Posts

Showing posts with the label රචින්ත ජයවර්ධන

රචින්ත ජයවර්ධනගේ ඡායාරූපකරණයේ දඟ වැඩ

Image
කලකට පෙර මවිසින් රචින්ත ජයවර්ධනගේ ඡායාරූපකරණයේ දඟ වැඩ ගැන සටහනක් තබා ඇත. මේ එහිම තවත් එක් කෙටි දිගුවකි.  ඔහුගේ බ්ලොග් අඩවියේ ඡායාරූප වැඩබිමේ එල්ලා තිබූ ඵලකයන් රාශියක් හා වියමන්ගත වූ ඔහුගේ අදහස් කියැවීමෙන් මවිසින් ලියා තැබූ කොමෙන්ටුව මෙහි සටහන් කරන්නට තීරණය ‍කළේ ඔහුගේ අභිප්‍රාය වඩවඩාත් කුළුගැන්වීමට මෙහි එන යන අයද පොළඹවා ගැනීමටය.  ඡායාරූපයක අන්තර්ගත වන්නේ ආලෝක වියමනක් යැයි කීවද එය කිසියම් කතෘකාරකයකු අතින් වියෙන්නේ ද නැති පැරක්ඩොක්සීය වියමනකි. මන්ද යත් කැමරාවෙන් පිටත වස්තු සිය ආකෘතිමය සම්බන්ධතා ඇති කරගන්නේ ඡායාරූප තහඩුව මතදී පමණක් බැවිනි. එසේ නැත්නම් වියන්නේ කවුද යනාදී වශයෙන් ප්‍රශ්න කළ විට පිළිතුරු අවිෂය වන්නා වූ කතෘ අඥාත වන්නා වූ ද ක්‍රියාවලියකි. කැමරාව එල්ලයට ගෙන එහි සමෝධානීය කෝණයේ ආලෝක ව්‍යූහය සහ ෂටරයේ වේගය පරිපාලනය කිරීම යනුම වියමනේ තත්වය පිළිබඳ තීරකයන් වීම වුවද එය කතෘත්වය නොවේ. කතෘත්වය නිෂේධනය වීමක් ද නොවේ. එම හේතුව නිසාවෙන්ම එහි පැරඩොක්සීය බව ජනනය වෙයි. ඡායාරූපයක කතෘත්වය හෝ නිර්මාණාත්මක කතෘභාවය වාච්‍යාර්ථයෙන් පැරඩොක්සීය වන්නේ එලෙසය. ඡායාරූපය ඵලකය මත ප්‍රතිබිම්බගත වන ව...

කැමරාව පින්සලක් දක්වා...

Image
කැමරාව පින්සලක් දක්වා... රචින්තගේ මේ ඡායාරූප කීපය මා වෙත රැගෙන ආවේ කැමරාව පින්සලකට පරිණාමය කරවීමේ යාන්ත්‍රණය ජය ගන්නා එක්තරා නිමේෂයක් ලෙසිනි. එම නිමේෂය සැබැවින්ම කුමක්දැයි නොදන්නා තැනකින් ආරම්භ කර දන්නා තැනක් දක්වා රැගෙන යාමට දරන උත්සාහයකි‍ මේ. නිර්මාණකරණයේදී සිදුවන සියල්ල ලිවීම්ය. ආලෝකයෙන් ලිවීම එක්කෝ ඡායාරූප ලෙස හෝ සිනමා පට හෝ විඩියෝ පට දක්වා පැතිරී යයි. ශබ්දයෙන් ලිවීම හඩ පට තැටි ගත ශබ්ද හෝ වර්තමානයේ වෙනත් නොයෙක් තාක්ෂණික විද්‍යුත් ක්‍රමවේදයන් ය. රස නහර සන්තර්පනය වන ආහාර වට්ටෝරු පයුරුපාසන ජිව්හාමය අත්දැකීම් පුළුල් කරනු ඇත. විවිධාකාර ගන්ධයන් ප්‍ර‍ශස්ත ලෙස මුහුන්කරනය කිරීමේ ක්‍රම වේද ඔස්සේ පෙර නොවූ විරූ සුවඳ ස්වභාවයෙන්ද කෘත්‍රිමවද සකසා ගැනීම අනුසාරයෙන් එම සංඥා හැසිරවීම ද අතිශය පෞරාණික ශාස්ත්‍රයකි. ඇරෝමා තෙරපි යනුවෙන්ද වෙස් ගෙන කඩසාප්පු වල පිරී ඇති නොයෙකුත් කුප්පි වල අන්තර්ගත වන තෙල් සුවඳ කුඩු ඒවායේ නොයෙකුත් උද්දීපනයන් හේතුවෙන් මිනිස් සංජානන අවකාශය ප්‍රසාරණය කරයි. ස්පර්ශයෙන් ලිවීම් ද ඇති බව සම්භාහනාගාරයක දී අත්විඳිය හැකිය. ඒවා අතිශය කාමෝද්දීපනයෙන් අවසන් විය හැකි ඇපොතිකරමය වන්නා වූ භෞතව...