Posts

Showing posts with the label උප්පලවණ්ණා

ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!

Image
ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!! මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව.... ආදරය මුණ ගැසුණු සඳ - මම ද වැළපුණෙමි පියේද්රා ගඟබඩ හිඳ නොව - ජීවිත වන්දනාව අභියස .. හදගුළු හැරීමි කීරි ගෑ අගුළු කට නැගූයේ කෙඳිරියකි. හඬක් නැති කෙඳිරියකි. මළ කෑ යතුරු හිස අගිස බැඳි දුඹුරුවන් ප්‍රාර්ථනා පණ ගසාවිත් පැසුණු උදෑසන සනසවාලයි හිරිවැටුණු බාහුවට වාරු වී.. අහෝ! මේ ආදරයට හැකිය හඬන්නට මෙතරම්ම. ඒ නොදැන උන් ඇසිල්ලක කඩා හැලේ දිය සීරා නයගරාවක සිරියෙන්.. නොදුටු රුවක් ඇසේ හැපෙයි ගණඳුරේ දී. රිදුණු තරමක් ප්‍රේමයක්. වැඩිමහලු කඳුළු පෙති මත අඩි තිය තිය පාව ආ හැටි අරුමයක්. කඳු පෙළක් යට තවරා ඉඳුසැව්ව ඇන තියා ගත් හිතකට නින්නාද දේ ගීතයක්. එය ප්‍රේම ගීතයක්. තණබිස්ස ළදල්ල මුදා හළ මුහුලසට ගැසූ පොඩි මල් කිනිත්තක්. මේ සෙනෙහස.. හද බිත සසළ කළ ඝණ්ඨාර නාදයෙන් පේ වී පිරිත් පැන් ඉස නමැද හදසුනේ තැබූ පෙර සංසාර පුරුද්දක්. ("පියේද්රා ගඟබඩ - හිඳ මම වැළපුණෙමි" කියවීමෙන් පසු) Thushari Priyangika තුෂාරි ප්‍රියංගිකා තුෂාරිගෙ "මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව..." කවිය ගැන විමසුමක් පාවුලෝ කොයියෝගේ බොහෝ නවකතා...