ආලෝකයට වඩා වේගවත් අඳුර...

නිමිත්ත: ආලෝකයේ වේගය ඉක්ම වූ නියුට්‍රිනෝ අංශු

අඳුර කොතරම් වේගෙකින්
ඒ ද අප වෙත?
කවුරුවත් ගණන් හැදුව ද
ඝණ අන්ධකාර උමං නල තුළ?

රාත්‍රියටත් පෙර
හිරු නිවෙන්නටත් පෙර අහස කෙළවර
අඳුර එන හැටි ජීවිතය ඇතුළට
කිසිවෙකුත් ගණන් බැලුව ද?

වළාකුළකට වැසෙන්නට පෙර
හිරු කෙඳිති සීරා වැටෙන්නට පෙර
අඳුරු සේයා පතිත වන යුර
කවුරුන් හෝ දෑසින් දුටුවෙද?

නියුට්‍රිනෝ අංශුවකටත් වඩා වේගෙන්
අඳුර පතිත වෙයි කොළඹ අහසින්

04/10/2011

Comments

``` Outsider``` said…
ඒකෙ වේගය හොයනව තියා ඒක එහෙම ගලා ගෙන එනව කියලවත් දකින්න, පිළිගන්න වගකිව යුතු කව්රුත් නෑනෙ.
Anonymous said…
අඳුර අප තුළම උපතේ සිට පවත්නා වූ දෙයකි. ආලෝකය අප වෙත පැමිණෙන තෙක්.
ශිෂ්ටාචාරගතවීම ලෙස කෙටියෙන් පවසන්නේ එයයි. :)

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්