Saturday, June 11, 2011
බුබුළුලයි සාගරය!
බුබුළුලයි සාගරය
කුස්සිය කක්කුස්සිය සහ සාල
නැහැ කිසි වෙනස හැකිලී ඇත මිදුල
තඩි ඉබ්බන්ය දරදඩු බර පිත්තල
බැලු බැලු අත
යකඩ පොලු වානේ මළකඩ දම්වැල්ය
අපි අපේ නිවෙස් තුළ
සිරකරුවන් ව ඇත
එද සතුටකි
ජීවිතය තවම අප ළඟ
යකඩ මල් පිපුණු බිම
රොන් සුණු ඊයම් මුසුව
කැමෆ්ලාජ පැළැඳ බඹරුන්
මුව තබයි නොඉවසිල්ලෙන්
යුක්තියේ හිරු ද කඹයකින් ඇත එල්ලා
නොදනී එල්ලුනි ද මන්දා
එල්ලුනැයි කීවොත් මැතිඳා
පිළිගනු මිසක වෙන කුමන් දා
සත්‍ය යේ සඳු ද මිය ගොසිනි විඳ අපමණ වේදනා
මළ මුත්‍ර පහව ගෙල දැඩිව සිරව
අවරදිග අහස කෙළවර
කුරුනෙල් වාර්තා නැතිවම
රක්ත පැහැයෙන් සිතිජය තෙත්ව
දිලිසේ සයුර මතුපිට රුහිරු ඝණ ලප
මකා සාහසිකබවේ කුණප සළකුණු
ලුණු දිය දිලිසේ රක්තාණු මුසු වුණු
වානේ පන්නරය ලබනට
මේ ලේ වැකි අහස
ඇත්තටම ඇති; එතරම් ම උණුසුම්ය
බුබුළුලයි සාගරය!
Friday, June 10, 2011
තිර දැල්වීමට...
ටැක්සියේ නොම්මරේ:
කේ. කේ. සමන් කුමාර
Thursday, June 9, 2011
දම් පාට
දම් පාට
පාටක් නැති වතුර
වැටෙන විට නුඹ සිරුර මත
මතුවෙලා පෙනෙයි
නුඹෙ පාට දම් පාට බව
සේදිලා ගිය විටෙක
මඩ පාට දූවිල්ල
මතු වෙලා පෙනෙයි
නුඹෙ පාට දම් පාට බව
ඇද හැලෙන විට වැස්ස
අකුණු පුපුරයි හද ගැබ
සේදුනත් ඇඟ මස් ගොබ
ගිනි ගනී හද අබතුර
බොකුටු හැඩ ගැට ගෙතුණු
අකීකරු කොණ්ඩ මිස
නැත සිතක් ගැට ගැසුණු
උල් පතොක් කටු ඔටුණු
තෙත බරිත හරිත පැහැ
තුරු මුදුනක නිසොල්මන
නුඹේ දෑස් මත ඇඳෙයි
මොහොතකට පෙර සමුදෙන්න
හෙට ආයේ එනවාද
අපේ වැඩ බිමට නුඹ
දම්පාට කොල්ලනේ
රන් පාට සිත් පැළැඳ
ඩෝසන් ප්‍රීති
09/06/2011
[ඡායාරූපය බාමෙන්ඩාවේ වැඩ බිමෙනි]
පාටක් නැති වතුර
වැටෙන විට නුඹ සිරුර මත
මතුවෙලා පෙනෙයි
නුඹෙ පාට දම් පාට බව
සේදිලා ගිය විටෙක
මඩ පාට දූවිල්ල
මතු වෙලා පෙනෙයි
නුඹෙ පාට දම් පාට බව
ඇද හැලෙන විට වැස්ස
අකුණු පුපුරයි හද ගැබ
සේදුනත් ඇඟ මස් ගොබ
ගිනි ගනී හද අබතුර
බොකුටු හැඩ ගැට ගෙතුණු
අකීකරු කොණ්ඩ මිස
නැත සිතක් ගැට ගැසුණු
උල් පතොක් කටු ඔටුණු
තෙත බරිත හරිත පැහැ
තුරු මුදුනක නිසොල්මන
නුඹේ දෑස් මත ඇඳෙයි
මොහොතකට පෙර සමුදෙන්න
හෙට ආයේ එනවාද
අපේ වැඩ බිමට නුඹ
දම්පාට කොල්ලනේ
රන් පාට සිත් පැළැඳ
ඩෝසන් ප්‍රීති
09/06/2011
[ඡායාරූපය බාමෙන්ඩාවේ වැඩ බිමෙනි]
ටැක්සියේ නොම්මරේ:
ඇම්බියුලන්ස්,
බාමෙන්ඩා
Friday, June 3, 2011
ඔබ නිවී ගිය පසු
වැටුණු විට මල් පෙත්ත
නිල් දිය තලය මතුපිට
නැගෙයි රැළිති පෙළ හැඩ
නැගි නැගී යයි ඉවුරු දෙසටම
වැදුණු විට අකුණු සර
දිය වී ඇවිලී වැගිරෙයි උසම තැන
ප්‍රභා මණ්ඩලය කිසි විට
ඉලක්කය නොගනී පහත් තැනි බිම
පිපී සුගන්ධය දෙන මල්මත
බඹරුන් තැබූ කල සිය පය
කල්ගත නොහැක මොහොතකුදු
නිසි ඵල ලෙසට නැගී ආ යුතු
ඔබ නිවී ගිය පසු
වැටෙයි ආලෝකය පෙර නොවු ලෙස
නිවෙනු නම් යනු ඒ ලෙස
දැල්වෙනු ඇත හෙට මුලු ලෝ සත
02/06/2011
නිල් දිය තලය මතුපිට
නැගෙයි රැළිති පෙළ හැඩ
නැගි නැගී යයි ඉවුරු දෙසටම
වැදුණු විට අකුණු සර
දිය වී ඇවිලී වැගිරෙයි උසම තැන
ප්‍රභා මණ්ඩලය කිසි විට
ඉලක්කය නොගනී පහත් තැනි බිම
පිපී සුගන්ධය දෙන මල්මත
බඹරුන් තැබූ කල සිය පය
කල්ගත නොහැක මොහොතකුදු
නිසි ඵල ලෙසට නැගී ආ යුතු
ඔබ නිවී ගිය පසු
වැටෙයි ආලෝකය පෙර නොවු ලෙස
නිවෙනු නම් යනු ඒ ලෙස
දැල්වෙනු ඇත හෙට මුලු ලෝ සත
02/06/2011
දෙ වසර-මහේෂ් මුණසිංහ
දෙ වසර
නො බලන බව
දකින්නට වත්
ඇස උස්සා නො බලමි
පිනට පේ වුණු
උන් මැද
සුදු සිල්
වෙස් හැඳ
දුක සඟවා
පහන් වත නංවා
හිස නූස්සා ඇදෙමි
ආගන්තුක වෙහෙර බිම
එක පහනක් දල්වා
ඉවසමි
කරුණාව වැගිරෙන
බුදු නෙත මඟහැර
පොළොව පෙඟවුණ
රුධිරය දකිමි
අහස ඇවුරුණ
වර්ණිත බුදුරුව විනිවිද
අහස හැකිලුව
විලාපය අසමි
වෙඩි වැදී මළ අම්මා ට
පහනක් දල්වන්න වත්
මට අවසර නැති මගේ බිම
සංහාරයක ට
සාදු කාර දුන් බැතිමත්හු
පසඟ පිහිටුවා
සත වෙත නිදුක් සෙත පතති
මේ වෙසඟෙහි
දහසක් පහන් දල්වති
අතැර ගිය
භද්ර මිනිසුන් අතර
දෝත මුදුනත තබා
මගේ හිත මම ම ඇවිදවමි
පහන
පහන් අතරම සඟවමි
පින්වත් උවැසියන්
බෝතල් අරන් දෑතින්
මා තැබූ
නිසරු පහන ට
තෙල් වත්කරන්නේ
නො දන්නාකමටය
හොරෙන් දැල් වූ මේ සිල
බුදුනි,
ඔබෙ රුවෙන් එපිට ඇති
මළවුන්ට ය
මහේෂ් මුණසිංහ
මැයි 2011
නො බලන බව
දකින්නට වත්
ඇස උස්සා නො බලමි
පිනට පේ වුණු
උන් මැද
සුදු සිල්
වෙස් හැඳ
දුක සඟවා
පහන් වත නංවා
හිස නූස්සා ඇදෙමි
ආගන්තුක වෙහෙර බිම
එක පහනක් දල්වා
ඉවසමි
කරුණාව වැගිරෙන
බුදු නෙත මඟහැර
පොළොව පෙඟවුණ
රුධිරය දකිමි
අහස ඇවුරුණ
වර්ණිත බුදුරුව විනිවිද
අහස හැකිලුව
විලාපය අසමි
වෙඩි වැදී මළ අම්මා ට
පහනක් දල්වන්න වත්
මට අවසර නැති මගේ බිම
සංහාරයක ට
සාදු කාර දුන් බැතිමත්හු
පසඟ පිහිටුවා
සත වෙත නිදුක් සෙත පතති
මේ වෙසඟෙහි
දහසක් පහන් දල්වති
අතැර ගිය
භද්ර මිනිසුන් අතර
දෝත මුදුනත තබා
මගේ හිත මම ම ඇවිදවමි
පහන
පහන් අතරම සඟවමි
පින්වත් උවැසියන්
බෝතල් අරන් දෑතින්
මා තැබූ
නිසරු පහන ට
තෙල් වත්කරන්නේ
නො දන්නාකමටය
හොරෙන් දැල් වූ මේ සිල
බුදුනි,
ඔබෙ රුවෙන් එපිට ඇති
මළවුන්ට ය
මහේෂ් මුණසිංහ
මැයි 2011
ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව
ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව
පසුගිය වසරේ දෙසැම්බර් තුන්වන දින මා මෙම බ්ලොගයේ, ඔවුනගේ අලුතින් එළි දැක්වූ "පෙරදිග සුළං" සඟරාවේ අන්තර්ගත වූ මා විසින් පරිවර්තනය කොට බූන්දියේ පළ වූ ලිපියක් අරභයා කොමෙන්ටු අවකාශයේ වූ සඳහනක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් ලෙස කළ කුඩා ලිපියට ද ඉඩක් ලබා දී ඇත.
ඒ ගැන ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාවට මගේ කෘතඥතාව මෙසේ පළ කරමි.
පසුගිය වසරේ දෙසැම්බර් තුන්වන දින මා මෙම බ්ලොගයේ, ඔවුනගේ අලුතින් එළි දැක්වූ "පෙරදිග සුළං" සඟරාවේ අන්තර්ගත වූ මා විසින් පරිවර්තනය කොට බූන්දියේ පළ වූ ලිපියක් අරභයා කොමෙන්ටු අවකාශයේ වූ සඳහනක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් ලෙස කළ කුඩා ලිපියට ද ඉඩක් ලබා දී ඇත.
ඒ ගැන ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාවට මගේ කෘතඥතාව මෙසේ පළ කරමි.
ටැක්සියේ නොම්මරේ:
ත්‍රිමාන,
දීප්ති කුමාර ගුණරත්න,
පෙරදිග සුළං
Subscribe to:
Posts (Atom)



