Posts

Showing posts with the label මංජුල වෙඩිවර්ධන

Luhubandinna Maa / Nadeeka Guruge / ඔව්, හඳට ඉලක්කය අරගෙන වෙඩිතියන්න

Image
....... ඔබට ඕන මරණය ද ඔබේ කඳුලු මගේ දෝත මත තියන්න මිය යන විටදී හිනාවෙන්න මංජුල වෙඩිවර්ධන  

ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන

Image
ගුත්තිල අතුරු කාව්‍යය තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද වරෙන්තුව කුමට, බිඳ දැම්මෙන් සබත පොරොන්දුව නුඹට, සමුගන්නෙම් සබඳ අතකුරු මගෙ වුණත් නුඹෙමය ඔය සුරත පණකුරු දොළස අරගමි ගතකුරු නුඹට මුලකුරු අහිමි කවියකි සෙනසුරු නමට විසකුරුකමද පිළිතුර සොහොයුරු පෙමට පුටුව ලැබිණි නම් දන්දෙන්නට තිබුණී අටුවෙ වුණත් තිබුණේ කොස් ඇට පමණී කොටුව තනා තනි රකිනා සකි සඳුනී පිටුව පිටුව අහිමිව යන පොතක් වැනී තරග කුමට සොහොයුර පැරදුම මාගේ මතක කවි රැගෙන, යන්නෙමි බරබාගේ අකුරු පෙළහරට මතු හිරිහැර කාගේ ඔබට සිටිය හැකි කව් සිළුමිණ වාගේ වාසල පුරෝහිත අසලම තටු සළන ඈතට ඉගිල යන්නට රූපක සොයන සීතල දෙ අත පිරිමදිමින් කවි ලියන සෝයුර මෙ පුර නුඹට ය, නුඹට ම පමණ. මංජුල වෙඩිවර්ධන 20 සැප්තැම්බර්, 2011

සූරියෑවේ හන්දිය සහ සුසා

Image
සූරියෑවේ හන්දිය… ඔහෙත් එනවැයි යන්න වුල්ප් උන්නැහේ ගෙ උදවිය ආයෙමත් ඇවිදින් නඩු අහන සියඹලා ගහ යට පිට්ටැන්නකුත් හදාගෙන පන්දු කෙළියට කුරක්කන් ගානට ඉලක්කන් දාන පෝරුව යට ආරච්චිගේ නෑ කට්ටිය ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව ඒ කාලේ වාගේ නෙවෙයි කාට නං මතකක් ඇද්ද මීගහජඳුර ඕං දැං සූරියෑවේ හන්දිය සෙයිලම වාගේ ලොකුවට රෑ මද්දහන වෙනකං ලැයිට් පන්දං පත්තු කරගෙන සිළිඳුට වැහුනු යක් දෝසය ගිරිස් ඇඟ පුරා ලාගෙන පිළිකණු ගානේ යනවලු ගෑණු බය කර කර 2011-08-26 හෂිත අබේවර්ධන හෂිතගේ මේ කවිය මට මීගහජඳුර මතක් කළා. මවුආර ව්‍යාපෘතියේ ගත වුණු සොඳුරු කාලය යලිත් මතකයට නැගුණා. "මවු ආර" ඔලුවට එන හැම වේලෙම මතක් වෙන අනිත් සංකේතය තමයි "ඒ ඩී එස්"! ඒ. ඩී. එස්. ගුණවර්ධන මහත්මයා. මවුආර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ. "ඒ ඩී එස් මහත්තයා" එහෙම නැත්නම් "වතුර මහත්තයා" දැක්කම දුරක සිටම අපි සේරම ගල්භීත වෙනවා. "ඒඩීඑස්" කියන්නේ යක්ෂයෙක් වගෙයි ඒ කාලෙ අපි හැමෝටම දැනුණේ. ඒ 1998 දී විතර... ඒඩීඑස් මහත්මයා යක්ෂයෙක් වගේ අපට පෙණුනට එතුමා තරම් දක්ෂ- නීතිගරුක- අවංක රාජ්‍ය ස...

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*

Image
"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"* උගුරෙන් පහල ඇදී යද්දි ආමාෂය වෙත මට දැනුනා මගේ බර තුන්කාලකින් අඩු වුණු බව! දෙපා තැබූ සේ සඳ මත කවුළුවෙන් එපිට අහසෙ යම්තමින් බැබළුනු... පෙණ කැටි දහසක් කාබන්ඩයොක්සයිඩ් ගොර ගොර ගා උගුරට එද්දි සඳ වත මා කුස තුළ දියව ගියා... ඔන්ලයින් ආ කිසිවෙක් සේලයින් දිගේ ආවෙ නැති දිගු අන්ධකාර රාත්‍රියේ සෙත් කවි මුමුණන්නට ආ මැලේරියා මදුරුවාට අත දිග හැර චප්ප වෙන්න පහරක් දී ගත නොහැකිව ඇඳ මත දපා සිටියෙමි සඳ ගිලගත් රාහු සේ... නිමිත්ත * මංජුල වෙඩිවර්ධන ලියූ "යළි නිදන්නෙමි" (ඉස්පිරිතාල සිතිවිලි) කවිය සහ අගෝස්තු මාසයේ මුල මැලේරියා සැදී එක දිගට සති දෙකක් පමණ මා විඳි අපහසුතාවය, ඒ කවිය කියවද්දී නැවතත් ආගන්තුක කෝණයකින් මතක් වීම, මේ වදන් පෙළ ලියැවෙන්නට හේතු විය. ප.ලි. 1996 දී පමණ මා ද පෙණහළු ආශ්‍රිත අසනීපයකින් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී කුඩා කොපි පොතක ප්‍රමාණයේ කවි වැනි දෑ ලියා තැබූ බව මට මතකය. ඒ සිතිවිලි ද මා නම් කර තිබු‍ණේ "ඉස්පිරිතාල සිතිවිලි" යැයි මට යම්තමින් මතකය. ඒ සටහන් පොත මගේ විශ්...

"මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි"-මංජුල වෙඩිවර්ධන

Image
මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි" එළි දැක්වීම නිමිත්තෙන් පවත්වනු ල බන සාහිත්‍ය උළෙල  ජනවාරි 30 වන ඉරිදා සවස 3 ට  කොළඹ 7 නිදහස් මා වතේ  අංක 14 ද රන තැ න පිහිටි  ජාතික පුස්තකාල සේ වා මණ්ඩ ලයීය ශ්‍රවණාගාරයේ දී  පැ වැත් වෙයි. එහිදී "කවිය කොයිබටද? ප්‍රවණතාමය කවිය සහ කලාකරුවාගේ දිශානතිය" යන මැයෙන් දර්ශන මේදිස් සහ "කවියේ කාව්‍යාත්මක/ දේශපාලන නිමේෂය" යන මැයෙන් සුමිත් චාමින්ද දෙසුම් පවත්වති. වෙඩිවර්ධන (ෂේන් මැකෙල්වි සමග ) 1997 දි සිය මුල්ම කවි එකතුව වූ 'නිරුත්තර ස මාධිය' එ ළි දක්වූ අතර ඉන් පසු 'පිළිහුඩුවී', 'මධු සඳිනි මධු වි ත' යන කාව්‍ය සංග්‍රහයන් ද 'මේ ස්නේහයෙ කල්වාරියයි ' ගීත එකතුව ද පළ කළේය. වාරණය කරන ලද 'මේරි නම් වූ මරියා ' කෙටි කතා එකතුව ද 'බත්තලංගුණ්ඩුව' නවකතාව ද ඔහුගේ අනෙක් කෘතීන් අතර වේ. 'සමනලුන්ට වෙඩි තියන්න ' සහ 'ඇහි පිල්ලමක් යට' යන ප්‍රාසංගික ටෙලි නාට්‍ය පිටපත් රචනයෙන් ඔහු රූපවාහිනී මාධ්‍යයට ද සිය දායකත්ව ය සැපයුවේය. " මාතෘකාව...