මරණයේ මතක

ඒ අඳුරු මතකය මා සිත තුළ ඇවිලෙන්නේ මේ වැනිම අඳුරින් මා වැටලූ ඝණාන්ධකාර රාත්‍රීන්හිදී ය.

මාගේ සිරුර තුළ ජාලයක් සේ පැතිරුනු සියලු ස්නායු නාලිකා දියව සිහින් කෙඳිති ලෙස අතුරුදන් වෙද්දී ද මාගේ මතක රූප ඇටකටු තුළට කා වැදී ඒවායේ රසාණුවල ගැබ්ව තිබු සියළු ආලේඛ්‍යය හුණු බදාම වන් අස්ථි කැබලි අභ්‍යන්තරය හා හුවමාරු වන්නට ඇත. හිස්කබල් කුහරයේ ඉතිරිව ඇති මොළ ලොඳ කැදලි ඉසියුම් ක්ෂුද්‍ර ජීවීන්ගේ ද නලියන පණුවන්ගේ ද ආහාර බවට පත්වෙද්දීත් ඒවායේ සැඟව කිඳී තිබූ මාගේ මතකයන් රසාංශු ලෙසින්ම එම ක්ෂුද්‍රයන්ගේ මුඛයන් තුළින් වැගිර සෙමින් ගලා යමින් ශේෂව ඇති අබලන් ස්නායු රැහැන් ඔස්සේ තවතවත් සීසීකඩව ගලා ගොස් ඉතිරිව ඇති අස්ථි කොටස්වල එතුනු මෘදු මාංෂ කොටස් හරහා කාබනේට අස්සට රිංගා යන්නට ඇත.

නොඑසේ නම් ඒ රුදුරු මරණයේ මතක මගේ ඇටකටු අනුනාදයෙන් යලි ප්‍රතිනිර්මානය වන්නට කිසිදු ඉඩක් නොතිබුණි.

21/04/2014

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්