සෙමට පිතට ආදරය සහ පේ‍්‍රමය
සෙමට පිතට ආදරය සහ පේ‍්‍රමය
නුඹ දෝතින් ගෙනා
හිස් හෙප්පුව
මට පෙනුනා බුලත් කොල අතුරුදන් වෙලා
හෙප්පුව පතුලේ මම දැක්කෙ
එක්තැන් වෙච්ච තාත්තා
නුඹෙ ඔසරියේ රැලි වලා පොටෙ
හීන් රටා ගල් බිංදු වැල
සුළගට පැද්දුනේ නැහැ
තාත්තාගෙ සුසුමටයි
ඔපනැලි රැගුවෙ
මම විතරයි
ඒ රැලි දැක්කේ
පණ ගහන ලූල්ලු වගේ
නුඹෙ ඇස්වල
කළුම කළු ඉංගිරියාවෙ
ඇඳිලා තිබ්බෙ
එහා ලෝකයක සිතියමක්
ටෙක්ටෝනික් ප්ලේට්; වතුරෙන් මතු උන
අඳුරු සොහොන් ගැබක් තරම්
නිශ්චල
ඩයිනෝසරයන් වැළලුන
මම බුලත් හෙප්පුව අතට ගත්තා.
නුඹ දෝතින් ගෙනා
හිස් හෙප්පුව
මට පෙනුනා බුලත් කොල අතුරුදන් වෙලා
හෙප්පුව පතුලේ මම දැක්කෙ
එක්තැන් වෙච්ච තාත්තා
නුඹෙ ඔසරියේ රැලි වලා පොටෙ
හීන් රටා ගල් බිංදු වැල
සුළගට පැද්දුනේ නැහැ
තාත්තාගෙ සුසුමටයි
ඔපනැලි රැගුවෙ
මම විතරයි
ඒ රැලි දැක්කේ
පණ ගහන ලූල්ලු වගේ
නුඹෙ ඇස්වල
කළුම කළු ඉංගිරියාවෙ
ඇඳිලා තිබ්බෙ
එහා ලෝකයක සිතියමක්
ටෙක්ටෝනික් ප්ලේට්; වතුරෙන් මතු උන
අඳුරු සොහොන් ගැබක් තරම්
නිශ්චල
ඩයිනෝසරයන් වැළලුන
මම බුලත් හෙප්පුව අතට ගත්තා.
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
200904
Comments
අහස් උසට තට්ටුවෙන් තට්ටුවට
එහෙන් එහෙන් දැන් මෙහෙට
සායං ඔපනැලි
සුසුම් සලයි
මුල්ලක