"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..."

"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..."

නැතිය මෙහි මහ දොළක්
මහ එකා ඇඳ උඩ කලක්
දරුවන් ද දෙදෙනෙකි
උන්ට ද සාගිනි දැනේ


රගමි සුරතාන්ත කෝලමක්
ඇගත් විකුණන තව දෙයක්
එන එකා සිතන්නේ
මෙ කෙලිය මට ද උන්ටම සේය


බඩ උඩ රගන උන් හට
ඉක්මනින් හමාරය ලකුණු කරනට
රගමි සුරතාන්ත කෝලමක්
කරන්නට වෙන දෙයක් නැත මහතුන්

රැයක අවසන දේ මහ දුකක්
තුනටිය ද කැලතුණු විලක්
බෙහෙත් බොමි නිබඳ
මසිරුරම ගිනි ගොඩක්
එන එවුන් එය නොදනිතත්
සියළු ශිල්ප පෙන්වති මටත්
මෝදක ද ගිල දමා'වුත්
වරු ගණන් කෙලිනට ලොලේ


ඈ පවසනු මට නොඇසේ...

"කුහක ගැහැණුන්ගේ
උන්මාද නෙතු අතරෙ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ


'නීනා'
ඔබෙනි පල ගැනුනේ


'හනිලින්'
ඔබෙනි පල ගැනුනේ


'නතාෂා'
ඔබෙනි පල ගැනුනේ


'මරීනා'
ඔබෙනි පල ගැනුනේ..."



ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
200904

Comments

Sankha said…
මේ කතිකාවේ රන්බණ්ඩා සෙනෙවිරත්නගෙන්, රත්න ශ්‍රී විජේසිංහගෙන් පස්සෙ තවත් එක් මානයක්. හරිම කාව්‍යාත්මකයි වගේම භාෂා ශෛලියෙන් එහි ඇති කර්කශක බව ඉස්මතු වෙනවා.
Koombiya said…
ela. wadinawa kudu wenna.
Anonymous said…
අපූරුයි! කපුගේ හිටියනම් පහක් දානව!
Kanch said…
කියලා වැඩක් නෑ.. මෙික නමි හරිම අපුරු නිර්මාණයක් !!
AJ said…
ammoooooooooo.......... adenawa....
Anonymous said…
niyamai dawson niyamai

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්