ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව
පසුගිය වසරේ දෙසැම්බර් තුන්වන දින මා මෙම බ්ලොගයේ, ඔවුනගේ අලුතින් එළි දැක්වූ "පෙරදිග සුළං" සඟරාවේ අන්තර්ගත වූ මා විසින් පරිවර්තනය කොට බූන්දියේ පළ වූ ලිපියක් අරභයා කොමෙන්ටු අවකාශයේ වූ සඳහනක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් ලෙස කළ කුඩා ලිපියට ද ඉඩක් ලබා දී ඇත.
ඒ ගැන ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාවට මගේ කෘතඥතාව මෙසේ පළ කරමි.
Showing posts with label පෙරදිග සුළං. Show all posts
Showing posts with label පෙරදිග සුළං. Show all posts
Friday, June 3, 2011
ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව
ටැක්සියේ නොම්මරේ:
ත්‍රිමාන,
දීප්ති කුමාර ගුණරත්න,
පෙරදිග සුළං
Friday, December 3, 2010
බත් වෙනුවට බූන්දි කමු ද? දීප්ති කුමාර ගුණරත්නට නිවැරදි කිරීමක්
ඊයේ 2010-12-02 වන බ්‍රහස්පතින්දා "24වන සියවසේ භෞතිකවාදය" නම් වූ තේමාවෙන් වූ දීප්ති කුමාර ගුණරත්නගේ දේශනය අසන්නට මම ජයවර්ධන කේන්ද්‍රය වෙත ගියෙමි.
"පෙරදිග සුළං" අලුත්ම කලාපයක් සහ පෙරටුගාමී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ වූ ඩීවීඩි තැටියක් ද ඔවුන් එම ශාලාවේ මිල දී ගැනීමට කටයුතු යොදා තිබුණි.
මෙම ඩීවීඩි තැටිය පරිගනකය ආධාරයෙන් නැරඹිය හැකි බැව් දැන ගතිමි.
"පෙරදිග සුළං" අලුත්ම කලාපය මින් පෙර පළ වූ කලාපවලට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබුණි. එය පිටු 250කින් යුත් මධ්‍යම ප්‍රමාණයේ ග්‍රන්ථයකි. එහි මිල රුපියල් 150ක් ලෙසම පවත්වා තිබීමද සුවිශේෂි කාරණයකි.
පොතක් වශයෙන් එය සාරගර්භය. නැවත නැවතත් කියවීමට ලක් කරන්නට හදාරන්නට බොහෝ දෑ එහි අන්තර්ගතය.
මාගේ මෙම සටහන එම පෙරදිග සුළං 7 වන කලාපයේ 99 වන පිටුවේ සඳහන් කරුණක් අරභයා කිසියම් නිවැරදි කිරීමක් කිරීමේ අභිලාෂයෙනි.
99 වන පිටුවේ උපමාතෘකාවක් මෙසේ දැක්වෙයි.
උපුටා දැක්වීම ආරම්භය.
බත් වෙනුවට බූන්දි කමු ද?
හේතුව එය යොදා වැඩක් නැති ක්ෂේත්‍රවලට එනම් ආත්මය ලෝකය දෙවියන් වැනි දෑ යෙදූ විට අප ගමන් කරන්නේ මායාවන් දෙසටය.කෙනෙකු මිනිසාට ආත්මයක් යනුවෙන් සාරාර්ථයක් පවතින්නේ යැයි සිතා එය ඔප්පු කිරීමට ගිය හොත් සිදු වන්නේ කුමක් ද? මේ මෑතක දී වෙබ් අඩවියක ඩේවිඩ් ලින්ච්ගේ චිත්‍රපටයක් ගැන පරිවර්තනයක් පළ වූ අතර එය කියවූ පාඨකයෙක් පරිවර්තකයා ගෙන් මෙසේ අසා තිබුණි.
"මේ ගැන දීප්ති මොනව හරි ලියල තියෙනවද? එහෙනම් ඒ ඒ කොතන ද? "
මින් දැඩිලෙස ප්‍රකෝප වූ පරිවර්තකයාගේ උත්තරය මෙවැනිය.
"මට පේන විදියට දීප්ති ගැන භක්තියක් තියෙන චෑං චූං කෙනෙක් ඔයා. දීප්ති මනෝවිශ්ලේෂණය හැමදෙනාටම යොදනව. හැබැයි එයා කිසිදවසක එයාගේ ස්වාත්මය විශ්ලේෂණය කරන්න මනෝවිශ්ලේෂණය යොදා ගන්නේ නැහැ."
මේ පරිවර්තකයා නොදන්නේ මනෝවිශ්ලේෂණයට අනුව ස්වාත්මය කියා දෙයක් නොමැති බවය. ලංකාවේ ලින්ච් පරිවර්තකයන් සමීප වන්නේ ලින්ච්ගේම ප්‍රබන්ධ චරිතයක් වූ බොබී පේරුටයි. බොබී පේරු යනු ඔබගේ ෆැන්ටසිය අවුස්සා එය හෙළිදරව් කර "පස්සේ හැමනෙමු-දැන් බැහැ" කියන වර්ගයේ චරිතයකි.
උපුටා දැක්වීම අවසානය.
මෙම සඳහන් කිරීමේ දී දීප්ති විසින් කරන ලද උපකල්පනය නම් එම ලිපියේ ප්‍රශ්න ඇසූ අයට පිළිතුරු සපයා ඇත්තේ එහි පරිවර්තක වන මා විසින් යැයි කියාය. මෙය සාවද්‍ය නිගමනයකි. මා එම ලිපිය පරිවර්තනය කර බූන්දි වෙබ් අඩවියේ පළකරන්නට එහි වැඩ දෙපාර්තුමේන්තුවට යොමු කළ පසු කිසිදු ආකාරයක අතරමැදි වීමකට යොමු වූයේ නැත. කොටින්ම පළමු ප්‍රතිචාරයෙන් දුර්මුඛ වූ මා හට එහි දෙවන කොටස පළ කිරීමට පවා උනන්දුව ගිලිහී යන්නට තරම් විය.
නැවතත් අවධාරණය කළ යුත්තේ මවිසින් 2010-03-25 වන දින බූන්දි වෙබ් අඩවියේ පළ කළ ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා [1] යන පරිවර්තන ලිපියට පහත දක්වා ඇති ප්‍රතිචාර ලැබී තිබුණු බවත් මෙම ප්‍රතිචාර කිසිවකටත් මාගේ සම්බන්ධයක් නැති බවත්ය. එම ලිපියේ පරිවර්තක ලෙස මා එම බාහිර පුද්ගලයන් නැගූ කිසිදු ප්‍රතිචාරයක් උදෙසා පිළිතුරු බැන්දේ නැත.
[A. Amarasekara] මෙහෙම කියනවා :
@green sun
where has deepthi kumara gunarathna written on this film? can you give me the reference pls.
@dosan
I dont find any problem with your translation. all these are nonsense. green sun looks to be a "චෑං චූං" who has a faith on DKG. DKG applies psycho-analysis on all others. but ridiculously he never examines his own soul.
කිවුව වෙලාව- 2010-04-05 22:11:44
[green sun] මෙහෙම කියනවා :
Deepthi kata puka dunnama moakda...mama kiyanne mama kiwe oya film eka gana leyala thiyena Deepthige Article eka kiyawanna kiyala.......hamogema puka nathiwela enna rate Deepthi puka depuhama mokadda thiyena prassne....
කිවුව වෙලාව- 2010-04-03 01:49:40
[Pathum Senanayake] මෙහෙම කියනවා :
Deepthita Baninna Deyak Deepthi Methana Karala Nane.
Eya Me Issue Ekata Kisima Sambandayak Nane.
Ai Eyata Baninne?
කිවුව වෙලාව- 2010-03-31 23:26:42
[Anno] මෙහෙම කියනවා :
@green sun
oya deepthita puka denna kalin apita kiyanawada deepthi dan me dawaswala katada puka denne kiyala?
mangalatada? ruwantada? raniltada?
කිවුව වෙලාව- 2010-03-29 23:16:27
[Pathum Senanayake] මෙහෙම කියනවා :
green sun Deepthige Mona Article Ekada Kiyawanna Ona
කිවුව වෙලාව- 2010-03-29 01:19:54
[ කුන්දේරා] මෙහෙම කියනවා :
''මහලු මළවුන් තරුණ මළවුන්ට ඉඩ දිය යුතුය.''
කිවුව වෙලාව- 2010-03-28 00:23:18
[green sun] මෙහෙම කියනවා :
translat eka anthimai....Deepthige Article tikak kiyawanna....ethakota wede goda daganna puluwan wi.....
කිවුව වෙලාව- 2010-03-26 06:29:43
මෙම කාරණය මා දීප්තිගේ දේශනය අවසානයේ වූ කෙටි පිළිසඳරේ දී ඔහුට පැහැදිලි කර දුන් අතර මෙම සාවද්‍ය නිගමනය මතු යම් දවසක නිවැරදි කරණු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.
ටැක්සියේ නොම්මරේ:
දීප්ති කුමාර ගුණරත්න,
පෙරදිග සුළං,
බූන්දිය
Subscribe to:
Posts (Atom)

