වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි


වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි

නුඹයි ක්ෂිතිජය
කළු කුහර වාටිය
ලිස්සා යමි පතුලට
ආපසු‍ නොඑන්නට

උරාගත් වචනය
නැවත වමාරන්නට
නොහැකි ගුරුත්වය
පතුලේ සැඟව මම

වාෂ්ප වන දිනක කුහරය
මා‍ගේ වචන ද අතුරුදන් වනු ඇත
ශක්ති සංස්ථිති නියමය දෙදරන
කළු කුහර බහිරවය; මම ඔතැන!

‍ඊ ඒ ඩෝසන් ප්‍රීති
04/2010

Comments

mahesh said…
අනේ මට අද ඔයාලගෙන් පොඩි උදව්වක් ඔනේ මම වෑඩ කරන්නේp3 computer මට අලුත් එකක් ගන්න උදවු කරන්න ඔයලට තීයෙන්නේ මෙ මම දෙන link එක clik කරන එක ව්තරයි 1 අයෙක් එක පරක් clik කරන්න ඔයලට පින් http://www.e-castig.com/index.php?r=x1xcL mama mahesh
mahesh said…
අනේ මට අද ඔයාලගෙන් පොඩි උදව්වක් ඔනේ මම වෑඩ කරන්නේp3 computer මට අලුත් එකක් ගන්න උදවු කරන්න ඔයලට තීයෙන්නේ මෙ මම දෙන link එක clik කරන එක ව්තරයි 1 අයෙක් එක පරක් clik කරන්න ඔයලට පින් http://www.e-castig.com/index.php?r=x1xcL
``` Outsider``` said…
හරිම ලස්සන අදහසක්.. සුන්දරව පෙල ගස්වල.. ඇත්තටම හොඳයි..
රවා said…
ලැබෙන හැමදෙම උරා ගන්නවා.. පිටට කිසිදෙයක් යන්නෙ නැහැ කියලා හිතුවට..ඔයාට වෙන්න දෙවල් කිපයක් තියනවා.. එකක් සමාන්තර විශ්වයකට පිවිසිම.. කාලයෙන් පිටිපසට යැම..ඔයාව කැලි වලට කැඩි බිදි යැම.. බයවෙන්න එපා තාරකාව හැදෙන තැනදි එකෙ නැවුම් ආලොකය විදින්න ඔබට ආපහු එන්න වෙනවා.. කවියෙ නමයි ... ඔයා ලියලා තියන දෙයයි ගැලපෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා......
ඩෝසන් said…
@රවා

මම සස්කින්ඩ් ගේ හොලෝග්‍රැෆික් යුනිවර්ස් පොත කියවමින් ඉන්නවා. සස්කින්ඩ් සහ හෝකින්ස් අතර සිදුවෙමින් පැවති විවාදය ගැන මට හිතුනේ මම වඩාත් ලං වන්නේ සස්කින්ඩ්ගේ පැහැදිලි කිරීමට කියලයි. ඒ අනුවයි මේ කවියේ මම ක්වොන්ටම් ඒකත්වය බිඳ වැටීම සමච්චල් කරල තියෙන්නේ.

මේ අදහස් වැඩිදුර අධ්‍යය‍නයේදී වෙනස් වෙන්නටත් පුළුවන්. මගේ අදහස හොඳින් මතක තබා ගැනුමට මේ නිර්මාණය කළා පමණයි.

ප්‍රතිචාරයට ස්තුතියි.
GOOD STUFF
KEEP WRITING

PLEASE CHECK THIS OUT AND SHARE IT WITH YOUR FRIENDS,

http://kurutu-gee.blogspot.com/2010/04/pdf-vol-01.html
රවා said…
An Introduction to Black Holes, Information and the String Theory Revolution: The Holographic Universe

ඔබටත් ඔබෙ පවුලෙ සියල්ලන්ටත් ..
සුභ අලුත් අවුරුද්දක් වෙවා කියා පතනවා
Dawson said…
ස්තුතියි ගොඩක් මේ ලින්ක් එකට.

ටෙන්සර් කැල්කියුලස් ගැන උනන්දු ද? තවම ඒ ගැන වචනයක් වත් කතා කරන්න කෙනෙක් මුණ ගැහිලා නැහැ මේ අවකාශයේ.

ඒ වගේම

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර ජයග්‍රාහී වසරක් වේවායි පතමි.

Dawson Preethi
රවා said…
එහෙනම් අපි දෙන්නා මෙහෙම කතා කරලා බැහැ..

thushara.ravindra@gmail.com

මම ඉගෙන ගන්න ආසකරෙ ගණිත ගුරුවරයෙක් වෙන්න.. නමුත් උසස් පෙළ හොදට සමත් උනාම හැමොම කිව්වා බුරු වැඩ කරන්නෙ නැතුව ඉංජිනියර් කෙනෙක් වෙයන් කියලා.. මම එකට ඉගෙන ගත්තට ආසවක් නැහැ.. ඔයා මොනවද කරන්නෙ..?

මෙන්න මම තව ලින්ක් හොයා ගත්තා..
මෙතන තියනවා MIT Lectures

මමත් ආසයි ගණිතය ගැන කතා කරන්න.. එ වගෙ තියන අමාරු තැන් ගැන ඉගෙන ගන්න..

tensor calculus, කැම්පස් එකෙ මොඩියුල් වල තිබුන්නෙ නැති වුනාට මම ටිකක් ඉගෙන ගත්තා.. මට මෙල් එකක් දාන්න.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්