නුග කොල ද හෙම්බත් ය...

නුග කොල ද හෙම්බත් ය
ප්‍රභාසංශ්ලේෂණය
ඇණ හිට දැං කලකි
නුග සෙවණේ ද ගිනියමකි

අහරක් නොනිපදේ
ආහාර දාම
මුලිනුපුටා වැනසෙති රහසේ

නුග විතරක් ද
අඹ කොල ද වල්මත් ය
නැත කිසිදු අහරක්
ප්ලෝයම පටක තුළ දුවන ඉහළට

අඹ ඵලය හැඩයකි
ඇතුලත හිස් යැ
බීජ නොලබයි
සුවඳ නොහමයි

හිරු එළියෙ ගිනි රැස් ය
හරිතප්‍රද ගිනි ගති
අහර නිපදුම එතැන නැවතුනි
නුග මෙන්ම වල් අතු අඹ ද
විජලනයට පත්ව වැතිරෙති

රහසක් නැති
හිරු මියෙන්නට පටන් ගෙන ඇති...

23/05/2012

Comments

හෙම් බත් වූ නුග කොල මත ඉස පිණිදිය
පණ පොවා ගත් කල
පෙර ලෙස අහර දිය හැකි නොවැ..
ගස් වලට එත බොහෝ ඖෂ ......
සලුනත් කොළ...
පන ඇති ....අරටුව....

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්