කවිය දිව්‍යමය ප්‍රචණ්ඩත්වයේ තවත් මානයක-දකුණු කුරු දිව් කව්!
දකුණු කුරු දිව් කව් ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය සංස්කරණය රසික සූරියආරච්චි හෙන්රි කුමාරප්පෙරුම ඇබොරිජින්ස්ලා කවි තුළ හැඟවුම්කරණය කරන යථාර්ථය දකුණු කුරු දිව් වසන ලාංකික කවියෝ එහි මුල් පදිංචිකරුවන් කෙරෙහි ඉමහත් කරුණාවකින් සහ හෘදයාංගම දැක්මකින් ඔවුනගේ ඉරණම කවි කරන්න නොමසුරු වෙති. මේ සැබැවින්ම කුමන අවිඥානික ප්‍රකාශනයක් ද? වසර හැට දහස් ගණනක් මෙරට තුල ඇබොරිජිනි නමින් හඳුනන මිනිස් කැල දඩයම් කර කමින් බුදිමින් වනෙහි පල විසුවෝ පොලෝ තලයට නොම කර අපල පිටුව 2-by Editors රන් රුවන් පබලු මිණි මිදි ඇපල් පල දැරිණි ඇබොරිජිනි හඩ මැකිණී සුදු දනන්ගෙන පිරුණි පිටුව 5-by Editors ආදිම වැසියනගේ වත ගොත ඇසුනු සැනේ පීදුනු සිතැඟි විය දුක්බරව ඇස කොනේ සාරය අනුන් සතුයෙන් එ දන දින දිනේ පෑරෙන හදිනි දිවි මග ගෙවෙත තැන තැනේ පිටුව 6-by Ubayasiri Wijayananda Wickrema දුටු දුටුවන්ගේ හදවත් උණුවන ලෙස ට වේදනා බරව නෙත නැගි කඳුළු කැට තම වර්ගයාගෙන් සිදුවූ ගැන ගැහැට සමාව අයැදුවා මේ අය ඉදිරිපිට පිටුව 10 -ආදිවාසික ළමුන් පැහැර ගැනීම by Senehelatha Rathnayake ආදිම වැසියනගෙ ජීවන මග පාදා රළු දිවි පෙවෙත හොබවති...