හේයි බුද්ධගයා-අජිත් කුමාරසිරිට සිංදුවක්
(අජිත් කුමාරසිරිට සිංදුවක්)
මම The බෞද්ධයා?
මම අලුත් කාර් එක අරං
කතරගම ගියේ
කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයි
කිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙ
ආරක්ෂාවටයි
රුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙ
ඉන්ෂුවරන්ස්වලටත් වඩා දෙයියො ෂුවර් නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආරක්ෂාවටමයි
ඕලෙවල් ලියන වුන්
විභාගෙට කලිං දවසේ
පංසලේ පෝලිමේ යැව්වෙ
පාඩම් කරපුවටත් වඩා
දෙයියො බුදුං ෂුවර් නිසයි
නමයි විභාග අංකෙයි ලියල බෝගහේ එල්ලුවේ
දෙයියන්ට වැරදුනත් කොම්පියුටර්වලට නොවරදින නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආත්මලාභයටමයි
බඩ තඩි කිසිම සිල් ගතියක් නැති
අසපුවෙ සෙක්සි හාංදුරුවං ගෙදරට වඩම්මල
බත් ගිල්ලෙව්වේ
මගේම මැරිච්ච අම්ම අප්පා පෙරේතයො වෙල
මට අණවින කරයි කියල බයටමයි
කට්ටඩි පූසාරියොංටත් වඩා
බඩ තඩි හාංදුරුවෝ මළවුංට කිට්ටුයි-පිං දෙංඩ දස්සයි
දෙසූ බණ හරිම කාලෝචිතයි-කොට සාය ගැන කී ටික මනෝරම්‍යයි
මම බුදුන් කිච කළේ-මගේ පරාණ බයටමයි
........
........
........
මං මැරිච්ච වෙලේ
අහල ගං හතේ
හාංදුරු ටික වළ වටේ තියං
පාංසුකූලේ දුන්නේ
සංසාර චක්කරේ මං අතරමං වේවි කියලා
මගේ ගෑණි හිතු නිසයි
දවස් හතේ බණ දවසේ
වැලි අතුරලා බණ ශාලාවේ කොනේ
කවුරුත් බලං උන්නේ මම බණ අහන්න එයි කියලයි
මගේ පා සළකුණු වැලි මත ඇඳෙනවා බලා ගන්නයි
මම බුදුන් කිච කළේ-කිසිම ලැජ්ජාවක් නැතුවමයි!
........
........
........
හේයි බුද්ධගයා
අපි දැං හරක් මරන්නේ නෑ
අපි හරක් වෙනුවෙන් මැරෙනවා..!
(කෙටියෙන්
මේ කාලයේ
මට සංඝ රත්නය තේරෙන්නේ නෑ
බුදුන් දිගටම කිච වෙනවා-එච්චරයි මට තේරෙන්නේ...)
මම The බෞද්ධයා?
මම අලුත් කාර් එක අරං
කතරගම ගියේ
කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයි
කිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙ
ආරක්ෂාවටයි
රුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙ
ඉන්ෂුවරන්ස්වලටත් වඩා දෙයියො ෂුවර් නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආරක්ෂාවටමයි
ඕලෙවල් ලියන වුන්
විභාගෙට කලිං දවසේ
පංසලේ පෝලිමේ යැව්වෙ
පාඩම් කරපුවටත් වඩා
දෙයියො බුදුං ෂුවර් නිසයි
නමයි විභාග අංකෙයි ලියල බෝගහේ එල්ලුවේ
දෙයියන්ට වැරදුනත් කොම්පියුටර්වලට නොවරදින නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආත්මලාභයටමයි
බඩ තඩි කිසිම සිල් ගතියක් නැති
අසපුවෙ සෙක්සි හාංදුරුවං ගෙදරට වඩම්මල
බත් ගිල්ලෙව්වේ
මගේම මැරිච්ච අම්ම අප්පා පෙරේතයො වෙල
මට අණවින කරයි කියල බයටමයි
කට්ටඩි පූසාරියොංටත් වඩා
බඩ තඩි හාංදුරුවෝ මළවුංට කිට්ටුයි-පිං දෙංඩ දස්සයි
දෙසූ බණ හරිම කාලෝචිතයි-කොට සාය ගැන කී ටික මනෝරම්‍යයි
මම බුදුන් කිච කළේ-මගේ පරාණ බයටමයි
........
........
........
මං මැරිච්ච වෙලේ
අහල ගං හතේ
හාංදුරු ටික වළ වටේ තියං
පාංසුකූලේ දුන්නේ
සංසාර චක්කරේ මං අතරමං වේවි කියලා
මගේ ගෑණි හිතු නිසයි
දවස් හතේ බණ දවසේ
වැලි අතුරලා බණ ශාලාවේ කොනේ
කවුරුත් බලං උන්නේ මම බණ අහන්න එයි කියලයි
මගේ පා සළකුණු වැලි මත ඇඳෙනවා බලා ගන්නයි
මම බුදුන් කිච කළේ-කිසිම ලැජ්ජාවක් නැතුවමයි!
........
........
........
හේයි බුද්ධගයා
අපි දැං හරක් මරන්නේ නෑ
අපි හරක් වෙනුවෙන් මැරෙනවා..!
(කෙටියෙන්
මේ කාලයේ
මට සංඝ රත්නය තේරෙන්නේ නෑ
බුදුන් දිගටම කිච වෙනවා-එච්චරයි මට තේරෙන්නේ...)
Comments
දැන් බුදුහාමුදුරුවන්ට වඩා හොඳට ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන, පොත් එහෙම ලියන කට්ටිය ඉන්න එකේ පන්සල්, අසපු පිටින්ම කට්ටිය රහත් වෙන්නේ නැත්තේ ඇයි කියලා මං මේ කල්පනා කරන්නේ....
කොතනින්ද පටන් ගන්නේ.. මොකක්ද කරන්නේ.. කොහේද යන්නේ...? !