සිහින සාප්පුවේ මෙනුව


මම සිහින සාප්පුවට වැද
එකත්පස්ව හිඳ ගනිමි

කේඩෑරි
බැරෑරුම් පෙනුමැති සිහින විශේෂඥයාගෙන්
(සර්පයාගෙන් නොවේ)
සිහිනයක් ඇණවුම් කරමි

උණුසුම්
සරාගී
හැපි එන්ඩ් එකකින් යුතු
සිහිනයක්!

කාල් මාර්ක්ස්ගේ අතිරික්ත වටිනාකම
ලැකාන්ගේ අතිරික්ත ප්‍රමෝදය
එකට කැටි කළ
සිහින සාප්පුවේ මෙනුව
මම දෑසින් ස්පර්ශ කරමි

තේරෙන්නට
ඉඩ
හරිමි

Comments

හෑ මරු කවි කෑල්ල ඈ...
Unknown said…
සිත් ගත්තා

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු