් ලියල

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්