ස්තුතියි පෝරමිතියස්
හැන්දෑවෙ කාමරෙන් එලියට ආවෙ
දුම්වැටිය දල්වන්න
ඈත ආකහේ රන්පාට ඉරෙන් ගින්දර ගන්න
පියාඹලා යන මොක්කුන්ද කුරුල්ලෝ වගයක්
ගිනි කුරුල්ලෝ...වෙන්නැති
හදිසියේ පෝරමිතියස් මෙන්න
ගින්දර අරං ඇවිත් මා ඉස්සරහම
දල්වගෙන අලියා ගිනි කූරක්
දෙවියො වෙන්නැති අර ඈත ඔරවන් ඉන්නේ
ඈතින් කඳු මුදුනේ...
ඔවු දෙවියො තමයි
තරහයි මට ගින්දර දුන්නට
අන්න පෝරමිතියස් ගිජිකුළු පව්වෙ
දම්වැල් ලා ගැට ගහලා
දෙයියො දඩුවම් දීලා ප්‍රොමිතියස් ට; අහිංසක
මම දුම් වළලු මැදින් දැක්කා
අර ගින්දර සොයා ගිය ගිනි කුරුල්ලෙක්
පෝරමිතියස්ගෙ අක්මාවට කොටනවා
මහ මෙරත් නො ඉවසන දඩුවමක්!
දුම්වැටිය දල්වන්න
ඈත ආකහේ රන්පාට ඉරෙන් ගින්දර ගන්න
පියාඹලා යන මොක්කුන්ද කුරුල්ලෝ වගයක්
ගිනි කුරුල්ලෝ...වෙන්නැති
හදිසියේ පෝරමිතියස් මෙන්න
ගින්දර අරං ඇවිත් මා ඉස්සරහම
දල්වගෙන අලියා ගිනි කූරක්
දෙවියො වෙන්නැති අර ඈත ඔරවන් ඉන්නේ
ඈතින් කඳු මුදුනේ...
ඔවු දෙවියො තමයි
තරහයි මට ගින්දර දුන්නට
අන්න පෝරමිතියස් ගිජිකුළු පව්වෙ
දම්වැල් ලා ගැට ගහලා
දෙයියො දඩුවම් දීලා ප්‍රොමිතියස් ට; අහිංසක
මම දුම් වළලු මැදින් දැක්කා
අර ගින්දර සොයා ගිය ගිනි කුරුල්ලෙක්
පෝරමිතියස්ගෙ අක්මාවට කොටනවා
මහ මෙරත් නො ඉවසන දඩුවමක්!
ගින්දර දුන්නට ස්තුතියි පෝරමිතියස්
මම මගේ පෙණහල්ල තවනවා
උඹ අක්මාව දන් දුන්නට
මගේ ගින්දර අවුලන්න
උඹ ගලක් උඩ වැතිරිලා
ගිනි කුරුල්ලන්ට අක්මාව කන්න ඇරලා
වෙදනාවෙන්
මගේ නිදහස ගැන උදම් අනනවා...
මම විතරක් නිදහසේ ඇවිදිනවා
තාමත් දුම් බොනවා...
ස්තුතියි පෝරමිතියස් !
අපි දෙන්නම
එක වගෙයි...
ඩෝසන් ප‍්‍රීති 200904
Comments
මට ෆිල්ම් එකක වගේ ඔයාගෙ කවිය එකින් එකට මැවෙනවා.
ප. ලි.
මේ වගේම දුමක් දාල ඒ දුම ඈත්වෙලා යනවා වගේ අපේ හිත් වල තියෙන දේවලුත් ඈත් වෙලා යනව නම්?
keep it up !!!!!!!!
And according to this article, I totally agree with your opinion, but only this time! :)