මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීම

ප්‍රිය සහෘදය,

මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීමට අපි තීරණය කර ඇති බැව් ඔබ සැම වෙත ඉමහත් සතුටින් දන්වා සිටිමු.

මේ සඳහා කවි තෝරා ගැනීමට කවි ලියන අයට තමන්ගෙ නිර්මාන පෝස්ට් කිරීම සඳහා මුහුණු පොතේ "සත්කාර" නමින් ගෘප් එකක් නිමවා ඇත.

එම ගෘප් එකේ පළකරන ඔබගේ නිර්මාන සඳහා එහි ඇඩ්මින්වරු විසින් ප්‍රකාශ කරනු ලබන චන්දවලින් බහුතරයක් ලබන කවි එම උක්ත කවිපොතට ඇතුලත් කර ගන්නට ක්‍රමවේදයක් සකසා ඇති බැවින් ඔබට දැනෙන තමන්ගේ ප්‍රශස්ත නිර්මාන එහි පෝස්ට් කිරීමෙන් ඒ සඳහා සහභාගි විය හැකිය.

මේ කවි පොත සඳහා ඔබ සියල්ලන්ගේම එකදු කවියක් හෝ අන්තර්ගත කරන්නට උත්සහ කිරීම අපගේ බලාපොරොත්තුව බැවින් ඊට සහභාගි වන ලෙස මුහුණු පොතේ කවි නිර්මානයේ යෙදෙන සැමට කෙරෙන කාරුණික ආරාධනය යි මේ...

මෙම කාව්‍ය සංග්‍රහය ලබන ඔක්තෝබරයේ පළ කරන්නට බලාපොරොත්තු වන බැවින් ඔබ සියල්ලන්ගේ සහභාගිත්වය කඩිනමින් අපේක්ෂා කෙරේ.

මෙම දැන්වීම සහෘදයන් අතරේ ප්‍රචාරය කිරීම අගය කරමු.

09/09/2011

Comments

Anonymous said…
අපි කලින් ලියලා තියෙන වුනත් මේ ගෲප් එකට පෝස්ට් කරන්න පුළුවන්ද? එහෙම පුළුවන්නම් ලොකු දෙයක්... ඒක, මොකද ඉස්සර තරම් කවි ලියන්න වෙලාව හොයගන්න එක ගොඩක් අමාරුයි දැන්...!
Anonymous said…
අපි කලින් ලියලා තියෙන කවිවුනත් මේ ගෲප් එකට පෝස්ට් කරන්න පුළුවන්ද? එහෙම පුළුවන්නම් ලොකු දෙයක්... ඒක, මොකද ඉස්සර තරම් කවි ලියන්න වෙලාව හොයගන්න එක ගොඩක් අමාරුයි දැන්...!
DawsonP said…
ඔව් ඕනෑම තමන් නිර්මානය කළ කවියක් එතන පළ කළාට කමක් නෑ. ස්තුතියි
Kavindya said…
අපි වෙන නම් වලින්(අනුවර්ත) ලීවත් දාන්න පුළුවන්ද?

කරන්න යන වැඩේ නම් ගොඩක් හොඳයි.. ජය!!
ඩෝසන් said…
අන්වර්ථ නාමයන්ගෙන් නිර්මාන ඉදිරිපත් කිරීමේ දී තම සැබෑ නම ද වරහන් තුළ ලියා තැබීම පොතට කවි ඇතුළත් කිරීමට සුදුසුකමකි.

නමුත් අන්වර්ථ නාම භාවිතා කරන්නේ ආරක්ෂාව සම්බන්ධ හේතූන් මත නම් එබඳු නිර්මාන අන්වර්ථ නාමයෙන් පළ කිරීමට නොහැකි බැව් කරුණාවෙන් සළකන්න.

ප්‍රසිද්ධ අන්වර්ථ නාමයක් නම් එනමින් පෙනී සිටින්නා එළිදරව් වීමේ අවදානමක් ඇති හෙයින් එබඳු අයවලුන්ට මේ පොතේ කවි පළ කිරීමෙන් සිදුවන යහපතක් නැත.

වැඩි විස්තර සඳහා එම කණ්ඩායමට ගොඩ වැදී එහි කොමෙන්ටු සහ එකඟතා කියවා බලන මෙන් ඉල්ලා සිටිමි.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු