Posts

Showing posts with the label වියවුල් න්‍යාය

කාව්‍යකරණය, ජල සංකල්ප රූපය සහ ක්වොන්ටම්

Image
කාව්‍යකරණය, ජල සංකල්ප රූපය සහ ක්වොන්ටම් භෞතිකය- [පළමු කොටස] පරිවර්තනයකි By Dis-Ease [කතෘගේ සටහන- මෙම ලිපිය මවිසින් සාහිත්‍ය පුවත්පතකට ලියා පළ වූවකි. මම මෙය නැවත සංස්කරණය කොට ලියන්නට උත්සාහ කළේ වඩාත් පැහැදිලි සහ නිරවද්‍යතාවයකින් යුතුව වඩාත් පළල් පාඨක ප්‍රජාවකට ඉදිරිපත් කිරීමේ අරමුණෙනි. සියළු හිමිකම් කතෘ සතුය.] භාෂාවේ සාමාන්‍ය භාවිතය තුළ සත්‍යය යනු නාම පදයක් ලෙසින් ගන්නා අතර එය එක්වර ග්‍රහණය කර ගත හැකි දෙයක් ලෙස හෝ අවම වශයෙන් එය පියවරෙන් පියවර හෝ ළඟා විය හැකි දෙයක් ලෙස අපි ගනිමු. -ඩේවිඩ් බෝම් [ද රියෝමෝඩ් - The Rheomode] ජලය මා අමන්දානන්දයට පත් කරයි. සමහර විට මේ ආනන්දය මා ගර්භාෂය තුල ජලයේ කිමිදී එහි එතී ආරක්ෂාකාරීව සිටි අතීත ගැඹුරු මතකය දක්වා විහිදී යන්නේ හෝ වඩාත් ගැඹුරු ඇම්නියතික සාගර පතුලක සෛල පටලයකින් වැසුනු මතකයක් දක්වා ඇදී යන්නට ද හැකිය.‍ කෙසේ වුවත් මාගේ සැලකිය යුතු මට්ටමක යහපතක් සිදු වූ දේවල් සහ එබඳු අතීත මතකයන් සියල්ල ජලය හා බැඳී පවතී. සමහර විට එය බාලදක්ෂ කටයුත්තක් හෝ පාසැලේ තූර්ය වාදක කණ්ඩායම හා සබැඳි සිදුවීමක් හෝ මා ප්‍රථම වතාවට පැසිෆික් සාගරය වෙත ඇවිද ගිය මතකයක් ද විය හැකිය. -මේ...