අකුරේ ගෙල සිඳේ...

නුවර උස් තුංග තුරු හිස
අතු පතර රැඳුන බකුසු තෙම
හුම් කියාවත් නොනගයි සිය හඩ

පොත පත උලා කා
සද් විසද් දෙසුම් පා
තීරු වැකි හෑලි පසිඳා
වානෙ පන්නර ලැබුව බකුසා!

සතුරු උවදුර හිතට ගිනි බිඳ
රැය පහන් වේදෝ නොදැන ලෙස තිර
දෑස් දල්වන් බොල් අහස වෙත
හුම් කියාවත් නොනගයි සිය හඩ

දුරක දැල්වෙන මියෙන පහනක
දැල්ල කැරකෙයි සුළඟ බඳ වට
පන්හිඳක වෙත මෑනෙයි පතුරම
හුම් කියාවත් නොනගයි සිය හඩ

අකුරේ ගෙල සිඳේ
අකුරු එල්ලා මැරේ
අකුරු ගිනි දැල්වෙතේ
අකුරු පා දඩු කදේ

නෑ සියන් කැති උදලු ගෑවෙත
ලේ පෙරන් දන වැටී තැන තැන
දෙපා මුල පණ රුහිරු ගලත ද
හුම් කියාවත් නොනගයි සිය හඩ

මේ ඒ ලේ ද
ඒ මේ ලේ ද
කාගේ ලේ ද
මගේ ලේ නොම වේ ද
එනමුදු
හුම් කියාවත් නොනගයි සිය හඩ!

Comments

Bindi said…
කොකාගෙන් ණයට
පොරවන් සුදු පිරුවට
මළගමට හෙට
එයි බකුසු තෙම

අවමංගල සභාවේ ...හුම් හුම්

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්