Posts

Showing posts with the label Boodee Keerthisena

බූඩි සමග කතා බහක්

Image
බූඩි සමග කතා බහක් සිනමාව ගැන කතා කරන්නට සිනමාකරුවකු සමග අවස්ථාවක් ලද්දෙන් අප සිනෙසිටියට කල්තියා ගියේ ඉමහත් බලාපොරොත්තුවෙන් සිත් පුරවා ගෙනය. අප සිතුවාටත් වඩා උද්‍යෝගයෙන් මඩනා ලද තරුණ තරුණියන් පිරිසක් බූඩි සමග කතාබහක් සඳහා පැමිණ සිටීම තරුණ පරම්පරාවේ සිනමා අවබෝධය පිණිස උනන්දුව විදහා දක්වන්නක් වීම මෙහි ලා සඳහන් කරනු වටනේය. සිනමාව යනු පෙරළා ජීවිතය දෙසම හෙලන බැල්මක්ය යන ආස්ථානයෙන් ඇරඹි කතාබහ වෙළඳ දැන්වීම් කලාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ නොපවතින විචාරාත්මක ගනුදෙනුව දක්වාම විහිදී ගියේය. සිනමා කව තුළින් මතු විය යුතු ජීවිත ගවේෂණ යනාදියේ මූලික අදහස් ද සිනමාවේ ‍මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් ගැනද මතු වූ අදහස් වැදගත්ය. සිනමා කෘතියක් නැරඹීමේ සිට එහි ෂානරයන් සහ ආඛ්‍යානයන් හඳුනා ගැනීමද ලෝක සිනමාව පිළිබඳ කෙරෙන සමාලෝචනය ද අබ්බාස් කියොරස්තාමි ගැන සඳහන් වූ අදහස් ද රසවත්ය. එබඳු සාකච්ඡාවට බඳුන් වූ දේ වඩාත් දීර්ඝ ලෙස ලියන්නට ඇත්නම් වඩාත් අගේය. ලංකාවේ කලා නිශ්පාදන වෙනුවෙන් කණ්ඩායම් ගත වීමේ නොහැකියාව ගැන බූඩි දැක්වූ අදහස් ද කොතරම් ප්‍රායෝගික දැයි අපට නොයෙක් වර සිතුනි. තවත් දිනෙක තවත් බොහෝ සිනමා සිතුවිලි සාකච්ඡාවට විවර ව...

බූඩි එක්ක වචනයක් දෙකක් කතා කරන්න ...

Image
අද ඉරිදා අගෝස්තු අට වැනිදා. ලංකාවේ සිනමාව සහ ලෝක සිනමාව අතර ඇති පාළම ගොඩක් පටුයි. වාහන දෙකකට මාරු වෙන්න බැරි තරම්. මේකට මොකද කරන්නේ? බූඩි එක්ක මේ ගැන වචනයක් දෙකක් කතා කරන්න මරදාන සිනෙසිටි මල්ටි‍‍ප්ලෙක්ස් එකේ සවස දෙකහමාරට අපි මුණ ගැහෙමු. පණිවුඩේ ලැබුණේ මූණු පොතෙන්. තිබ්බෙ මේ විදියටමයි. Hi, I am Planing to have a discussion about cinema and the current situations around the world, and how to improve ourselves with the rest of the world. This would happen every other weekend in Colombo. If you are interested to be a part of it and have the discussion, please let me know. Sunday the 8th afternoon. Venue and exact time yet to be decided. Cheers Boodee දිනය වෙලාව සහතික කරල ලැබුනු පණිවිඩේ මෙන්න. For Sunday's discussion, Venue 2nd floor Cine City Maradana and from 2.30pm , Please conform if you are coming. Send a massage to me. Thanks. Cheers මාතා ගැනත් මොනව හරි දැනගන්න ලැබේවි‍... [පින්තූරේ ගත්තේ සන්ඩේටයිම්ස් සඟරාවෙන්.]