වාෂ්ප වන කළු කුහරයකට මම ඇද වැටෙමි
වාෂ්ප වන කළු කුහරයකට මම ඇද වැටෙමි
නුඹයි ක්ෂිතිජය
කළු කුහර වාටිය
ලිස්සා යමි පතුලට
ආපසු නොඑන්නට
උරාගත් වචනය
නැවත වමාරන්නට
නොහැකි ගුරුත්වය
පතුලේ සැඟව මම
වාෂ්ප වන දිනක කුහරය
මාගේ වචන ද අතුරුදන් වනු ඇත
ශක්ති සංස්ථිති නියමය දෙදරන
කළු කුහර බහිරවය; මම ඔතැන!
ඊ ඒ ඩෝසන් ප්‍රීති
04/2010
නුඹයි ක්ෂිතිජය
කළු කුහර වාටිය
ලිස්සා යමි පතුලට
ආපසු නොඑන්නට
උරාගත් වචනය
නැවත වමාරන්නට
නොහැකි ගුරුත්වය
පතුලේ සැඟව මම
වාෂ්ප වන දිනක කුහරය
මාගේ වචන ද අතුරුදන් වනු ඇත
ශක්ති සංස්ථිති නියමය දෙදරන
කළු කුහර බහිරවය; මම ඔතැන!
ඊ ඒ ඩෝසන් ප්‍රීති
04/2010
Comments
මම සස්කින්ඩ් ගේ හොලෝග්‍රැෆික් යුනිවර්ස් පොත කියවමින් ඉන්නවා. සස්කින්ඩ් සහ හෝකින්ස් අතර සිදුවෙමින් පැවති විවාදය ගැන මට හිතුනේ මම වඩාත් ලං වන්නේ සස්කින්ඩ්ගේ පැහැදිලි කිරීමට කියලයි. ඒ අනුවයි මේ කවියේ මම ක්වොන්ටම් ඒකත්වය බිඳ වැටීම සමච්චල් කරල තියෙන්නේ.
මේ අදහස් වැඩිදුර අධ්‍යයනයේදී වෙනස් වෙන්නටත් පුළුවන්. මගේ අදහස හොඳින් මතක තබා ගැනුමට මේ නිර්මාණය කළා පමණයි.
ප්‍රතිචාරයට ස්තුතියි.
KEEP WRITING
PLEASE CHECK THIS OUT AND SHARE IT WITH YOUR FRIENDS,
http://kurutu-gee.blogspot.com/2010/04/pdf-vol-01.html
ඔබටත් ඔබෙ පවුලෙ සියල්ලන්ටත් ..
සුභ අලුත් අවුරුද්දක් වෙවා කියා පතනවා
ටෙන්සර් කැල්කියුලස් ගැන උනන්දු ද? තවම ඒ ගැන වචනයක් වත් කතා කරන්න කෙනෙක් මුණ ගැහිලා නැහැ මේ අවකාශයේ.
ඒ වගේම
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර ජයග්‍රාහී වසරක් වේවායි පතමි.
Dawson Preethi
thushara.ravindra@gmail.com
මම ඉගෙන ගන්න ආසකරෙ ගණිත ගුරුවරයෙක් වෙන්න.. නමුත් උසස් පෙළ හොදට සමත් උනාම හැමොම කිව්වා බුරු වැඩ කරන්නෙ නැතුව ඉංජිනියර් කෙනෙක් වෙයන් කියලා.. මම එකට ඉගෙන ගත්තට ආසවක් නැහැ.. ඔයා මොනවද කරන්නෙ..?
මෙන්න මම තව ලින්ක් හොයා ගත්තා..
මෙතන තියනවා MIT Lectures
මමත් ආසයි ගණිතය ගැන කතා කරන්න.. එ වගෙ තියන අමාරු තැන් ගැන ඉගෙන ගන්න..
tensor calculus, කැම්පස් එකෙ මොඩියුල් වල තිබුන්නෙ නැති වුනාට මම ටිකක් ඉගෙන ගත්තා.. මට මෙල් එකක් දාන්න.