සොඳුර
සොඳුර
අපට මීටත් වඩා
හුදකලා විය හැකිය
හිස නො උස්සා
ඇස පහර නො ඉවසා
පියවර තැලෙන තැන ඇස ඔබා
පිය මැන යා හැකිය බෝ දුර
පාළු කාමරයක
සුපිරිසිදු ශීතල ගෙබිම මත
පත බා උඩුබැලියෙන් වැතිර
හිස් සිවිලිම වෙත
සිතිවිලි පා කර යවත හැක ඉනුත් බෝ දුර
සොඳුර
අපට මීටත් වඩා
හුදකලා විය හැකිය...
26-11-2011
අපට මීටත් වඩා
හුදකලා විය හැකිය
හිස නො උස්සා
ඇස පහර නො ඉවසා
පියවර තැලෙන තැන ඇස ඔබා
පිය මැන යා හැකිය බෝ දුර
පාළු කාමරයක
සුපිරිසිදු ශීතල ගෙබිම මත
පත බා උඩුබැලියෙන් වැතිර
හිස් සිවිලිම වෙත
සිතිවිලි පා කර යවත හැක ඉනුත් බෝ දුර
සොඳුර
අපට මීටත් වඩා
හුදකලා විය හැකිය...
26-11-2011
Comments