මරණය අමතකව

කාටවත් මතක ද
මා මිය ගිය හැටි?
අනේ
කවුරුවත් දුටුව ද
මා පණ නල
වා තලයට මුසුව ගිය හැටි?

නොදුටු අයගෙන් නොවිමසමි
දුටු අය
නොදුටු අයටත් වඩා
නොදුටු බැවින්
ඒ අය ද නොවිමසමි

මට අමතකය මා මිය ගිය බව
මට අතපසු වී ඇත
වැළලෙන්නට නියමිත තැන
කිසිවෙකුත් මට මතක් කර නොදෙන
ඒ අමතකව ගිය රමණීය මරණය

කවුරුන් විසින් සඟවාලන්න ද
කුමට සඟවාලන්නද
මගේ නිහඩ මරණය?
හඩක් නොමැතිවම මිය ගිය
මගේ නිහඩ මරණය
කන් බිහිරි කරවූ හඩ මැද

මා මගේ අමතකය නිසාවෙන්
ඔබ අතර තවමත් ගැවසෙමි
කරුණාකර
මට මතක් කර දෙන්න
මා මිය ගිය බව...

මා මෙන් නොව ඔබ
සදාකල් ජීවත් වනු ඇත

එනමුදු මා මළ මතකය
සදාකල් ජීවත් වන ඔබගේ
මරණය
අමතක වන සෑම මොහොතක
යලි යලිත් මතක් කරමින්
සැරිසරනු ඇත ඔබමොබ

ඔබට ද
සදාකාලික අමතකයකි
මගේ මරණය!


Comments

Unknown said…
"නොදුටු අයගෙන් නොවිමසමි
දුටු අය
නොදුටු අයටත් වඩා
නොදුටු බැවින්
ඒ අය ද නොවිමසමි"

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්