යකඩ දිසාපාමොක්
යකඩ දිසාපාමොක්
පුංචි කාලේ මම ඉඳහිට ඇණ මුරිච්චි එක්කහු කළ
පුංචි පෙට්ටියක් සුරුට්ටු තිබුනා මා සන්තකේට
කිසි කෙනෙකුට පෙන්නුවෙ නැති, අල්ලන්නට දුන්නේ නැති
ඇණ -මුරිච්චි -නූල් රෝද -දැති රෝද ද රබර් පටි ද එහි තිබුණා මතකයි මට
හොර අරක්කු විකුණ යෙහෙක මැන්ඩිස් මාමා කල් ඇරි
මුඩුක්කුවක් වූ ඔහුගේ අබලි පිරුණු කඩකාමරෙ
මට පෙනුනේ දෙව් ලොව ලෙස මහ විසාල යකඩ පිරුණු
මකුළු දැල් ද තඩි මීයන් ගැරඩියන් ද වාස කොට ගත්
ළිඳක් තිබුනා මහා ගැඹුරු; සීතල වතුරත් සපිරුණු
කසිප්පු වඩියක් ගහලා හවසට වැඩ අහවර කර මුට්ට කරගහන මාමලා
එතන තමයි නෑවෙ ලෑවෙ හොඳ පදමට සූර් වෙලා
තම්බපු මංඤොක්කා කාලා හරිමි රජ සැපා කියමින් කෑ කොස්සන් ගහලා නටලා
මැන්ඩිස් මාමාගෙ වාඩිය සතුට ඉතිරිලා පැතිරුන
සාජ්ජයක් වෙයි හවසට පැදුරු එලන් ගංජ ඔතං වටෙ ඉඳං රගන රැගුම්
රණ්ඩු සරුවලක් ඉඳහිට වුවත් නොවුවා සේ සියල්ල
ඊළග දවසේ එක් වෙයි; පරණ තරහ මරහ විහිළු විකාර බවට පත් වෙයි
ඉඳහිට බර කළු ගැහිච්ච ජියර් රෝදයක් ගෙනවිත්
ඒ අතට මෙ අතට පෙරල මගේ පුංචි ඇගිලි තැළුණ
ඒ වෙදනාවටත් වඩා ජියර් රොදයේ වගතුග කතන්දරය
අහන් ඉන්න මම ආසයි අර කසිප්පු ගඳින් මුවින්
යකඩ කෑලි ඔන අතක ඔන විටෙක හසුරන හැටි; අමුණන හැටි
මහ විශාල පාඩමක්ය දිවා රැයක් වෙනසක් නැති
යකඩ දිසාපාමොක් යැයි මැන්ඩිස් මාමාට පටබැඳි
නමෙ තේරුමක් මට නම් දැනුනේ නැහැ අද වනතුරු
මජං අත පුරා ගෑවුනු කලට මගේ දෑත් අරන්
ලයිප්බෝයි ගාලා සේදු; මුහුණෙ දැලි රැවුලු ඇන්දු
හක හක ගා හිනා වෙවී අගුරු වලින් මැදි දත කට
විලිස්සා පෙන්වමින් හිනැහුන; කසිප්පු මිස වෙන ගඳ නැති
පුංචි දිනපොතේ සීවලි
අරක්කු ණය ලියා උන්නු
මෙන්ඩිස් මාමා; මට දැනුනේ
මහ විශ්ව කර්ම දෙවිඳු
ඇසුරට මට ලැබුණ බවකි
මැන්ඩිස් මාමා දවසක් උසාවියෙන් ආ වරෙන්තු
දැක එල්ලිලා මැරුනෙත්
දඩ ගෙවන්න සල්ලි නැතිව
ඒ විසාල යකඩ ගොඩට උඩින් තිබ්බ බාල්කයේ
එදා ඉඳලා කවුරුත් නාන්න නිතර දෙවෙලේ රිංගපු
මැන්ඩිස් මාමාගේ පොදු ලිඳ අවට දිය සෙවෙල් බැඳිලා
පනිට්ටුවත් හොරු අරගෙන යකඩ ගොඩත් මළකඩ කා
දිරා ගියත් කිසිවෙක් නැහැ ආවෙම ඒ පළාතකට
ග‍්‍රීස් ගඳින් භූමිතෙලින් ඩීසල් තෙල් එකට මුහුව
අමුතු යකඩ ගඳින් යුත්ත හොර අරක්කු දේවාලේ
දෙවියන් හැර ගිය හිස් තිර පට ලෙස දොරගුලු හැර
පොලීසියෙන් සීල් තියා දේව රූප අරන් ගියා
මගේ සුරුට්ටු පෙට්ටියෙ හුන් යන්තර සූත්තර අස්සේ
කාන්දම් කැවූ දැති රෝදය රහසක් ලෙස සුරකින්නට
සුරැකිව අද වෙනතුරු තියා ගත්තා හිත ඇතුලේ
දවසක සුදු මහත්තයා මෙවා කරකවනා හැටි
ඉගෙන ගත යුතු බව රහසින් මට කියා දුන්නා
මැන්ඩිස් මාමා මට දුන් කාන්දම් කැවූ රෝදය
මිල කළ නොහැකි තරම් වටිනා දෙයක් බවට
අගේ කරල අගේ කරල දුන්නු දෙයක් නිසා මෙමට
පොලීසියෙන් ඇවිත් සොයන වස්තුව එය විය යුතු බව
පුංචි මමත් බියෙන් තැවී අර පාළුව ගිය ලිඳ වෙත
ගොම්මන් වෙලාවක දුව ගොස් සුරුට්ටු පෙට්ටියම දමා
ඇවිත් හිසෙන් මහ බරක් අහක් කළා මට මතකයි
ඒ දැති රොදය පෙරළුන; රෝද එකට ගැටී නැගුණ
කිරිං කිරිං හඩ පමණක් මගෙ මතකයේ තව රැවු දෙයි
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
200904

Comments
මම හිතන්නෙ අන්තිම කාලෙ ඩොසා ලියූ හොදම කවිය මේක කියලයි.
අපූරුයි ඩොසා.
අන්තිම කාලෙ කියන්නෙ ඩොසා මෙ ළග කාලෙක ලියපු කියන එකයි.
muu danma marenne naha..
YAKADA DISAPAMOK...!
පිං නුඹට මුල මතක තිබ්බට...
මාරයි...
vancouver payday loan
cash advance
- Thomas