රතු බිලක් වත්?
අදත් වෙනදා වගේම
ජනෙල් මිට්ටම උඩ ඉර!
හීතල ජීවිතයකට
උණුසුම අරන්
පාර වැරදිලා ද කොහෙද
හැමදාමත් වගෙ
නුහුරුයි මෙ ළගක ඉඳලා
සැකයි උඹෙ ගමන!
බිලක් අරන් එන්නේ නැද්ද
ගෙදර අයිති ගෑණි වගේ?
තැපෑලෙන්වත් එවන්නේ නැද්ද
විදුලි බල මණ්ඩලේ වගේ?
හැමදාමත් පාර වැරදිලා
මටත් ඉර එලිය
ටිකක් දීලා යනව ද?
කිරි කාරයා පත්තර කාරයා වගේ
නැද්ද මාසේ අග
බිලක් එවන්නේ ?
අඩුම ගානේ හිත සැනසෙන්න
රතු බිලක් වත්?
ඔහොම නොකිය නොහඩ ඉඳලා
එක පාරට බිල් එවයි ද?
අන්න හඳටත් දඩ ගහලා
මෙච්චර කල් ණයට ගත්
උඹෙ එලිය වෙනුවට
බයයි මට කියන්නත්
රනින් හැදුවත් යතුර
ඇරියෙ වැරදි දොරක්නිසා
අන්න යතුරු වඩුවත්
දැන් හිරෙ!
නැද්ද මාසේ අග
බිලක් හෙම එවන්නේ ?
නැද්ද බදු හෙම
ගනන් ගන්නේ ?
අඩුම ගානේ හිත සැනසෙන්න
රතු බිලක් වත්?
ඔහොම නොකිය නොහඩ ඉඳලා
එක පාරට බිල් එවයි ද?
හිර ගෙදර මූසලයි
බදු ගෙවුම සැපක් ... !
ඩෝසන් ප‍්‍රීති
200904
ජනෙල් මිට්ටම උඩ ඉර!
හීතල ජීවිතයකට
උණුසුම අරන්
පාර වැරදිලා ද කොහෙද
හැමදාමත් වගෙ
නුහුරුයි මෙ ළගක ඉඳලා
සැකයි උඹෙ ගමන!
බිලක් අරන් එන්නේ නැද්ද
ගෙදර අයිති ගෑණි වගේ?
තැපෑලෙන්වත් එවන්නේ නැද්ද
විදුලි බල මණ්ඩලේ වගේ?
හැමදාමත් පාර වැරදිලා
මටත් ඉර එලිය
ටිකක් දීලා යනව ද?
කිරි කාරයා පත්තර කාරයා වගේ
නැද්ද මාසේ අග
බිලක් එවන්නේ ?
අඩුම ගානේ හිත සැනසෙන්න
රතු බිලක් වත්?
ඔහොම නොකිය නොහඩ ඉඳලා
එක පාරට බිල් එවයි ද?
අන්න හඳටත් දඩ ගහලා
මෙච්චර කල් ණයට ගත්
උඹෙ එලිය වෙනුවට
බයයි මට කියන්නත්
රනින් හැදුවත් යතුර
ඇරියෙ වැරදි දොරක්නිසා
අන්න යතුරු වඩුවත්
දැන් හිරෙ!
නැද්ද මාසේ අග
බිලක් හෙම එවන්නේ ?
නැද්ද බදු හෙම
ගනන් ගන්නේ ?
අඩුම ගානේ හිත සැනසෙන්න
රතු බිලක් වත්?
ඔහොම නොකිය නොහඩ ඉඳලා
එක පාරට බිල් එවයි ද?
හිර ගෙදර මූසලයි
බදු ගෙවුම සැපක් ... !
ඩෝසන් ප‍්‍රීති
200904
Comments
අන්තිම ෙවනකන් හිතාගන්න බෑ....
:D :D :D