දම් පාට

දම් පාට

පාටක් නැති වතුර
වැටෙන විට නුඹ සිරුර මත
මතුවෙලා පෙනෙයි
නු‍ඹෙ පාට දම් පාට බව

සේදිලා ගිය විටෙක
මඩ පාට දූවිල්ල
මතු වෙලා පෙනෙයි
නු‍ඹෙ පාට දම් පාට බව

ඇද හැලෙන විට වැස්ස
අකුණු පුපුරයි හද ගැබ
සේදුනත් ඇඟ මස් ගොබ
ගිනි ගනී හද අබතුර

බොකුටු හැඩ ගැට ගෙතුණු
අකීකරු කොණ්ඩ මිස‍
නැත සිතක් ගැට ගැසුණු
උල් පතොක් කටු ඔටුණු

තෙත බරිත හරිත පැහැ
තුරු මුදුනක නිසොල්මන
නුඹේ දෑස් මත ඇඳෙයි
මොහොතකට පෙර සමුදෙන්න

හෙට ආයේ එනවාද
අපේ වැඩ බිමට නුඹ
දම්පාට කොල්ලනේ
රන් පාට සිත් පැළැඳ

ඩෝසන් ප්‍රීති
09/06/2011

[ඡායාරූපය බාමෙන්ඩාවේ වැඩ බිමෙනි]

Comments

රන්පාට හිත් ඇති හිස් බොකුටු දම්පාට කෙල්ලන් මැවෙයි දෙනෙත් අබියස, කඳුළක්ද කෙවෙයි ඇස් කොනේ නොවැටී බිමට. කාලෙකින් ඩෝසන්ගේ නිර්මාණයක් දැකීමත් සතුටක්... හැබෑට ඔය වැඩබිමේ මටත් වැඩකරන්න බැරිද ? මමත් දම්පාටයි....

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්