සියළු ඇනෝනිමස්ලාට ආදරෙන්
සියළු ඇනෝනිමස්ලාට ආදරෙන්
To Anonymous with love
පික්සල් පලාගෙන එන අදිසි නමක්
නන්නාඳුනන තුවක්කුකරුවෙක්
ඇනෝනිමස්
anonymous
මිනිසත් භවයේ නවතම ආත්ම
බහු ආත්මික මිනිසුන්ගෙන්
ඔව් උනට ආත්ම ගොඩයි
ඇනෝනිමස්
කෙලෙස හඳුනා ගන්න ද මෙ
භූමිකාව සබඳ; ඇනෝනිමස්
බසයක නන්නාඳුන ගැහැණියකට හේත්තු වූවා වැනි
දිගට හරහට තවයිසිත ගත
උරයි මනසින් ඇගේ රොනවුල්
නන්නාඳුනන ගැහැණියක් ඇය
කෙලෙස හිරි බිය නැති කළ ද කම් නැත
නන්නාඳුනන ගැහැණියකි ඇය
ඈ මගේ මව නොවෙයි;
ඈ මගේ සොයුරිය නොවෙයි;
ඈ මගේ මිතුරියක නොවෙයි;
ඈ මගේ ඥාතියකු නොවෙයි;
ඈ මගේ කිසිවකු නොවෙයි;
ඉතින් කම් නැත
ඒ ඇගට හේත්තු වූවාට
එය යුද පිටියක බටයකු අතට පත්
තවත් එක් සතුරු සන්තකයක් පමණි
රිසි සේ එය හසුරුවන්නට
අයිතිය ඇත- ඇය ඇයට හිමි නැත
ඇය හඩ නොනගයි
මුනිවත ඉවසයි
ඈ සිතින් ශාප කරයි
එය නුඹට නෑසෙයි
බසය නොව සයිබරය
ගැහැණු නොව බ්ලොග්වලට
ඉව කරන සලෙළන් ද
මෙ අලුත් ඇනෝනිමස්?
ආත්මයක් නැති
නිර්නාමික; ශරීර නැති
ඒ බඹ ලොව නොව මෙ සයිබරය
මෙ අපි සැරිසරන සයිබරය!
බඹලොව පරදන නම මිස කය නැති
සිත නැති කුස ඇති රහසග නැති
අංගය සිඳ ගත් අනංගලා
ඇනෝනිමස් ලෙස
ජැක් එක නැතිව
ගැහැණුන්ට ජැක් ගහන!
තම සිතැගි පුපුරුවා ලන
ඇනෝනිමස්
බඹලොව පරදන නම මිස කය නැති
බ්ලොග් අස්සේ ජැක් ගහන
ජැක් එක නැති
ඇනෝනිමස්
සබඳ ඇනෝනිමස්
අපි සපථ කරමු
නුඹලාගේ නැතිවුන රහසග
සොයා දෙන්නට
එතකන් බ්ලෝග් අස්සේ
ජැක් ගැහැව්වා යැයි තුටින්
කල් යවනු මැන
ඇනෝනිමස්
anonymous
ඩෝසන් ප‍්‍රීති
200904
To Anonymous with love
පික්සල් පලාගෙන එන අදිසි නමක්
නන්නාඳුනන තුවක්කුකරුවෙක්
ඇනෝනිමස්
anonymous
මිනිසත් භවයේ නවතම ආත්ම
බහු ආත්මික මිනිසුන්ගෙන්
ඔව් උනට ආත්ම ගොඩයි
ඇනෝනිමස්
කෙලෙස හඳුනා ගන්න ද මෙ
භූමිකාව සබඳ; ඇනෝනිමස්
බසයක නන්නාඳුන ගැහැණියකට හේත්තු වූවා වැනි
දිගට හරහට තවයිසිත ගත
උරයි මනසින් ඇගේ රොනවුල්
නන්නාඳුනන ගැහැණියක් ඇය
කෙලෙස හිරි බිය නැති කළ ද කම් නැත
නන්නාඳුනන ගැහැණියකි ඇය
ඈ මගේ මව නොවෙයි;
ඈ මගේ සොයුරිය නොවෙයි;
ඈ මගේ මිතුරියක නොවෙයි;
ඈ මගේ ඥාතියකු නොවෙයි;
ඈ මගේ කිසිවකු නොවෙයි;
ඉතින් කම් නැත
ඒ ඇගට හේත්තු වූවාට
එය යුද පිටියක බටයකු අතට පත්
තවත් එක් සතුරු සන්තකයක් පමණි
රිසි සේ එය හසුරුවන්නට
අයිතිය ඇත- ඇය ඇයට හිමි නැත
ඇය හඩ නොනගයි
මුනිවත ඉවසයි
ඈ සිතින් ශාප කරයි
එය නුඹට නෑසෙයි
බසය නොව සයිබරය
ගැහැණු නොව බ්ලොග්වලට
ඉව කරන සලෙළන් ද
මෙ අලුත් ඇනෝනිමස්?
ආත්මයක් නැති
නිර්නාමික; ශරීර නැති
ඒ බඹ ලොව නොව මෙ සයිබරය
මෙ අපි සැරිසරන සයිබරය!
බඹලොව පරදන නම මිස කය නැති
සිත නැති කුස ඇති රහසග නැති
අංගය සිඳ ගත් අනංගලා
ඇනෝනිමස් ලෙස
ජැක් එක නැතිව
ගැහැණුන්ට ජැක් ගහන!
තම සිතැගි පුපුරුවා ලන
ඇනෝනිමස්
බඹලොව පරදන නම මිස කය නැති
බ්ලොග් අස්සේ ජැක් ගහන
ජැක් එක නැති
ඇනෝනිමස්
සබඳ ඇනෝනිමස්
අපි සපථ කරමු
නුඹලාගේ නැතිවුන රහසග
සොයා දෙන්නට
එතකන් බ්ලෝග් අස්සේ
ජැක් ගැහැව්වා යැයි තුටින්
කල් යවනු මැන
ඇනෝනිමස්
anonymous
ඩෝසන් ප‍්‍රීති
200904
Comments
මේ කවිය ගැන නම් කියන්නම දෙයක් තියෙනවා.පසු ගිය දවස්වල දැකපු දේවල් එක්ක.
මාත් බලනවා සිංහල බ්ලොග් වල අන්තිම කාලෙ ඊනියා මාෆියා චරිත ගොඩ නැගෙනවා.ගොඩාක් වෙලාවට තමන් හිතන දේ නෙමෙයි මේ අය ලියන්නෙ රැල්ලට.අනිත් අයට අපහසු වෙන්න දේවල් එහෙම නැත්නම් කියවන අයට මේ මිනිස්සුන්ව එපා වෙන්න නිකම් හිස් වචන ගොඩාක්.
ඒ විතරක් නෙමෙයි මේ අය proper ID එකකින් ලියන්නෙත් නෑ.මට හිතෙන්නෙ හරියට කොන්දක් නැති මිනිස්සු වගේ.ඇයි මේ අයට බැරි තමන්ගෙ මතය අනිත් අයට annonyms නොවී කියන්න? මට හිතෙන්නෙ මෙයාලට ඉන්ටෙර්නෙට් කියන්නෙ අනුන්ගෙ ඇන්දුම් හොදන තැනක් වගේ...
අඩුම තරමින් තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න තියෙන අයිතියටවත් මේ මිනිස්සු ගරු කරනවාද මන්දා.නැත්නම් එහෙම අයිතියක් තියෙනව කියලවත් මේ annonyms ල දන්නවාද මන්දා.
එන්න අපි කොන්දක් නැති මිනිස්සු නොවී ලියන්න ගමු?
ath itin mama nam expect karagena inne mekata anonymous comment ekak me kaviyata... :-)
මෙතන නම් ඇනොනිමස්ලාට ඉඩ නෑ වගේ. ඇනොනිමස් ගැන මගේ මතයත් මෙතනම ඉදිරිපත් කරන්නම්. මේ කතන්දරේ මම මීට කලින් ගම්පොළයා බ්ලොග් අඩවියෙ ලියල තිබුණා. නමුත් ඒ බ්ලොග් එක දැන් missing.
සමහර වෙලාවට කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් යමක් පිළිබඳ කතා කරන්න. ඒත් ඒ මාතෘකාව පිළිබඳ කතා කිරීම නිසා ඒ පුද්ගලයාට සමාජයෙන් අනවශ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිර්නාමිකත්වය බ්ලොග්කරණයට, නිදහස් අදහස් සංසරණයට වැදගත්. මගේ බ්ලොග් එකේ නිර්නාමික අදහස් වලට ඉඩ දීල තියෙන්නෙත්, comment moderation අක්‍රිය කර තිබෙන්නේත් ඒ අර්ථයෙන්.
ඒත්,
1. නිර්නාමිකව කුණුහරුප හා නන් දොඩවනවා නම්,
2. නිර්නාමිකත්වය පාවිච්චි කරල අනුන් එක්ක තියෙන පුද්ගලික තරහවල් සංසිඳවගන්න උත්සාහ කරනවනම්,
3. අනුන්ගේ නම් වලින් පෙනී සිටිනව නම්,
ඒකෙන් හැඟවෙන්නෙ නිර්නාමිකයා මුහුණ නොපෙන්වා ස්වකීය නිමිත්ත රහිත නිරුවත පෙන්වීමක්.
අනෙක.. සියළුම නිර්නාමිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා හැකිනම් claimIDහි තමන් කැමති අන්වර්ථ නමක් ලියාපදිංචි කරගන්නා ලෙස. එතකොට පිළිවෙලයි නේද?
Machan,
Mun mewa walin igena ganiyi. Adu gane nirmanasheeliwa kunuharupa kiyana widiha.
mage adahasa nam,
Kunuharupayak wunath wadinna liyanna krama thiyanawa.