දල්ලක් නැගෙයි

දැල්ලක් ලෙසින්
දල්ලක් නැගෙයි

ලැව් ගින්නක වුව ද
මල් කැකුළක්
ඉතිරි විය
හැකියි

නිසි
කල ට
පීදී

රිසි
ඵල
පුදනු ඇත

එක මලක් වුව
එය
කඩදාසි මලක්
නොවේ නම්...

Comments

This comment has been removed by the author.
බලාපොරොත්තු
ඇමීබාවන් මෙන්
දෙකට බෙදෙමින් උපදින

සංසාරය
ඇමීබාවන් දෙකට කපන
ඉන් අප ජීවත් කරන

අනන්තය
බලාපොරොත්තුව ඉටුවන
සංසාරය ම නවතින

එහෙත් කිසිදා නොම එන
ඔව් නේ කඩදාසි මල් මොකටද...
``` Outsider``` said…
කඩදාසි මලුත්
පීදෙන අපූරුව
සාරවත් බිජුවට
දරා සිටියා ‍වගේ
පෙනේද අර
විපරීත භූමියේ..
දුකා said…
මේක නම් ඇත්ත ඩෝසා . .
ඒත් සජීවී මල් කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න මලුත් කඩදාසි මල් කියලා ටික කාලෙකින් ඔප්පු කරලා පෙන්නුවාම හිතට දැනෙන දුක .. ?
ඒත් අපි බලාපොරොත්තු නැති කර නෙගෙන ඉමු මචෝ . .

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්