ලන්ඩන් වගෙද හුංගම

ලන්ඩන් කවියක් ඇවිත් තටු විදා
මොනිටරේ හැපි හැපි ලතැවුනා
හිම කෙඳිති දිය සැඟවු
කඳුළු ලෙස වැගිරුනා
පැරණි කිවිඳුන්ගේ ශෛලමය ප්‍රතිමාව
නුඹ මෙන්ම ගැහි ගැහී හීතලේ හිම වැසී
වේදනාභරිතව ඇනී ගත සියුම් කටු තුඩු
සීතල තියුණු හිමමය ඇල්පෙනෙති වැනි
මුමුණන අලුත් කවියක්...
එනමුදු කොතරම් ලං වුවත්
නුඹටවත් නො ඇසෙන
නියොන් දත් ලන්තෑරුම් නියවන
ලන්ඩන් සීතලේ
දැල්වී අඟුරු
සපැමිණි පතලකින් ලෝ පතුල
උදුනකින් වෑස්සෙන
රන් පැහැති රශ්මි ගිනි දළු
අතරින් වැගිරුන ශෝකයේ උණුසුමින්
දුක්භරිත හදවතේ දැල්වූනේ නිල් දැල්ල
අධික තාපයෙන් රක්ත තප්තව
ලෝකයේ උස් මිටි කම් තව ඇද්ද?
ජනේලෙන් පිටතට
විසිකරන නුඹේ ඇස්...
නොදුටු තැන්
නොවිඳි රස
නොනැගි මුදුන්
නොනිදි සයනයන්
නිදිනොවැදි ලඳුන්
තව කොතරම් ඉතිරි ද?
කොයි තරම් වෙනස් ද ලන්ඩන් අහස?
සුළඟෙත් ඇතිය විටමින්
නොදැනේ ද
කිලිපොලන සිරුරට?
උත්තරාර්ධ ගෝලය ද මේ?
තරු වුනත් ලස්සනයි වටකුරුයි
වෙනස් වගෙයි
ඇඹිලිපිටි අහසේ තිබ්බට වඩා
සිතමි මම
නුඹගේ ඇස්වල තැවරුන
නොනිමි ඒ කවි රාව
ආකාහේ කෙළවරක
කිසිදාක
යළි නොඑන ලෙස
මළ හිරු ද
සිය රැස් දහරේ
මන්ද දීප්තියෙන් ගිලී
මළානිකව දිලෙන අයුරු
මරු දැක දැක ක්ෂිතිජ ඉම...
කොළඹ අහස වාගෙම ද?
හමනව ද කඩල සුවඳ මුසු දූවිලි හුළං පොද
ලන්ඩන් කවිය
තී නිසා
දුටිමි මම නුඹේ ඇස්වල
හිම කැටිති ලෙස මිදී ගිය
උණුසුම් කඳුළු බිඳු
ඒ මළානික හිරු එළියේ...
ලන්ඩන් වගෙද හුංගම
නර බිල්ලකුත් අරං දන්නව ද නුඹ?
හීතල නිසා නුඹෙ සිත
නොපවසමි තව විස්තර
ලන්ඩනය දුක්බරද ඔතරම්ම?
උත්තර අරන් එන බව දනිමි
අහස් ගැබ පලා හෙට අනිද්දට නුඹ
ඊ ඒ ඩෝසන් ප්‍රීති
140110
හෂිත අබේවර්ධන ගේ ලන්ඩන් කවියක් නිමිති වුනි.
මොනිටරේ හැපි හැපි ලතැවුනා
හිම කෙඳිති දිය සැඟවු
කඳුළු ලෙස වැගිරුනා
පැරණි කිවිඳුන්ගේ ශෛලමය ප්‍රතිමාව
නුඹ මෙන්ම ගැහි ගැහී හීතලේ හිම වැසී
වේදනාභරිතව ඇනී ගත සියුම් කටු තුඩු
සීතල තියුණු හිමමය ඇල්පෙනෙති වැනි
මුමුණන අලුත් කවියක්...
එනමුදු කොතරම් ලං වුවත්
නුඹටවත් නො ඇසෙන
නියොන් දත් ලන්තෑරුම් නියවන
ලන්ඩන් සීතලේ
දැල්වී අඟුරු
සපැමිණි පතලකින් ලෝ පතුල
උදුනකින් වෑස්සෙන
රන් පැහැති රශ්මි ගිනි දළු
අතරින් වැගිරුන ශෝකයේ උණුසුමින්
දුක්භරිත හදවතේ දැල්වූනේ නිල් දැල්ල
අධික තාපයෙන් රක්ත තප්තව
ලෝකයේ උස් මිටි කම් තව ඇද්ද?
ජනේලෙන් පිටතට
විසිකරන නුඹේ ඇස්...
නොදුටු තැන්
නොවිඳි රස
නොනැගි මුදුන්
නොනිදි සයනයන්
නිදිනොවැදි ලඳුන්
තව කොතරම් ඉතිරි ද?
කොයි තරම් වෙනස් ද ලන්ඩන් අහස?
සුළඟෙත් ඇතිය විටමින්
නොදැනේ ද
කිලිපොලන සිරුරට?
උත්තරාර්ධ ගෝලය ද මේ?
තරු වුනත් ලස්සනයි වටකුරුයි
වෙනස් වගෙයි
ඇඹිලිපිටි අහසේ තිබ්බට වඩා
සිතමි මම
නුඹගේ ඇස්වල තැවරුන
නොනිමි ඒ කවි රාව
ආකාහේ කෙළවරක
කිසිදාක
යළි නොඑන ලෙස
මළ හිරු ද
සිය රැස් දහරේ
මන්ද දීප්තියෙන් ගිලී
මළානිකව දිලෙන අයුරු
මරු දැක දැක ක්ෂිතිජ ඉම...
කොළඹ අහස වාගෙම ද?
හමනව ද කඩල සුවඳ මුසු දූවිලි හුළං පොද
ලන්ඩන් කවිය
තී නිසා
දුටිමි මම නුඹේ ඇස්වල
හිම කැටිති ලෙස මිදී ගිය
උණුසුම් කඳුළු බිඳු
ඒ මළානික හිරු එළියේ...
ලන්ඩන් වගෙද හුංගම
නර බිල්ලකුත් අරං දන්නව ද නුඹ?
හීතල නිසා නුඹෙ සිත
නොපවසමි තව විස්තර
ලන්ඩනය දුක්බරද ඔතරම්ම?
උත්තර අරන් එන බව දනිමි
අහස් ගැබ පලා හෙට අනිද්දට නුඹ
ඊ ඒ ඩෝසන් ප්‍රීති
140110
හෂිත අබේවර්ධන ගේ ලන්ඩන් කවියක් නිමිති වුනි.
Comments
හුංගම වගේ නැත ලන්ඩන්
නිකන් යන බස් වල
පාට කොඩි ලෙළ නොදේ ..
අනුන් යන බස් වලට
වෙඩි තබනු නොලැබේ...
අවුරුදු හැටදෙකේ
නාකි අත්තම්මලා
පච කෙලින තැන්වල ට
බලෙන් ගෙන යනු නොලැබේ
අම්මලා
වෙඩි නොකා ගමන් යති
පිළිතුරු නොමැත මට..
නියම කවි සංවාදය . . .
මට නම් මුලින්ම හිතුනා හෂිතගෙ කවියට රිප්ල්යි එකක් කියලා . ..
එල කිරි ඩෝසා . .
අහ් හෂිතගෙ රිප්ල්ය් එකත් එල
නිශ්චල ඇස් බොළ හිටවන
ලන්ඩන් මාලිගා කොටුව වගේද
අපේ උතුරේ මැණික්ෆාම් කොටුව
අහස හුල්ලන් ඉන්න ඇස් පාවෙන
කවි බස අමතක කරමින් නව්‍යවාදී සංකල්ප කවි ලෙස පළ කරන මහා කවියන්ට ද ඩෝසන් ප්‍රීති තරණ කවියා පූර්වා දර්ශයක් ලබා දෙන වාසනා ගුණයෙන් පිරුණු කවියෙකු වී ඇතැයි මට සිතිණ.