වලයාකාරය සූර්යග්‍රහණය නොහොත් පැරදුන චන්ද්‍රා


නගරය බිහිදොර
යෝධ කටවුට් අහස සිඹ සිඹ

වසන්නට දෝ හෝ හිරු
කාඩ්බෝඩ් දෑත් අහසට දිගු වුන

නගර මාවත් පටු මං පෙත්
කටවුට් සෙවණැලි වලින් අඳුර විහිදුන

චන්ද්‍රා ද සිහිසුන්ව සපැමිණ
මේ සුනඛ තරගයට අද දින

විලියෙන් ඇඹරී වසා සූරිය අඩලය
බැස ගියේ පරාජිතව ද රැඳී හෝරා කීපය?
කටවුට් වලට පැරදුන දුර්වල චන්ද්‍ර වංකය
ආයේ කවදා දකිමුද පූර්ණ සූර්යග්‍රහණය?

සූර්යයා වැසී යන්නට තරම් අහස උස කටවුට් නැගි දෙරණ ඉහලින් චන්ද්‍රයා ද සිය ගමන් පථයෙන් සපැමිණ සූර්යයා වසා දමන්නට හැකි දැයි බලා අසමත්ව මුසුප්පුවැ අහස් කුසින් මිදී ගිය හැටි නිමිති විය.

ඊ ඒ ඩෝසන් ප්‍රීති
150110

Comments

රවා said…
හිර හද තරු වලටත් ග්‍රහන ඇතිවෙනවා නම් මනුස්සයො වන අපි මොකද මෙ....
Anonymous said…
ඒ වුනාට අන්න චන්ද්‍රය කිය කිය යනවලු මම සූර්යයාවත් වැහුව කියලා... :)

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු