ඇනෝනිමස් ආතල් ?
මේ පෝස්ටය අමුතුම එකකි. මන්ද යත් ඊට පාදක වන හේතුවද අමුතුම නිසාය.
"ඇනෝනිමස් ආතල්" යනුවෙන් තමන් හඳුන්වා ගන්නා බ්ලොගයක් වටා පිරිසක් රොක් වී වඳුරකු අතපත් දැලි පිහියක් සේ තම තමන්ගේ ද අනුන්ගේද මුහුණු සහ බෙලි කපා ගන්නා තත්වයකට කිසියම් පිරිසක් පත්ව ඇතැයි දැන් දැන් බ්ලොග් අවකාශයේ කතාබහකට තේමා වී ඇත. කවුරුන් කවුරුන්ගේ මුහුණු බෙලි කපා ගත්තද කිසිම කාරියක් අපට නැතැයි කියා ගන්නා පිරිස්ද වෙති. මේ සියළු පිරිස් වලට පිටින් ඉන්නා තවත් සමහර පිරිසක් මේ අයගේ ක්‍රියාදාම නිසාවෙන් අපහසුතාවයන්ට පත්වෙති. ඒ අය අතර මම ද වන බැවිනි මේ කෙටි ලිපිය.
ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවියේ පළ වූ කූඹියාව ප්‍රශ්න කරන ආකාරයේ අපහාසාත්මක පෝස්ටයක කොමෙන්ටු අවකාශයේ එක් තැනක මෙයට මා ද සම්බන්ධ විය හැකියැයි කිසිවෙකු විසින් ලියා තබා ගොස් ඇත. එය දුටු වහා සයිබර් හිතවතකු වන සුජීව කොකාවල සහ මා මිත්‍ර හෂිත අබේවර්ධන මේ ගැන මා විමසූහ.
බූන්දියෙන් මා ඉවත් වූයේ කූඹියා සමග පෞද්ගලික ආරෝවකින් නොවේ. ඔහු හා කතා කිරීමට මට දැනට ද පුළුවනි. ඔහු ද ඒ නිදහස බුක්ති විඳී. මා බූන්දියෙන් ඉවත් වූ හේතුව පෞද්ගලිකව යම් අය ඇසූ විට මේ වන විට ප්‍රකාශ කර ඇති හෙයින් එයද පොදුවේ කාටත් දැන ගන්නට කිව යුතුයැයි මට සිතෙයි.
බූන්දියෙන් මා ඉවත් වූ පැහැදිලි හේතුව නම් සාමුහික වගකීම සහ තීරණ ගැනීමේ දී ප්‍රජාතාන්ත්‍රික වීම යන කාරණා සම්බන්ධව උපන් අර්බූදයක දී මාගේ යෝජනා කූඹියා විසින් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඔහුට තීරණයක් ගැනීමේ අවස්ථාව මා ලබා දුන් පසු ඔහු මා බූන්දියෙන් ඉවත් ව යන තත්වය ඉවසූ බැවිනි.
ඉන් සියල්ල සමාප්තියට පත් විය. ඉන්පසු කූඹියාගෙන් හෝ බූන්දියෙන් හෝ විකල්ප ලෙස පලි ගැනීමේ හෝ ගතු කීමේ ව්‍යාපෘති මට අවශ්‍ය නොවීය. ඉන්පසු කාලය මා ගත කළේ වඩාත් නිදහසකිනි. කෙසේ වුවද බූන්දියෙන් ඉවත් වන්නට මා ගත් තීරණය අතිශය නිවැරදි බැව් පිළිගන්නා අල්ප පිරිසක් ද මා සමග වෙති.
එකට කණ්ඩායම්ගතව වැඩ කර ඉන්පසු ප්‍රතිපත්තිමය හේතු මත වෙන්ව ගිය මා හට නැවත කූඹියා හෝ බූන්දිය හෝ අපහසුතාවයට පත් කිරීමේ අවශ්‍යතාවයක් නැත.
එමෙන්ම එකට වැඩ කර සහෝදරත්වයෙන් සාමුහික ජීවිතය අගය කර බිඳී ගොස් එකිනෙකා පාවා දීමේ පටු අදහස්ද මා තුළ නැත්තේය.
එහෙයින් මේ ලිපිය හෝ අන් යමක් වෙනුවෙන් මාගේ සම්බන්ධය විමසීමට තරම් අකාරුණික වී මා මෙන්ම අන් අයද අපහසුතාවයට පත් නොකරන මෙන් බ්ලොග්වාසී සියලු ප්‍රාණීන්ගෙන් කාරුණිකව අයැද සිටිමි.
බූන්දියේ කටයුතු සම්බන්ධව ද ඒ හා බැඳුනු අතීතයේ මාගේ අත්දැකීම් ද යළි යළිත් හාරා අවුස්සමින් මා ප්‍රශ්න කරන සහෘදයන්ට කීමට ඇත්තේද එපමණි.
Comments
වැදගත් වන්නේ සුපිරිසිදු චරිත නඩත්තුව ගැන අප්‍රමාණ ලෙස වෙහෙසීම නොව සමාජයට වැඩදායී යමක් කිරීමය.
එහෙයින් මේ පෝස්ටය ප්‍රසිද්ධ කරමින් අනියම් ආකාරයකින් එයට උදව් කිරීමක් මාගේ මේ උත්සහයේ ඇත්නම් එය නොවැලැක්විය හැකි අතුරු ප්‍රතිඵලයක් විනා මගේ සවිඥානික වුවමනාවක් නොවේ.
Dawson P
dura inna sathuragen nowa lagama inna miturangen prawesham wanna. wisheshayen me dawas wala oyage lagama karakena upa grahayagen...........
I salute you Sir...!!!
කවුරු ලීවත් කාට කවුරු පෙන්වන්න ඕන උනත් මගේ පැත්තෙන් නම් මෙන්න මෙහෙම අදහසක් තියෙන්නේ.. කොටින්ම පෞද්ගලික හිතවත්කම් සමහර කාලයක් ගිහින් වෙනස් උනාම මෙහෙම කෙනෙකුට පහර දෙන එක මහ නින්දිතයි කියලා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න තරම් පහත් තත්වයකට මේ අපි වගේ අය ඇද වැටෙයි කියලා හිතන්න මම නම් කැMඅති නෑ.
මට නම් යම්කිසි දවසක යමෙකුට යමක් කියන්න උනොත් මම ඒ කෙනාට ඒක මූනටම මිසක් මේ වගේ දෙකේ තුනේ බ්ලොග් වල ලියන්නේ නෑ.
( සමාවෙන්න ඕන මේක මෙතන ලීවට. මම කමෙන්ට් දාන්න තරම් හොඳ වාක්‍ය ටිකක් අනිත් බ්ලොග් එකේ තිබ්බේ නෑ.. )
සමාව දෙන්නම් මෙතන ඇවිත් මේව ලීවට. නමුත් මට මේ කිසිවක් අදාල නැහැ. මා ගැන හෝ අන් කවරෙක් ගැන හෝ ඇති වූ මානුෂික හැඟුමට ගරු කරනවා. ස්තුතියි.
Dawson P