ආවර්ජනය


බීජයක් තබා දෝතින් සයනය මත
විවර කරමි උළු වහලය අහසට
වළාකුළු තැම්බූ වතුර කැට
ඇද වැටෙන්නට සලස්වමි තෙත බරිත හීනය මත

දළු ලා නොවැඩෙන අඟුරු කැටයක
ධවල පැහැය ඇති කරවන ආදරය
හදවතින් වෑස්සෙන්නට ඉඩ හැර
ජීවය අත් හරිමි ගෙන ආ මෙතෙක් දුර

දිරාපත් වන සයනය මිස
හදවතක් දං දුන් මිනිසෙකු පිළිබඳ
පුරා වතක් නැති බව
දනී දළු ලෑ එ රුක මිහි මත


20/10/2013

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු