සෙංකොට්ටං
සෙංකොට්ටං කියවා අවසන් කළෙමි. බත්තලංගුණ්ඩුවෙන් පසු මා කියැවූ රසවත්ම නවකතාව සෙංකොට්ටං යැයි මම සිතමි.
සෙංකොට්ටං කතාවේ පසුබිමෙන් දැලක් මෙන් වැටී ඇති බෝ පැලයේ රූපකය එහි අවසානය දක්වා ගෙන එන නිහඩ අරුතට මම ප්‍රිය වෙමි. එම අරුත ම බත්තලංගුණ්ඩුවේ දී ගෙන එන්නේ ශුද්ධ බයිබලයෙන් උපුටා ගත් දේව දූතයන් නවකතා පිටු අතර තැනින් තැනින් මතු වෙමින් අප අතරින් පියඹා යමිනි.
සෙංකොට්ටං අතිශය ගැඹුරු වේදනාත්මක පහුරු ගෑම් සිත මතුපිට ලන්නට සමත් රචනාවකි. කාලයත් අවකාශයත් අනවරතව ගලා යන්නට සැලැස්වූ ඒකමාන කතාවක් බැවින් එහි අවසානය සිනමාපටයක් නරඹා අවසන් කළාක් මෙන් තීර්‍වර හැඟුමකට විවර කරවයි.
කතාව ඒකමාන වුව ද එහි එන සිදුවීම් ඒ ඒ තැන්වල මහා ගැටුම් ඇති කර පුපුරුවා ලන්නට සමත් වෙයි.
කුල බේදය කේන්ද්‍රීය වුව ද එය ලිංගිකත්වය හා බැඳුනු දෘශ්ඨාන්තයක් ලෙස ද කියවා ගන්නට මම ප්‍රිය කරමි. ගැහැනිය ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට කෙසේ වෙතත් පොඩිනා ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට මස්ඉඹුලගෙ නවකතාව සමත් වී ඇත.
එමෙන්ම පොඩිනා ගේ ආශාවේ කෙළවර හමු වන වල් නයිදේ හෙවත් කැලෑ සතා මෙන්ම සියළු ආශාවන්ගේ අවසන එළඹෙන කුරිරු යථ මනා සේ හසුරුවා නවකතාව ගොඩනගන්නට මස්ඉඹුල ගේ ඉසියුම් පරිකල්පනයත් රචනා ශෛලියත් ඔහුට උපකාර වී ඇතැයි මම සිතමි.
පොඩිනාගේ මරණය සහ එහි ප්‍රාප්තිය සෙංකොට්ටං හි මා වඩාත්ම සිත්ගත් පරිච්ඡේදය යැයි මම සිතමි. එය ස්ත්‍රියක හඹා යන ආශාව ද ආශාව හැර අන් දෙයක් ද යන්න ලෙහෙසියෙන් වටහා ගන්නට නොහැකි වන සේ ගැට ගසා ලන්නට මස්ඉඹුල සූක්ෂම වී ඇති සැටි දැකුම ආනන්දයකි. ලිහිය නොහැකි ගැට ලිහීමට තැත් කිරීමට වඩා තව තවත් ගැට දමා ගැටපිට ගැට දැමීමෙන් ගැටළු බවට පත් කිරීම ප්‍රායෝගික බැව් මස්ඉඹුල සොයා ගෙන ඇති සෙයක් මට දැනේ.
බත්තලංගුණ්ඩුවේ ඇති බොහෝ දේ අතර වඩාත් සුවිශේෂීත්වය නම් ධීවර ජීවිතයේ සියුම් තැන් අල්ලා ගන්නට මංජුල දරා ඇති වෙහෙස මහන්සිය එහි පිටු පුරා සැහැල්ලුවෙන් අතුරන්නට ඔහු දක්වා ඇති පරිණත බවයි. සෙංකොට්ටංහි මදකට හෝ අඩුවක් ලෙස මා දකින්නේ රදා කුලයට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස සහ චර්යාවන් සියුම් ලෙස ග්‍රහණය කොට (එබදු මානසික ශ්‍රමයක් මස්ඉඹුල දරා ඇති බවට සැකයක් නැති මුත්) නිර්මානශීලි ලෙස කිසියම් අධ්‍යාපනික වටිනාකමක් කියවන්නාට අත් කර දෙන්නට ගත් වෙහෙසක් ලියමන තුළ හමු නොවීම යැයි මට සිතේ.
එසේ අධ්‍යයන ශ්‍රමයක් නවකතාවකින් මතු කරන්නට අත්‍යාවශ්‍ය යැයි රීතියක් නොවූ ව ද එවැනි මද හෝ දීර්ඝ විස්තරාත්මක දෑ තුලින් නවකතාවේ රසයට හානියක් වේ යැයි මම නොසිතමි.
කෙසේ වුව ද නිර්මානයක අඩුපාඩු සෙවීම පහසුය. සියල්ලන් සංතෝෂ කළ හැකි නිර්මානයේ සමර්ථයෙක් සෙවීම ද දුෂ්කරය.
සිනමාත්මක වියමනක් ලෙස විභව ගැන් වූ මෙම නිර්මානයේ ඇති ක්ෂතිමය තීර්වතාවය සමාජ-දේශපාලනික-සංස්කෘතික මෙන්ම ආගමික හර පද්ධති පිළිබද ව ද නානාවිධ වරනැංවීම් විසින් පෝෂණය වී ඇතැයි මට සිතේ.
සෙංකොට්ටං ලෙහෙසියෙන් මතකයෙන් මැකී නොයන කියවීමේ අත්දැකීමක් ලෙස මම දකිමි.
ප.ලි.
රත්න ශ්‍රී විසින් රචිත ගීතයක් (ගායනය ඉන්දීවරී අබේරත්න) පසුගිය දිනෙක ලසිත බෙනරගම සොයුරා මා වෙත යොමු කළෙන් ඒ ගීතයේ පද වැලේ මුසු වූ හැඟුම් යලි ගොඩනගන්නට සෙංකොට්ටං සමත් වූයේ යැයි මට හැඟේ.
සළු සෝදනා මම ලෙංචිනා
මෙහි එන "ලේ කොලොම්බුව" යනු කිමැයි පහදා දෙන්නෙකුට කෘතඥ වෙමි.
සෙංකොට්ටං කතාවේ පසුබිමෙන් දැලක් මෙන් වැටී ඇති බෝ පැලයේ රූපකය එහි අවසානය දක්වා ගෙන එන නිහඩ අරුතට මම ප්‍රිය වෙමි. එම අරුත ම බත්තලංගුණ්ඩුවේ දී ගෙන එන්නේ ශුද්ධ බයිබලයෙන් උපුටා ගත් දේව දූතයන් නවකතා පිටු අතර තැනින් තැනින් මතු වෙමින් අප අතරින් පියඹා යමිනි.
සෙංකොට්ටං අතිශය ගැඹුරු වේදනාත්මක පහුරු ගෑම් සිත මතුපිට ලන්නට සමත් රචනාවකි. කාලයත් අවකාශයත් අනවරතව ගලා යන්නට සැලැස්වූ ඒකමාන කතාවක් බැවින් එහි අවසානය සිනමාපටයක් නරඹා අවසන් කළාක් මෙන් තීර්‍වර හැඟුමකට විවර කරවයි.
කතාව ඒකමාන වුව ද එහි එන සිදුවීම් ඒ ඒ තැන්වල මහා ගැටුම් ඇති කර පුපුරුවා ලන්නට සමත් වෙයි.
කුල බේදය කේන්ද්‍රීය වුව ද එය ලිංගිකත්වය හා බැඳුනු දෘශ්ඨාන්තයක් ලෙස ද කියවා ගන්නට මම ප්‍රිය කරමි. ගැහැනිය ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට කෙසේ වෙතත් පොඩිනා ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට මස්ඉඹුලගෙ නවකතාව සමත් වී ඇත.
එමෙන්ම පොඩිනා ගේ ආශාවේ කෙළවර හමු වන වල් නයිදේ හෙවත් කැලෑ සතා මෙන්ම සියළු ආශාවන්ගේ අවසන එළඹෙන කුරිරු යථ මනා සේ හසුරුවා නවකතාව ගොඩනගන්නට මස්ඉඹුල ගේ ඉසියුම් පරිකල්පනයත් රචනා ශෛලියත් ඔහුට උපකාර වී ඇතැයි මම සිතමි.
බත්තලංගුණ්ඩුවේ ඇති බොහෝ දේ අතර වඩාත් සුවිශේෂීත්වය නම් ධීවර ජීවිතයේ සියුම් තැන් අල්ලා ගන්නට මංජුල දරා ඇති වෙහෙස මහන්සිය එහි පිටු පුරා සැහැල්ලුවෙන් අතුරන්නට ඔහු දක්වා ඇති පරිණත බවයි. සෙංකොට්ටංහි මදකට හෝ අඩුවක් ලෙස මා දකින්නේ රදා කුලයට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස සහ චර්යාවන් සියුම් ලෙස ග්‍රහණය කොට (එබදු මානසික ශ්‍රමයක් මස්ඉඹුල දරා ඇති බවට සැකයක් නැති මුත්) නිර්මානශීලි ලෙස කිසියම් අධ්‍යාපනික වටිනාකමක් කියවන්නාට අත් කර දෙන්නට ගත් වෙහෙසක් ලියමන තුළ හමු නොවීම යැයි මට සිතේ.
එසේ අධ්‍යයන ශ්‍රමයක් නවකතාවකින් මතු කරන්නට අත්‍යාවශ්‍ය යැයි රීතියක් නොවූ ව ද එවැනි මද හෝ දීර්ඝ විස්තරාත්මක දෑ තුලින් නවකතාවේ රසයට හානියක් වේ යැයි මම නොසිතමි.
කෙසේ වුව ද නිර්මානයක අඩුපාඩු සෙවීම පහසුය. සියල්ලන් සංතෝෂ කළ හැකි නිර්මානයේ සමර්ථයෙක් සෙවීම ද දුෂ්කරය.
සිනමාත්මක වියමනක් ලෙස විභව ගැන් වූ මෙම නිර්මානයේ ඇති ක්ෂතිමය තීර්වතාවය සමාජ-දේශපාලනික-සංස්කෘතික මෙන්ම ආගමික හර පද්ධති පිළිබද ව ද නානාවිධ වරනැංවීම් විසින් පෝෂණය වී ඇතැයි මට සිතේ.
සෙංකොට්ටං ලෙහෙසියෙන් මතකයෙන් මැකී නොයන කියවීමේ අත්දැකීමක් ලෙස මම දකිමි.
ප.ලි.
රත්න ශ්‍රී විසින් රචිත ගීතයක් (ගායනය ඉන්දීවරී අබේරත්න) පසුගිය දිනෙක ලසිත බෙනරගම සොයුරා මා වෙත යොමු කළෙන් ඒ ගීතයේ පද වැලේ මුසු වූ හැඟුම් යලි ගොඩනගන්නට සෙංකොට්ටං සමත් වූයේ යැයි මට හැඟේ.
සළු සෝදනා මම ලෙංචිනා
මෙහි එන "ලේ කොලොම්බුව" යනු කිමැයි පහදා දෙන්නෙකුට කෘතඥ වෙමි.
Comments
සෙංකොට්ටං මා කියෙව්වේ සෙනඟ පිරුණු දුම්රියේ වාඩිවෙන්නට ඉඩ ලැබුණු දින වල ය. සමහර පිටු කියවද්දී, කතාව විසින් අදාළ බස ඉල්ලා සිටිද්දී වුව, එම බස සහ වචන අසල මිනිසුන් දකිතැයි මම ලැජ්ජාශීලී වුණෙමි. එහෙත්, ටික දුරක් යද්දී එම බස එතැනට අවශ්‍ය බව වටහා ගතිමි.
කතාව අරඹා ඇති සජීවී විලාසය මම මහත් පිය කළෙමි. වීරප්පුලි හේනයා සහ බබා හේනයා මා කැමති ම චරිත යි. වීරප්පුලි හේනයා අවසන මිය ගියේ ය. එවැනි මිනිසෙක් එසේ මිය යෑම හොඳදැයි මම කල්පනා කළෙමි. එහෙත්, එය යථාර්ථය බව ද වටහා ගතිමි. හොඳ මිනිසුන් සමාජ අයුක්තීන් හමුවේ සිහි විකල් වී මිය යා හැකි ය. අයුක්තිය අභිබවනය කළ නොහී සුන්දර මිනිසුන් කොතෙක් මිය යා හැකි ද? අප වුව ද ඒ කුලකයට ම අයත් ය.
ස්තූති යි සටහනට.
ස්ථිර කරමි.
බොහොම ස්තූතියි හෝඩුවාවට.
මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159