Saturday, July 23, 2011
උපස්ථිතිවාදය සහ නව යථාර්ථවාදය-ජුලි 24
ටැක්සියේ නොම්මරේ:
කේ. කේ. සමන් කුමාර
Thursday, July 14, 2011
මනස ක්වොන්ටම් සීනො ආචරණයේ ප්‍රතිඵලයක් ද?
4.2 Stapp: Quantum State Reductions and Conscious Acts
4.2 ස්ටාප් ආකෘතිය-ක්වොන්ටම් ඌණිත තත්වයන් සහ සිහියේ ක්‍රියාකාරකම
ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතයේ ඇති තීරණාත්මක සංසිද්ධියක් වනූයේ කිසියම් භෞතික රාශියක් මැන ගැනීම පිළිබඳව ඇති විවාදාත්මක ස්වභාවයයි. එම ගැටළුව දශක හතක පමණ කාලයක් තුළ ක්වොන්ටම් සන්දර්භය තුළ සාකච්ඡා වී ඇත. වොන් නියුමාන් 1955 සිය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතමය පදනම ගැන ලියූ තිසීසය තුළ මෙසේ සඳහන් කළේය. එනම් ක්වොන්ටම් මිනුම වූකලී අසන්තතික -හේතුඵල සම්බන්ධතාවයෙන් විනිර්මුක්ත වූ-තත්සම සහ අප්‍රතිවර්ත්‍ය ගතිගුණයෙන් යුක්ත වූ ක්‍රියාවක් ලෙසින් කිසියම් ක්වොන්ටම් තත්වයක පරිවර්තනමය අගයක් ලෙස එහි අයිගන් තත්වයේ අගය මිනිය හැකි නිරීක්ෂකයක සම්භාවිතා අගයක් ලෙසිනි. (එනම් ෂ්‍රෝඩිංගර් සමීකරණයේ කිසියම් විචල්‍යයක් කිසියම් ක්වොන්ටම් ගතිගුණයක එනම් ගම්‍යතාවය වැනි දෙයක මිනුමක් ගත හැකි රාශියක අයිගන් අගයක් ලෙස පරිවර්තනය කොට එම අගයේ වර්ගයෙන් එම සිදුවීමේ මිනුමේ අගය පැවතිය හැකි සම්භාවිතා අගයක් ලෙස ගණනය කළ හැකිය යන පරිවර්තනමය එකඟතාවය යි) මෙම පරිවර්තනීය තත්වය සමහර විට මිනුම්කරණයේ දී තරංග සමීකරණයේ බිඳ වැටීම හෝ ඌණිතය ලෙසද හැඳන්වේ. මෙය සන්තතික -ඒකීය (ප්‍රතිවර්ත්‍ය) ෂ්‍රෝඩිංගර් සමීකරණයේ පරිනාමය හා ප්‍රතිවිරුද්ධ ආස්ථානයක් ගැනීමකි. (ෂ්‍රෝඩිංගර් සමීකරණය ව්‍යුත්පන්න වී ඇති ස්වභාවය අනුව එය මතින් විසඳුම් ලෙස ලැබෙන සංකීර්ණ නමුත් සන්තතික විසඳුම් ආකාර ගත් තරංගයෝ කිසි විටෙකත් මෙබඳු ගතිගුණ නොපෙන්වන බැවිනි. ඒවා කිසියම් සන්තතික සහ ඒකීයත්වයකින් යුත් තරංග සමීකරණ විශේෂයක් පිලිතුරු ලෙස ලබා දීමට සමත් බැව් එම ෂ්‍රෝඩිංගර් සමීකරණයේ ගණිතමය ගතිගුණ විසින් එනම් දෙවැනි පෙළේ අවකල ගතිගුණ විසින් සනාථ කරන බැවිනි.)
වොන් නියුමාන් ඔහුගේ ලියැවිල්ලේ හයවන පරිච්ඡේදයේ පෙන්වා දෙන පරිදි නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය පිළිබඳව හා ඒ අතර ඇති සංකල්පීය වෙනස්කම් අවබෝධය තුළ ඇති වෙනස සාක්ච්ඡාවට බඳුන් කරයි. එම සන්දර්භය තුළ 1 සහ 2 ඔහු යොදන්නේ මිනුම් කළ හැකි වස්තු පද්ධති ලෙස සාමාන්‍යකරණය කළ අවස්ථා:
(1) මිනුම්කරණයට ලක් කළ හැකි රාශිය
(2) මිනුම් උපකරණ
(3) මිනිස් නිරීක්ෂකයා (හෙවත් මිනිස් මොළය)
ඔහුගේ නිගමනය වන්නේ නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය අතර ඇති සීමාව ස්ථානගත වන්නේ (1) සහ (2) & (3) අතර ද එසේ නැතහොත් (1) & (2) අතර ද යන්නෙන් කිසිවිටෙකත් බලපෑමක් නොවන බවයි. එනම් මින් ගම්‍ය වන්නේ නිරීක්ෂකය හෝ මිනිස් මොළය යනුවෙන් ද්විත්වාකාරයක් නොපවතින බවත් එය එකම එකක් ලෙස අවසාන විග්‍රහයේදී සමපාත වන බවත් ය.
වොන් නියුමාන් විසින් ඉතා සියුම් ලෙස වරනගන මෙම විසංසන්දනාත්මක ආස්ථානය ලන්ඩන් සහ බවර් 1939 විසින් වඩාත් දුර සංවර්ධනය කළ බැව් සඳහන් කළ හැකිය. එනම් ක්වොන්ටම් මිනුමක් සම්පූර්ණ කරනු ලබන්නේ මිනිස් විඥානය විසිනි යනුවෙනි. මේ ආකාරයේ අතරමැදි වීමක් තුළින් ක්වොන්ටම් මිනුම පිළිබඳව අවබෝධය කෙරෙහි මිනිස් මනසේ සහභාගිත්වය තීරණාත්මක පෙදෙසකට රැගෙන යනු ලබන්නේ සත්‍ය වශයෙන්ම රැඩිකල් ස්ථාවරයකට ය. 60 ගණන්වල දී විග්නර් 1967 ඔහුගේ යෝජනා අතර ඉතා ප්‍රකට විග්නර් මිතුරා ලෙස හැඳින් වූ අදහස විය. වොන් නියුමාන්ගේ ප්‍රක්ෂේපන පිළිබඳ අදහස ඉදිරියට ගෙනෙමින් එය ප්‍රතිස්ථාපනය කළ යුත්තේ (නිරීක්ෂිතයක් හා බැඳුනු අයිගන් ස්ථාවරයන් පිළිබඳ සම්භාවිතා ආකෘතිය) ක්වොන්ටම් මිනුමක් යනු යථමය ගතිකයන්ගේ අප්‍රතිවර්ත්‍ය ක්‍රියාවලියක් ලෙස දක්වා විග්නර් යෝජනා කළේ කිසියම් රේඛීය නොවන අරේඛීය සංශෝධනයක් ලෙසිනි.
1980 ගණන් වන තුරුම ස්ටාප් ඔහුගේම මතවාදයක් ලෙස සංවර්ධනය කරන්නට වෑයම් දරණ ලද්දේ නියුමාන් සහ විග්නර් විසින් ගෙනෙන ලද යෝජනා පසුබිම් කරගෙන ය. සුවිශේෂි ලෙසම ඔහු විඥානයේ විශේෂ ගතිගුණ අවබෝධ කරගන්නට ක්වොන්ටම් සිද්ධාන්තයේ උපයෝගීතාවය විමසයි. වොන් නියුමාන්ගෙ යෝජනාවෙන් ප්‍රහර්ෂය ලබන ස්ටාප් බොහෝ නිදහස් ලෙස නිරීක්ෂිතයේ සහ නිරීක්ෂණයේ පද්ධතිය අතර මුහුණත නිරීක්ෂකයාගේ මොළයේ පිහිටුවනවා. හෙතෙම වත්මන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ සිද්ධාන්ත කෙරෙහි කිසිදු සංශෝධනයක් යෝජනා නොකොට (විශේෂයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හිල්බර්ට් අවකාශයේ නිර්වේශනාත්මක පොදු පිළිගැනුමට එරෙහි නොවී) එනමුත් සද්භාවාත්මක ආකෘතියට ප්‍රමූලික අන්තර්නිර්වේශනාත්මක දිගුවක් එකතු කරනු ලබයි.
ස්ටාප් ඔහුගේ මුල් කාලයේ හයිසන්බර්ගේ තත් සහ විභවීය වෙනස පිළිබඳ අදහස් [potential and the actual] (Heisenberg 1958) තුළින් ඇරඹී ක්වොන්ටම් යාන්ත්‍රිකයේ කෝපන්හේගන් අන්තර්නිර්වේශනයන්ගෙන් [Copenhagen interpretation of quantum mechanics] ඔබ්බට කැඳවා යන්නට සමත් වෙයි. හයිසන්බර්ග්ගේ මිනුම පිළිබඳ යථාර්ථය [actual] කෝපන්හේගන් එකඟතාවයන් හා මනාව සබැඳේ. කෙසේ වෙතත් හයිසන්බර්ගේ විභවය [potential] හෝ පෙළඹුම පිළිබඳ සංකේතනය මිනුමට පෙර තත්වය හා සබැඳෙන්නේ මිනුමකින් ස්වායත්තව යථාර්ථය අචලව පවතී යන කල්පනය ඔස්සේය. කිසියම් ව්‍යක්තිකරණයක් [actualization] තත්සම ක්ෂණයකින් නැවතත් එබඳුම ව්‍යක්තිකරණයක් උදෙසා පෙළඹුමක් ඇති කරන්නේ අනෙක් සත්‍ය සිදුවීමක් කෙරෙහි ය යන්න ඉන් ගම්‍ය වේ. එනයින් සිද්ධි නිර්වචනයෙන්ම උභයාර්ථ [ambiguous] වේ. එනම් අපැහැදිලි ද්විත්වාර්ථ වේ. ස්ටාප්ගේ එළඹුම අනිවාර්යෙන්ම හයිසන්බර්ගේ තත්‍යවාචී සිද්ධි සහ අනුභූතිමය අත්දැකීම කෙරෙහි එකිනෙක අන්තර්සම්බන්ධය ව්‍යක්තිකරණාත්මක ලෙස ගලපා ගනියි. දෙවැන්න ඔහු ප්‍රකාශ කරන පරිදි එම සිද්ධියේ හැඟවුමකි. එමෙන්ම එය සත්‍ය සිද්ධියේ නෛසර්ගික තත්‍යත්වය පිළිබඳව ගෙනෙනු ඇති තත්වාරෝපිතයක් ලෙස ද සැළැකිය හැකි බැව් පිළිගැනේ.
එම සිද්ධි තුළ පවත්නා එළඹීමේ ශක්‍යතා පිළිබඳ සැළකුව හොත් එය ව්‍යුත්පන්න වන්නේ (B) කොටසේ දැක්වූ (2) ආකාර වූ ප්‍රතිසමතාවයක් ඔස්සේය. මෙය සෘජුවම වයිට්හෙඩ් විසින් ප්‍රකාශිත සද්භාවාත්මක විචාරාකෘතියට සමපාත වේ. එනම් මානසික සහ භෞතික ධ්‍රැවයන් තත්‍ය අවස්ථා ලෙස නිර්වචනය වන යථාර්ථයේ මනෝවිද්‍යාත්මක සහ භෞතික අරමුණු ලෙසයි.
එම තත්‍ය අවස්ථාවන්හි විභවය පුරවගතතාමය [antecedents] ලෙස මනෝභෞතමික උදාසීන වන අතර එම ද්‍රව්‍යමය සහ මානසික අවියෝජනීයත්වය පවත්වා ගන්නා මාදිලියක් ලෙස සාක්ෂාත් කරයි. [The potential antecedents of actual occasions are psychophysically neutral and refer to a a mode of existence at which mind and matter are unseparated.]
දෙමුහුම් සාරාර්ථවාදය [hybrid ontology] ලෙස ස්ටාප් සංකේතනය කරන්නේ ද මෙම අදහස් ආකර වූ සහ ද්‍රව්‍ය ආකාර වූ සහ විකසනයේ අනුවපූරකතා මාදිලි ලෙස ගන්නා වූ මේ මුහුම් වීමයි. මේ අයුරින් ද්විප්‍රකාර විශය එළඹුම් (B) පැහැදිලි ලෙස වටහා ගත හැකිය.
මෑතක ස්ටාප් ගේ සම්මුඛ සාකච්ඡාවක ඔහු පැහැදිලි කළේ තමාගේ සද්භාවාත්මක එළඹුම් සමහරක් පිළිබඳ වයිට්හෙඩ්ගේ ආස්ථානය වූ යථාර්ථයේ මූලිකාංග ලෙස ද්‍රව්‍ය සහ මනස ට වඩා තත්‍ය අවස්ථා පිළිබඳ ප්‍රවාදය වඩාත් උත්කර්ෂයට නැංවෙන බවයි. අදහස් උපත ලබන්නේ සාරාත්මක සද්භාවයකට වඩා ක්‍රියාදාමයකට ලංව බවයි. ස්ටාප් මින් ස්ථාපිත කරන්නේ තත්‍ය අවස්ථාවල ප්‍රමූලික ක්‍රියාදාමාත්මක ස්වභාවය භෞතික ක්‍රියාකාරකමක මෙන්ම අවස්ථා ඌණිත ආකාර ලෙස මනෝවිද්‍යාත්මක අභිමතාර්ථයන් හා සහසම්බන්ධිත බවයි.
ඔහුගේ එළඹුමේ තවත් අතිශය වැදගත් ප්‍රතිඵලයක් වීමට වැඩි අහඹුතාවයක් ඇති අදහසක් වන්නේ කෙනෙකුගේ සිහියේ අභිමතාර්ථමය උත්සාහයන් විසින් මොළයේ ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි බවයි.
scheme (A) of Sec. 2 හි දැක්වෙන අනුප්‍රකාර ඔහු වඩාත් සියුම් ලෙස සිය විග්‍රහය ඉදිරිපත් කරන්නට සමත් වී ඇත්තේ සෘජුව අන්තර්ක්‍රියාවකට එළඹීමේ වැරදි ආකාර වූ අවස්ථාවකට ප්‍රතිපක්ෂවය. මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් ගේ විපාකයන් හෝ ප්‍රතිඵලයන් තත්‍ය අවස්ථාවන් ගේ ප්‍රතිසමතාවයන් ගේ අවැසිතාවය එනම් ඒවා අතර සහසම්බන්ධනය මනෝවිද්‍යාත්මක අභිමතාර්ථ ක්‍රියාවට යාවේ. එනම් අන්තර්ක්‍රියාත්මක වීමේ සංකේතනය මනස සහ ද්‍රව්‍ය අතර සහසම්බන්ධනයේ සංරෝධනය මගින් ආදේශ වේ.
විඥානයේ සිහි අවස්ථා සහ ද්‍රව්‍යමය මොළයේ අවස්ථා වෙන් කර හඳුනා ගැනීමෙන් පසුව විඥානයේ සෑම අවස්ථාවක්ම ස්ටාප් ට අනුව භෞතික ප්‍රතිරූපකය ක්වොන්ටම් අවස්ථා ඌණිතයක් ලෙස පවතින්නේ විඥාන අත්දැකීම උදාසීන ලෙසින් සහසම්බන්ධතාවයක් පවත්වා ගන්නා අතරම එම ක්‍රියාවන්ගේ රටාව හඳුනාගත හැකි ලෙසය.
වඩාත් නිවැරදි ලෙස මෙම ක්‍රියාකාරිත්වයේ රටාවන් අභිමතාර්ථය පිළිබඳ කිසියම් කේතනයන් සඟවා තබා ගත හැකි අතර ඒවා ක්‍රියාකාරිත්වයෙ අතුරුමුහුණත් හෝ අච්චු ලෙස ද පෙනී සිටිය හැකිය. [An intentional decision for an action, preceding the action itself, is then the key for anything like free will in this picture.] කිසියම් අභිමතාර්ථසාධනය උදෙසා උපදවන තීරණයක් එම ක්‍රියාත්මකවීම එහිම පැවැත්මක් ලෙස ඉන්පසු ස්වතන්ත්‍රභාවය පිළිබඳ වන්නා වූ දෙයක් කරා යොමු වූ යතුරක් ලෙස මේ විග්‍රහයේ දැක්වේ.
[As to the quantum aspect of a template for action, Stapp argues that the mental effort, i.e. attention devoted to such intentional acts can protract the lifetime of the neuronal assemblies that represent the templates for action due to quantum Zeno-type effects.] ක්වොන්ටම් අභිමතාර්ථය අච්චුවක් ලෙස ක්‍රියාත්මක වෙද්දී ස්ටාප් තර්ක කරන්නේ මානසික පරිශ්‍රමය එනම් එවැනි අභිමතාර්ථසාධනය කෙරෙහි යොදන උත්සාහය නියුරෝන එකලාසයන් කෙරෙහි එහි ක්වොන්ටම් සීනෝ ආචරණය වැනි ප්‍රපංචයන් වෙත කාලය දිග්ගැස්සිය හැකි ලෙස ඉඩ ලබා දෙන අච්චු ස්වරූපයෙන් හැසිරිය හැකි බවටය.
[Concerning the neurophysiological implementation of this idea, intentional mental states are assumed to correspond to reductions of superposition states of neuronal assemblies.] මෙම සංකල්පයේ නියුරොභෞතවේදී ක්‍රියාත්මකවීම් සැළකූ විට නියුරෝනමය එකලාසයන් තුළ සිදුවන අධිස්ථාපන ඌණිතයන්ගේ තත්ව හා අභිමතාර්ථමය මානසික තත්වයන් එකිනෙක අනුරූපවන බැව් උපකල්පනය කළ හැකිය. [For further progress, it will be mandatory to develop a coherent formal framework for this approach and elaborate on concrete details.] වැඩිදුර උන්නතිය උදෙසා මෙම එළඹුම් ආකෘතිය වඩාත් සංගත ප්‍රාථමික රාමුවක් දක්වා සංවර්ධනය කළ යුතු බව අවධාරිතය.
[For instance, it is not yet worked out precisely how quantum superpositions and their collapses are supposed to occur in neural correlates of conscious events. Some indications are outlined in a recent article by Schwartz et al. (2005).]
උදාහරණ වශයෙන් අභිමත ක්වොන්ටම් අධිස්ථාපනයන් සහ ඒවායේ බිඳ වැටීම් සිහියේ සිදුවීම් සමග නියුරෝනමය තත්වයන් අතර සබඳතා ගැන නිවැරදි හැදෑරීම් තවමත් සිදු වී නැත. සමහර මේ ආශ්‍රිත හැඟවුම් ෂ්වාර්ට්ස් 2005 ගේ ලියැවිලි තුළ සඳහන් වී ඇත. [With these desiderata for future work, the overall conception is conservative insofar as the physical formalism remains unchanged.] මෙබඳු පාදක තොරතුරු අනාගත ක්‍රියාකාරිත්වයන් කරා ද භෞතික ආකෘතිකවාදී ලෙස සැබෑ සංස්ථිතික වෙනස් නොවීමක් ද සහතික කරයි.
පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
තෙවැනි ලිපිය: විඥානයේ ක්වොන්ටම් ආකෘති

[However, it contains a radical conceptual move insofar as quantum measurement is understood to involve a conscious act in addition to a physical process.]
කෙසේ වුවද භෞතික ක්‍රියාවලියක් ලෙස ක්වොන්ටම් මිනුම අවබෝධ කරගැනුමට ඔබ්බෙන් මානසික ක්‍රියාත්මක වීම ගැන සංකල්පීය ලෙස රැඩිකල් චලනයක් කරා මේ දැනුම යොමුවන බැව් පෙනේ.
පරිවර්තක සටහන:
හෙන්රි පී ස්ටාප් ගේ [Henry P Stapp] මයින්ඩ්ෆුල් යුනිවර්ස් Mindful Universe [2007] නම් වූ ආන්දෝලනාත්මක කෘතිය කියැවීමට මෙතැනින් පුළුවන. මෙම ලිපියේ අන්තර්ගත සියළු කාරණා පිළිබඳ අතිශය දීර්ඝ පැහැදිලි කිරීම් එම කෘතියේ අන්තර්ගතය.
මෙම ලිපි පෙළේ
පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
තෙවැනි ලිපිය: විඥානයේ ක්වොන්ටම් ආකෘති
ටැක්සියේ නොම්මරේ:
Mindful Universe,
ක්වොන්ටම්,
ක්වොන්ටම් ලෝකය,
පරිවර්තන
Wednesday, July 13, 2011
කණේ මයිල් මොඩලයෙන් ඇහේ මයිල් මොඩලයට...
ටැක්සියේ නොම්මරේ:
කේ. කේ. සමන් කුමාර
Wednesday, July 6, 2011
අධිසත්තාවාදය-ජුලි 10 ඉරිදා
ටැක්සියේ නොම්මරේ:
කේ. කේ. සමන් කුමාර
කවියක් සහ එගැන ගෙතුමක්-[කවියක පුරා විද්‍යාව..] හෂිත අබේවර්ධනගෙන්
පීතෘ භුමිය
හිරු රැසින් නැහැවුන මිටියාවත
කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි
ගීත ගයමින් ගලා යන ගංගා
සියොතුන් පියාඹන නිල් අහස
වීය අප සැමගේම පොදු වස්තුවක්
කිසිවෙකුට අයත් නොවූ භුමිය
වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක්
සැමදෙනා සමගිව සිටියෙමු
භුමියේ වැඩෙන ගස් වැල් ලෙස
කාලයක් මෙලෙස ගිය විට
ඇතැමෙකු භුක්තියට ගත්හ භුමියේ සරු ඉඩම්
බෙදා වෙන්කර ගනිමින්
මගෙයි මගෙයි කියමින්
භූමියට කුරිරු ලෙස වධ දී
උපයාගත් රන්මසු වලින්
මිලට ගත්තෝය වහලුන්
කඹුරන්නට උන්ගේ ජීවිත යමින් බැඳ
බෙදා වෙන්කරගත් භුමියේ
පහල විය නීති රීති
ගරු කල යුතුයි දේපලට
අසල්වැසියාගේ
නීතිය කැඩුවන්
කුදලාගෙන ගියහ නිරී සතුන් සේ
සින්දෝය ඇතැමෙකුගේ අතපය
තියුනු අසිපත් වලින්
අහසින් කඩා වැටුනෝය පැලැන්තියක්
පූජකයන් කියාගත්
පෙන්නා දෙව්ලොව අපට
සින්දෝය උන් අපගේ සාක්කු
කූඩැල්ලන් මෙන් ගිජුව
සාරය උරාගත් භුමිය
දෙවියන් විසින් අපටම තිලින කල
භූමියක් බව ඇතැමෙකු කීහ
සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය
දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ
භුක්තිය ඇත්තේ අපට මිස අන් අයට නොවන බව
තරයේ අවධාරණය කළහ
පීතෘ භුමිය ආරක්ෂා කරනු
ඔවුන් අපට විධාන කළහ
බයිනේත්තු ඇමිණු තුවක්කු අතට ගෙන අප
පීතෘ භුමියේ සතුරන් සොයා ගියෙමු
මඩ වතුර පිරුණු අගල්වල
අප සතුරන් දුටිමු
ඔවුනටද කවා තුබුණි විස
අපව දුටු තැන නසන්නට
වෙන බසක් කතා කල
වෙනත් නිල ඇඳුමක් ඇන්ද
අප වැනිම මනුෂ්‍යන් කොටසකගේ ශරීර වලට
ඇන්නෙමු බයිනේත්තු වලින්
ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක්
දසත ගලා ගිය
මිනිස් රුධිරය
එක්විය ගංගා වලට
එකෙහින්ම නිල් ජලය රත් පැහැ විය
දේව ශාපයක් සේ
කාලතුවක්කු දුමාරයෙන් පිරී ගිය අහස
ඇද වැටුණු මහා වෘක්ෂ
නිසලවූ මිනිස් සිරුරු වැතිරුණු භූමිය
මිනිස් විෂ එකතු වුනු ගංගා
මැව්වේ අමු සොහොනක දසුන්ය
කුමක් වී ද ඒ රම්‍ය භූමියට
මිනිස් ගිජු බවේ සාපය වැදුණු
දියඇලි සිඳුනි මැලවුනි ගස්වැල්
හැර ගියහ සියොතුන් ශාපලත් භුමිය
අවසානයේදී සිදුවූයේ කුමක්ද
කිසිවෙකු නැත දැන සිටියේ
කියා දෙන්නට අවසන් ජවනිකාවේ රඟ
නොවීය පනැති කිසිවෙකූ එම භුමියේ
වෛද්‍ය රුවන් එම් ජයතුංග
කවියක පුරා විද්‍යාව...
හෂිත අබේවර්ධන
මිනිස් ඉතිහාසය සූත්‍රගත කිරීම සියලු දාර්ශනිකයන් හා ආගමික නායකයන් මුහුණ දුන් අභියෝගයකි. 'ඒ කෙසේ විනිද ස්වාමිනී?' නම් ගැටළුව මිනිස් වග සදා පෙලයි. අපි කොයිබින් ආමු ද? කොයිබ යන්නමෝද? යන අගාධ අනෝම ගැටළු විධිමත් ව ලිහීමට උත්සාහ දැරූ අවස්ථා මිනිස් ඉතිහාසයේ දුලබ නැත, සුලබ ද නොවේ. රුවන් ජයතුංග පීතෘ භූමිය නමින් 'කවියක' මේ ගැටළු දෙක බහා ලයි.
අග්ගඤ්ඤ සූත්‍රය විසින් අපි කොයින් ආමු ද? යන ගැටළුවට දුන් පිළිතුර ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හා ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් විශ්වශුක්‍රයක [Panspermia] න්‍යාය ලෙස නූතන විද්‍යාවට අනුගත කළහ. වාසෙට්ඨ හා භාරද්වාජ දෙනම වෙත තථාගතයන් ගෙන පෑ පිළිතුර සිංහල කවියෙහි මුල් වරට යොදා ගත්තේ මහගම සේකර යි. ඔහු ප්‍රබුද්ධ හි වික්ටර් වෙත මුල ප්‍රශ්නය පැහැදිලි කරනු වස් අග්ගඤ්ඤ සූත්‍රය යොදා ගනී.
.......
වාසෙට්ඨය!
ඉක්බිති ඒ සත්ත්වයෝ
ඇල් වී බෙදා ගත්හ
මායිම් තනා ගත්හ
[ප්‍රබුද්ධ දෙවන මුද්‍රණය 1980, පිට 93]
රුවන් ඔහුගේ කවියේ මුල් අඩ අග්ගඤ්ඤ-එංගල්සියානු මුහුමකින් වියයි.
කිසිවෙකුට අයත් නොවූ භූමියෙහි විසූ ආදි ගෝත්‍ර; පොදු වස්තු සහිත, සියල්ලන්ට සම අයිතීන් වූ, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර මල්ල-ලිච්ඡවී ගණයන්ට බඳුව පැවතුනු බව ඒ ආශ්‍රයෙන් රුවන් රූපණය කරයි.රුවන් ට ප්‍රතිපක්ෂව චර්යාවිද්‍යාවන් නැගී සිටියි, ඉම් සළකුණු කිරීම බොහෝ සතුන් කරති. මිනිසා සිය රංචු අතර ගැටෙමින් රංචුව ඇතුළත පොදු බව ආරක්ෂා කළ බව එංගල්ස් හා ඔහු අනුයමින් 'වොල්ගා සිට ගංගා තෙක්' ලියූ රාහුල සංස්කෘත්‍යායන අපට ඉඟි කරති. අග්ගඤ්ඤ සූත්‍රයේ මුල කොටස ද ඉඟි කරන්නේ මිනිස් නොවන අවධියක ආලෝක ශරීර සහිත ජීවීන් වර්ගයක් 'රසාතලයක්' අනුභව කරමින් හුන් යුගයක් දෙස විය යුතුය. [ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මේ රසා තලය 'ආදී සූපය' නමින් බෞතීස්ම කර ජීවයේ 'ස්වයංසිද්ධ ජනනය' සූත්‍රගත කළේය.]
ප්‍රාග් ඉතිහාසය හා ඉතිහාසය අතර ඇත්තේ මහා වියවුලකි. මිනිස් වර්ගයා අවසාන වන තුරු මේ වියවුල ලිහා ගත නොහැකිවනු ඇත. ශිෂ්ටත්වය යනු ලෝක නීතියකින් මිනිසා බැඳී යාමය. එහි හොඳ නරක තිබියදී ලෝක නීතිය පිළිගැනීම ශිෂ්ට බවයි. මිනිස් වර්ගයා අතර ස්වමාංශ භක්ෂණය පිළිකෙව් කිරීම එබඳු එක ලෝක නීතියකි.
ඉන්දියාවේ ප්‍රකට දලිත් ලේඛකයෙකු වන ආචාර්ය කන්චා ඉලයියා ට අනුව ජෛනයින් හා බෞද්ධයින් පොදු දේපල අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. [God as a Political Philosopher –Budhdha’s Challenge to Brahminism,132 පිට]. බුදුහු අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලා අභියෝගයට ලක් කරන්නේ එතෙක් පැවති මහා මිත්‍යාවකි. සතර වර්ණයන් බඹුගේ මුවෙන් ඇරඹි පා දක්වා උස්මිටි භේද සහිතව ලොවට උත්පාද වන බවට වූ මිත්‍යාව ඔවුහු සුණු කර දමති. බමුණාද ශුද්‍රයාද එකසේ ස්ත්‍රී යෝනියෙන් උපදින බව මතක් කර දෙති.
මේ කවර වූ යුගයක්ද, අජාසත් හා කෞටිල්‍ය විසින් කුඩා ගණ ගෝත්‍රයන් සිය අණසකට ගනු පිණිස මන්ත්‍රණ, කුමන්ත්‍රණ, භේද, වාද හා ගැටුම් ඇති කරමින් පැවති යුගයකි. වෙදුන්, නිළියන්, ගණිකාවන්, සේනාපතියන් මතු නොව සන්‍යාසීන්, පරිබ්‍රාජිකාවන් ආදීන් ද කුමන්ත්‍රණයන්ගේ උපකරණ වූ යුගයකි. ගණ නායකයන් බිඳවිම ඔවුනගේ රාජකාරිය විය. ලිච්ඡ්වීන් විෂය කොට අපරිහානීය ධර්මයන් දේශනා කිරීමට බුදුන් උත්සුක වන්නේ එබඳු දේශපාලන සංදර්භයක කිසියම් පිළිවෙලක් ඇති කරනු පිණිස විය යුතුය. ස්ත්‍රියට මහණ වීමට ශික්ෂා පද පනවන්නේ පරිබ්‍රාජිකාවන්, නිළියන්, ගණිකාවන් හා අනෙකුත් පුර ස්ත්‍රීන් ඝාතනය වන, දූෂණය වන යුගයක මෙහෙණි සංඝය එයින් හැකිතාක් දුරට ඈත් කර තැබීමට විය යුතුය.
සමාජ උපරි ව්‍යුහය විසින් ඇතිකරන වර්ණ-ධර්මය පිළිගැනීම වරෙක ශිෂ්ටත්වය වනවා සේම ඒවායේ අඩුපාඩු, ප්‍රතිවිරෝධතාවන්ට එරෙහිව කවර හෝ තලයක ක්‍රියාකාරී වීම උතුම් බව පසක් කළේ ගෞතමයන් වහන්සේමය.
ශිෂ්ටත්වය මිනිසෙකු තමා අයිති වන ජන කොටස විසින් ඒ සඳහා කළ යුතු යුතුකම් කරනු පිණිස බැඳ තබයි. පීතෘ භූමිය නම් සංකල්පීය රූපය විසින් මිනිසෙකු ගැහැණියක සිය ආදි කල්පික සීමාවන් රකිනු පිණිස, තහවුරු කරණු පිණිස, පුළුල් කරණු පිණිස පොළඹවයි. මර්දනයේ, වහල් බවේ, පීඩනයේ කුරිරු කම් සියවස් තුන්සියයකට වැඩි කලක 'පොදු විඥානය' බවට පත් කොට ගෙන ඇති නිසා එකිනෙකා ගේ ගෙළ වෙත යොමු වූ දත් හා අත් ඇතිව ස්වයංඝාතක අභිලාෂයන් දක්වා කුළු ගැන්වුනු යුගයක් අපි ජීවත් වෙමු.
මෙබඳු යුගයක කවියාගේ භූමිකාව 'වණ්ණුපථ ජාතකයේ' මෙන් රවුමේ කැරකෙමින් සිටින සමාජ ජීවිතය අභාවයෙන් අභාවයට යාම වැළැක්වීමය [දොරමඬලාව, දයාසේන ගුණසිංහ 19 පිට]. සමාජ ජීවිතයට කෙවිටකින් තැලීමය.
රුවන් සිය කෙවිට වනා ඇත. මට රිදී ඇත.

වෛද්‍ය රුවන් එම්. ජයතුංග,
හෂිත අබේවර්ධන
Monday, July 4, 2011
විඥානයේ ක්වොන්ටම් ආකෘති
මෙම ලිපි පෙළේ
පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
4.1 Ways to Use Quantum Theory
4.1 ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතාවේ විධි
මෙතැන් සිට විඥානයේ ස්වභාවය පිළිබඳව ක්වොන්ටම් සිද්ධාන්තයේ යෙදුම් ආශ්‍රයෙන් අසම්පූර්ණව හෝ ගොඩනැගුන වඩාත් ප්‍රචලිත සංකල්ප සමහරක් ඉදිරිපත් කිරීමත් ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමත් සිදුවේ. මේ අරමුණ උදෙසා 2වන කොටසේ සාකච්ඡා කළ දාර්ශනික ආස්ථාන ද්වයක් A/B මෙන්ම 3වන කොටසේ දී සාකච්ඡා කළ ස්නායු-භෞතවේදයේ ආස්ථානයන් ද මාර්ගෝපදේශක ලෙස උපයෝගි කොටගෙන විධිමත් ලෙස ක්වොන්ටම් සිද්ධාන්තයේ එළඹුම් සාකච්ඡා කෙරේ. කෙසේ වුවද සමහර ප්‍රමූලික සුදුසුකම් සළකා බලද්දී ක්වොන්ටම් සිද්ධාන්තයේ විවිධාකාර වෙනස් එළඹුම් වල ඇති ශක්‍යතාවයන් ද පිළිගැනීමට ලක් වේ.
ශුද්ධ රූපකාත්මක (pure metaphorical ) ලෙස මූලික ක්වොන්ටම් සෛද්ධාන්තික සංකල්ප විඥානය පැහැදිලි කිරීම හා සම්බන්ධව භාවිතා කිරීම නොයෙක් විධිප්‍රකාරව යෙදේ. ක්වොන්ටම් සෛද්ධාන්තික පාරිභාෂික සංකල්ප වන පැටළුම (entanglement) , අධිස්ථාපනය (superposition), බිඳ වැටීම හෝ අභිපාතය (collapse), අනුපූරකතාවය (complementarity) සහ අනෙකුත් සංකල්ප භාවිතා කරන්නේ සුවිශේෂි සඳහනකින් තොරව ඒවායේ අරුත්දැක්වීම් කොතරම් දුරට නිරවද්‍යදැයි හෝ ඒවා කොතරම් දුරට යෙදෙන විශේෂ අවස්ථා කෙරෙහි ඖචිත්‍යදැයි යනු නොසළකා ය. උදාහරණයක් වශයෙන් මානසික ක්‍රියාකාරිත්වය හුදෙක් සංකල්පීය ලෙස විවරණය කරගන්නේ කෙසේ හෝ එය භෞතික මිනුමක් ලෙස ප්‍රතිසම භෞතිකාර්ථයක් ලෙස හෝ මනෝවිද්‍යාත්මක පද්ධතියකට සංකල්පීය ලෙස විවරණය වන භෞතවේදී පැටලිල්ලක් හෝ සහසම්බන්ධයක් ඇති ප්‍රපංචයක් ලෙසිනි. එබඳු ඇණවුම් කිරීම් විසින් මනස්කාන්ත විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය කරන්නටත් සමහර විට අතිශය වැදගත් සවිස්තරාත්මක ලෙස විග්‍රහයට ලක් කළ හැකි නැවුම් අදහස් උපදවන්නට ද හේතු විය හැකිය. එනමුත් එබඳු සවිස්තරාත්මක කාර්යයන් විසින් අනුමානගත රූපිකාර්ථයන් හෝ ප්‍රතිසමතාවන් ඉක්මවා නොයෙන්නේ නම් ඒවා විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රගමනයක් ලෙස නොසැළකේ. මෙම අවස්ථාවේ දී එබඳු වර්ගයේ එළඹුම් සාකච්ඡාවට නොගැනේ.
දෙවන ප්‍රවර්ගයක් ලෙස අන්තර්ගත වන්නේ වර්තමානයේ සංවිධිත ලෙස ගොඩනැගී ඇති ක්වොන්ටම් සිද්ධාන්තයේ භාවිතාවන් හරහා සවිස්තරාත්මක විග්‍රහයන් සිදුවන ස්නායු-භෞතවේදයේ හෝ ස්නායු-මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් ය. එබඳු එළඹුම් අතුරින් වඩාත් දීර්ඝතම ඉතිහාසයක් ඇති සංකල්පය වන්නේ වොන් නියුමාන් එක්දහස් නවසිය තිස්ගණන් වල ප්‍රාරම්භ කළ පසුව විග්නර් විසින් වඩාත් සංවර්ධනය කළ වර්තමානයේ ස්ටාප් විසින් උත්කර්ෂයට ලක් කළ ප්‍රවාදයකි. එය වඩාත් රළු ලෙස සංකල්පගත කරන්නේ නම් භෞතික තත්වයේ ඌණිත ස්වරූපයට නෛසර්ගික ලෙස මානසික තත්වයන් සහසම්බන්ධතාවය දක්වන්නේ යැයි කෙරෙනු ලබන යෝජනාවයි. ඊටත් මදක් පසු කාලීනව නවසිය හැටගණන් වල ප්‍රචලිත තවත් අදහසක් වන්නේ රිසියාඩි සහ උමෙසාවා (Ricciardi and Umezawa ) විසින් සූත්‍රගත කළ ක්වොන්ටම් ක්ෂේත්‍රෙය් රික්තක අවස්ථා (vacuum states of quantum fields) ලෙස මතක අවස්ථා ප්‍රතිසම බව හෝ මානසික අවස්ථා ප්‍රතිසම බව සලකමින් ගොඩනගාගෙන ආ ප්‍රවාදය යි. මෙම එළඹුමේ ප්‍රමුඛ යෝජකයෙකු ලෙස දැනට සැළකෙන්නේ විටීලෝ (Vitiello) ය. අවසන් වශයෙන් බෙක් සහ එක්ලෙස් (Beck and Eccles) එක්දහස් නවසිය අනූ ගණන්වල දී යෝජිත එක්සෝසයිටෝසිස් (exocytosis) පැහැදිලි කිරීම් හරහා සිනැප්ටික් පැල්මේ කටයුතු සෘජුවම මානසික චේතනා කෙරෙහි බලපෑ හැකි බවට කළ අදහස් දැක්වීමයි.
තුන්වැනි ප්‍රවර්ගයකට අයත් වන අදහස් සමූහයක් වන්නේ වත්මන් වැඩිදුර සංවර්ධනය කළ හෝ සාමාන්‍යකරණයට ලක් කළ ක්වොන්ටම් සිද්ධාන්තයට අයත් දේය. ඒ ඇසුරේ මූලිකත්වය ගන්නේ පෙන්රෝස් ඉදිරිපත් කළ ගුරුත්වයේ ඌනිත තත්වයන් විසින් පිරිහෙලන ක්වොන්ටම් තත්වයන් විසින් ප්‍රමූලික විඥානය ගොඩනැගෙන බවට කරන ලද යෝජනාවයි. අවසන් වශයෙන් මේ ප්‍රවාදය සනාථ වීමට අනාගතයේ ගොඩනැගෙන්නට නියමිත හෝ අභිලාෂිත ක්වොන්ටම් ගුරුත්ව සිද්ධාන්තය එනම් දැනට සංවර්ධනය වෙමින් පවතින අසම්පූර්ණ කොටස සම්පූර්ණ ලෙස ගොඩනැංවීමට ඇවැසි වේ. පෙන්රෝස් සමගින්ම හැමරෝෆ් ද තර්ක කරන්නේ මයික්‍රොටියුබියුලි වෙත අවධානය යොමු කළ යුත්තේ එබඳු ක්වොන්ටම් ඌනිත තත්වයන් පැවතිය හැකි යැයි සැළකිය හැකි නිවැරදි පෙදෙසක් ලෙසිනි.
අනෙකුත් ක්වොන්ටම් සෛද්ධාන්තික එළඹුම් අදාළ වන්නේ සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් සිද්ධාන්ත එනම් ක්වොන්ටම් භෞතිකය ඉක්මවා යන ස්වරූප ඔස්සේය. මේ මග ගත් ප්‍රවාදයන් මූලික වශයෙන් පදනම් වන්නේ කලෙක සිට පිළිගත් සංකල්ප වන අනුපූරකතාවය සහ පටලැවිල්ල (complementarity and entanglement) මානසික සහ ද්‍රව්‍යමය යනාදී වූ දෙයාකාර වූ පෙදෙස් හි සම ලෙස යෙදේ යන සංකල්පනය යි. සුවිශේෂී ලෙස ද්විප්‍රකාර වූ අභිමතාර්ථ උදෙසා මේ සම්බන්ධතා භාවිතයෙන් යථාර්ථයේ කඩතුරාව ඉවත් කළ හැකි බවට කෙරෙන සංකල්පනය යි. මෙම කල්පනය ස්පිනෝසා තෙක්ම ඇදී යන්නා වූ ප්‍රවාදයක් වන අතර විසිවන සියවසේ ප්‍රකට විද්‍යාඥයන් වූ බෝර්-පෝලි-බෝම්-ප්‍රිමාස්-ඩි එස්පැනට් සහ එමග ගත් අනෙකුන් වෙති. අවසාන වශයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හෝ ක්වොන්ටම් ක්ෂේත්‍රය නියමාකාරයෙන් සර්වප්‍රකාරයෙන්ම නොයොදා එතුළ මුල්කාලයේ සිටම භාවිතා වන අපරිවර්තිත කර්ම (non-commuting operations ) හෝ බූලියානු නොවන තර්කනය (non-Boolean logic) වැනි සංකල්ප යෙදෙන හා ක්වොන්ටම් සිද්ධාන්ත සමහරක් භාවිතා වන සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් එළඹුම් මගින් ද ශුද්ධ ලෙසම මනෝ විද්‍යාත්මක ප්‍රපංච විග්‍රහයන් හමු වේ. එවැනි සමහරක් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වන අතර ඒවා නියෝජනය කළ විද්‍යාඥයන් සමහරක් ඒට්ස්-ඇට්මන්ස්පැචර්-බ්‍රෑසා සහ බියුස්මේයර් යන අයවළුන් වෙති (Aerts, Atmanspacher, Bruza, and Busemeyer).
පරිවර්තක සටහන
ඉදිරි ලිපි සැකසෙනුයේ පහත දැක්වෙන පිළිවෙලින් එම විවිධ ප්‍රවර්ගයන්ට අයත් ආකෘති විස්තර කිරීම උදෙසාය.
4.2 Stapp: Quantum State Reductions and Conscious Acts
4.3 From Umezawa to Vitiello: Quantum Field Theory of Mind/Matter States
4.4 Beck and Eccles: Quantum Mechanics at the Synaptic Cleft
4.5 Penrose and Hameroff: Quantum Gravity and Microtubuli
4.6 Mind and Matter as Dual Aspects
4.7 Mental Quantum Features

Subscribe to:
Posts (Atom)