දිවි දොලදුක-සුසන්ත මූණමල්පේ

දිවි දොලදුක

අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදින
අර උස් කදු මුදුන් තරනය කොට
දිවි ගෙවමු අපි උදාරම් ලෙස
දිනෙක පැවසීය ඇය
තම දිවි දොලදුක

අහෝ සොදුරිය කදු හිස් යනු
අහස ජය ගනිමි යයි
සුනරුත් පැතුම් පොදි බැද
අතරමගදී මියගිය ගමනක
ඝනීභූතවූ නටබුන් වෙති
වඩා උස් කදු මුදුන් යනු
වඩා වැඩි කාලයක්
අර්ථවිරහිත ගමනක් ගියෝ වෙති

අපි හිදින් මේ තනි සමතලා බිම
ගමන ඇරබුමටද පෙර
වටහා ගත්තෙකිය ඒ නිසරු බව
ඉදින් සොදුරිය
හීන මානයට නොගනින්න මෙබිම මේ ලෙස
දිවි ගෙවුමු අපි සමතලා බිමක සරු ලෙස

සුසන්ත මූණමල්පේ
24/06/2011
මුහුණු පොතේ දී

අහස් කවියට ලැදි මූණමල්පේ ගේ මේ කවිය කියවීමෙන් මට ද යමක් ලියන්නට සිතුණි.


සොඳුරියක දොලදුක

තැනිතලා බිමක වාසය
අපූරුය-සරලය-නිහතමානිය
ඔබට...

එනමුත්

සොඳුරියක මෙන්ම
කඳු මුදුනක ඇති ගුප්ත බව
ඇස්මානයට හසු වන්නේ නැත
ඉඳහිට අසුවුව ද කවිකමකට...

කඳු මුදුන හැම විට
අභියෝගයක ලකුණකි
ශක්තිය උරගා බලන;
සොඳුරිය ද අභියෝගයකි
ලකුණු කිසිවක් නැති
ප්‍රතිශක්තිය උරගා බලන

සිතුවද තැනිතලාවක
සැතපී සිටින්නට සමනය කර
සොඳුරියක දොලදුක

සබඳ

නිරතුරුව හාරා ඔබ අවට පස
මතුකර ඔබ නිදන තැන උස්ව
තනනු ඇත ඈ රිසි වූ කඳු මුදුන
ඔබට කීමට කිසිවක්ම ඉතිරි නොකර...


පින්තූරය ගත්තේ මෙතැනින්

Comments

සම බිම
නුඹටත්
උස් මදි දාක?
Anonymous said…
නිදන බිම හාරා
සම බිම ක් , කඳු මුදුන සාදා
දුන් සොඳුරි සොදවා
නිදන බිම හාරා
සම බිම , වලක් සාදා
දෙන සොඳුරියත්
වෙනසක් නැත
Susantha said…
මෙ කවි දෙකම එක බිමක දැම්මට ස්තුතී,
මම එන්නෙ පහත් බිමක ඔබ තාමත් උස් බිමක,
මට යා යුතු දුර බොහෝ ඇත

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්