Posts

Showing posts with the label සුනිල් ගෝවින්න

කවිය දිව්‍යමය ප්‍රචණ්ඩත්වයේ තවත් මානයක-දකුණු කුරු දිව් කව්!

Image
දකුණු කුරු දිව් කව් ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය සංස්කරණය රසික සූරියආරච්චි හෙන්රි කුමාරප්පෙරුම ඇබොරිජින්ස්ලා කවි තුළ හැඟවුම්කරණය කරන යථාර්ථය දකුණු කුරු දිව් වසන ලාංකික කවියෝ එහි මුල් පදිංචිකරුවන් කෙරෙහි ඉමහත් කරුණාවකින් සහ හෘදයාංගම දැක්මකින් ඔවුනගේ ඉරණම කවි කරන්න නොමසුරු වෙති. මේ සැබැවින්ම කුමන අවිඥානික ප්‍රකාශනයක් ද? වසර හැට දහස් ගණනක් මෙරට තුල ඇබොරිජිනි නමින් හඳුනන මිනිස් කැල දඩයම් කර කමින් බුදිමින් වනෙහි පල විසු‍වෝ පොලෝ තලයට නොම කර අපල පිටුව 2-by Editors රන් රුවන් පබලු මිණි මිදි ඇපල් පල දැරිණි ඇබොරිජිනි හඩ මැකිණී සුදු දනන්ගෙන පිරුණි පිටුව 5-by Editors ආදිම වැසියනගේ වත ගොත ඇසුනු සැනේ පීදුනු සිතැඟි විය දුක්බරව ඇස කොනේ සාරය අනුන් සතුයෙන් එ දන දින දිනේ පෑරෙන හදිනි දිවි මග ගෙවෙත තැන තැනේ පිටුව 6-by Ubayasiri Wijayananda Wickrema දුටු දුටුවන්ගේ හදවත් උණුවන ලෙස ට වේදනා බරව නෙත නැගි කඳුළු කැට තම වර්ගයාගෙන් සිදුවූ ගැන ගැහැට සමාව අයැදුවා මේ අය ඉදිරිපිට පිටුව 10 -ආදිවාසික ළමුන් පැහැර ගැනීම by Senehelatha Rathnayake ආදිම වැසියනගෙ ජීවන මග පාදා රළු දිවි පෙවෙත හොබවති...

එතර සිට කරන ඉල්ලීමකි -සුනිල් ගෝවින්නයන්

Image
ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ද්විභාෂා පාරප්‍රාප්ත කිවිඳා වන සුනිල් ගෝවින්නයන් මා වෙත කවියක් එවා තිබුනේ ඊයේ ය. හෙතෙම තම මතක දිවයිනේ හැඟුමන් මතකයෙන් ජීවය ගන්වා වදන්වලට පෙරලා කොළඹ ගංවතුර ගැන පද බැන්ද ඒ මනෝහර කවිය මා සිත කැළඹුවේය. මේ එම කවිය සහ මා විසින් පිළිතුරු කොට යැවූ කවිද එක්කොට මෙහි තබමි. එතර සිට කරන ඉල්ලීමකි ලියන්නේ කවි කුමට මතක සඟවන රටට ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ 2010 මැයි 20 SG පැරකුම් මැතිඳු මෙන් ලියමි කෙටියෙන් නො ඉල්ලනු නැවුම් කවි නැත එබන්දක් ලියැවී! ‍ දෝර ගලා යන දෙව් මිනිස් ගැටුමක ලේ යුෂ නගර බිහිදොරින් ඇරඹි පල්දෝරු පිසිමින් ගලා යයි ඉතිං තවත් කොහෙන්ද දෙවිවරු උන්ගේ ලේ කඳ නොවැ මේ විසිරුණු මඩ පාටින් මේ සුගන්ධයෙන් රුදු ගලා යන්නේ පිස ...