සාධු ජනරාව ගී ප්‍රසංගය

සාධු ජනරාව ගී ප්‍රසංගය


පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයාගේ නිවස
ඉදිකිරීමට ආධාර පිණිස
ජයතිලක බණ්ඩාරගේ
සාධු ජනරාව ගී ප්‍රසංගය

අප්‍රේල් 26 වන සදුදා
සවස 3.30 ට
රාජගිරිය මොන්ලාර් ආයතනයේ
රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.

මේ සඳහා ආධාර වශයෙන් ටිකට් පතක් ගෙන රු.500/- ක් හෝ ඊට වැඩි මුදලක් ලබා දී (රු..............) මෙම කටයුත්තට දායක වන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
රංජිත් දිසානායක (කලූ රංජි)
ප්‍රේමපාල හේවාබටගේ

(මොන්ලාර් ආයතනයට ගමන් මාර්ගය - රාජගිරිය හන්දියේ සිට බොරැල්ල දෙසට යන විට මැතිවරණ කාර්යාලය පසු වී හෝටල් පාසල අසලින් වම් අතට ඇති 4 වන පටුමගේ මීටර් 200 ක් පමණ පැමිණි විට මොන්ලාර් ආයතනය හමු වේ.)
පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයා ඔබ අප කවුරුත් දන්නා පරිදි පාසැල් වියේදීම 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී නිදහස ලැබීමෙන් පසු ද තම පුද්ගලික ජීවිතයේ අභිලාෂ පසෙකලා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රගතිශීලී සමාජ දේශපාලන කටයුතුවල පූර්ණකාලීන ලෙස නිරත වන
පුද්ගලයෙකි. පොදු සමාජ අරගලයක් පැන නැගුනේ කොතැනකද ඔහු අනිවාර්යයෙන්ම එහි දක්නට ලැඛෙනු ඇත. නැතහොත් තවත් විටෙක සමාජ අසාධාරණයට එරෙහිව පොදු ජන අරගලයට මුල පුරන්නට ඔහු කටයුතු කරන්නේය. එවන් අවස්ථාවලදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ඔහු ජීවිත අවදානම පවා නොතැකුවේය. එහි දී ඔහු කිසිවිටෙකත් තම පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතැකුවේය.
අද දක්වාම කිසිවිටෙකත් තම සමාජ දේශපාලන අරගලය අත් නොහැරි පැට්‍රික් සහෝදරයා තම බිරිඳ සහ දරු දෙදෙනා සමග ජීවත් වූයේ රාජගිරිය ප්‍රදේශයේ පර්චස් දෙකහාමාරක කුඩා බිම් කොටසක තනාගත් තාවකාලික කුඩා නිවසකය. වසර 15 ක පමණ කාලයක් ඔහු එහි ජීවත්වුවද කිසිවිටෙකත් තම සමාජ දේශාපාලන කටයුතු අත්හැර දමා නිවසක් තනා ගැනීමට කටයුතු නොකළේය. එහෙත් එම නිවසේ වහලය දිරාපත් වී කඩා වැටීමට ආසන්න වීමත්, ගැහැණු දරුවන් දෙදෙනෙකු
සමග තවදුරටත් එම නිවසේ වාසය කිරීම අසීරුවීමත් නිසා එම කුඩා ඉඩමේම නව නිවසක් ඉදිකර ගැනීමට පැට්‍රික් සහ ඔහුගේ බිරිඳ තීරණය කළහ. එහෙත් නිශ්චිත ආදායම් මාර්ගයක් හෝ නොමැතිව එවන් කටයුතුත්තක් කරගැනීමට යන විශාල මුදල සොයා ගැනීමට ඔහුට මගක් නොවීය. ඒ අතර ඔහු දන්නා හඳුනන කිහිප දෙනෙක් ඔහුට ආධාර උපකාර කිරීමට ඉරිපත් විය. එහෙත් එය ප්‍රමාණවත් නොවන නිසා අප මැදිහත් වී පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයාගේ නිවස ඉදිකිරීමට සමාජ දේශපාලන හිතමිතුරන්ගෙන් ආධාර එකතු කිරීමට කටයුතු කළේය. එම ආධාර මුදලින් මේ වන විට නිවසේ ඉදිකිරීම් කටයුතු අඩක් නිමකර ඇත. එම ඉදිකිරීම් අවසන් කිරීම සඳහා තවත් මුදල් වැය වන අතර ඒ සඳහා ද ආධාර එකතු කිරීමට අප තීරණය කළෙමු. ඒ සඳහා තවත් එක් පියවරක් ලෙස ජනතා කලාකරුවෙකු වන ජයතිලක බණ්ඩාර සහෝදරයා තම ගී ප්‍රසංගයක් පැවැත්වීමට එකඟ විය. ඒ සඳහා ටිකට් පතක් මිල දී ගෙන මෙම සද් කාර්යය සඳහා ඔබත් දායක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
රංජිත් දිසානායක
ප්‍රේමපාල හේවාබටගේ

Comments

රවා said…
මෙවැනි මිනිසුන්හට බොහො මිනිසුන් දොස් නගනු දැක ඇත්තෙමි. මිනිස්සු වෙනුවෙන් ඉදිරියට ආ, මිනිස්සු වෙනුවෙන් කැප වුණ මිනිස්සුන්ව මිනිස්සුන්ට සැමදා අමතක වෙ.. තමන් හරි හම්බ කරගත සුලු ධනයද මිනිසුන්ගෙ යහපත වෙනුවෙන් කැපකර න මෙවැනි මිනිසුන් රැකගැනිමට කටයුතු කිරිම අප කාගෙත් යුතුකමකි... මමත් පුංචි උත්සහායක් දරන්නම්..

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්