සිහිනයට බිය අයට
යථාර්ථය ද
යථාර්ථයට බිය අයට
සිහිනය ද
විනෝදය ලැබිය හැකි මාවත් ය...
සිහින දැකුම තහනම් කළ අයට
ඔවුනගේ සිහිනයේ කොටස් වන්නට
තහනම් සිහින දකින්නන්ට සිදුවනු ඇත
සිහින තහනම් නොවන දෙසකට
පැන යා යුතුය සිහින ප්‍රිය අය
යථාර්ථයට ප්‍රිය අයට
තහංචිකරුගේ සිහිනයේ කොටස් විය හැක
අනෙකා ගේ සිහින සැමෙකක්ම
අපගේ සිහින නොවීම
මෙන්ම
අපගේ සිහින ද
ඔවුනගේ සිහින නොවනු ඇත...
සිහිනයෙන් මිදීම
එක්කෝ
තවත් සුන්දර සිහිනයක ට
නැත්නම්
කටුක යථාර්ථය වෙත...
නැවත චක්‍රය ඇරඹේ
යන්න පළමු පේලිය වෙත...
26/12/2013
Thursday, December 26, 2013
Wednesday, December 25, 2013
අමතකව ගිය සිහින
මට සිහිනයක් තිබුණි
දැන් අමතකව ගිය
මට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්
දූෂිත වායුගෝලය උරා පුරවා ගත් පෙණහලුවලින්
ගිනි කඳු අක් වක් මුල් ජාලා නහර දිගේ
මේ රුදුරු අඳුරු යුගයක ශේෂය
කිසිවෙකුත් නොතකන නමුත් මා නිරතුරු සිතවන
මට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්!
25/12/2013
දැන් අමතකව ගිය
මට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්
ධරණි තලය මත ගැඹුරුම ගැඹුරු සිදුරක්ව
මම සිටියෙමි; සියලු දේට
වැටෙන්නට ඉඩ හැර දූෂිත වායුගෝලය උරා පුරවා ගත් පෙණහලුවලින්
ගිනි කඳු අක් වක් මුල් ජාලා නහර දිගේ
මුදා ලූයෙමි ජීවයට හිතකර සුසුම් පොද
මිනිස් හදවත් පුබුදු කරමේ රුදුරු අඳුරු යුගයක ශේෂය
කිසිවෙකුත් නොතකන නමුත් මා නිරතුරු සිතවන
මට සිහිනයක් තිබුණි
දැන් අමතකව ගියමට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්!
25/12/2013
මුලින් ලියන ලද ඉංග්‍රීසි පෙළ මෙතනින්
Friday, December 20, 2013
බොකයියා
බොකයියා
මහ මුහුදෙන් ගොඩ දාපු
පිත්තල සෙම්බුවක් වැනි
දිස්නෙ දෙන අඳුරු මුහුනෙන් යුතු
බොකයියා
ලවණ උරා ගත් කෙහෙරොද
කිසිදා වියලි නොවුනු තෙතමන
හිස මත තියාගෙන-වෙරළේ වැනෙන
බොකයියා
රැලි කඩාගෙන සිතිජෙට
ඔරු දියත් කරන අත් කීපෙට
සිගරැට් දෙක තුනක් දික්කරන
බොකයියා
මාළු ඇතත් නැතත් නිදි කිරන
කුණාටුවට පසු මුහුද මෙන් නිශ්චල
කරදිය වළල්ලෙන් මෙපිට නොඑන
බොකයියා
20/12/2013
මහ මුහුදෙන් ගොඩ දාපු
පිත්තල සෙම්බුවක් වැනි
දිස්නෙ දෙන අඳුරු මුහුනෙන් යුතු
බොකයියා
ලවණ උරා ගත් කෙහෙරොද
කිසිදා වියලි නොවුනු තෙතමන
හිස මත තියාගෙන-වෙරළේ වැනෙන
බොකයියා
රැලි කඩාගෙන සිතිජෙට
ඔරු දියත් කරන අත් කීපෙට
සිගරැට් දෙක තුනක් දික්කරන
බොකයියා
මාළු ඇතත් නැතත් නිදි කිරන
කුණාටුවට පසු මුහුද මෙන් නිශ්චල
කරදිය වළල්ලෙන් මෙපිට නොඑන
බොකයියා
20/12/2013
Friday, December 13, 2013
ඉපැරණි ෆොසිල සහ ඒක සෛලිකයන්ගේ කුසුම
වැඩුනු විට සිරුර අතු ඉති පැතිර
ගලා යද්දී රුහිරු ප්ලෝයම පටක තුළ
අගිස්සක පිපෙයි මලක් රජස් ඉතිරුන
සැලි සැලී තුඩ තුඩ පැතිර යන ලෙස
මහා කල්ප කාලාන්තර ඉම් ගෙවා ගෙන
දරා සිටි ඒ සුනේ සුං ගති ගුණ
පොළොව හිල් විද මුදා ගෙන ආ සඳ
දැල්වෙයි පහනක් ඒ ටැම් කුළුන මුදුනත
මහ පොළව ගැඹර පතුල සිර වුන
ෆොසිලමය ජීවිත කාබනික අඟ පසඟ
මිරිකී තැවී වෙලී අති මහත් පීඩනයට උණුසුමට
මුදා හැර ඇත සිය වෛරය සිළු දල්වා ඉන්ධන ලෙස
අමතක වූවන් ක්ෂුද්‍රයන්-ඇමීබාවන් සහ ඒක සෛලිකයන්
දියව ඇත නොදැනුනු ෆොසිල මත තෙතමන
වැලි කඳු ඝණ අඳුරු පොලෝ කුහර සිට
දිය මතින් දියව ගලා එයි රස පොළොව ඉහළ ස්තර වෙත
උරා ඉන් බිඳක් වැතිරුනු තුඟු වෘක්ෂ මූලයක
ඉහළට නැගෙයි තත්පරෙන් තත්පරය තත්පරව
මේ අමතක ව ගිය කාබනික ජරපත් බව
විකසිත කරයි කුසුමක් මහ වනස්පතියක කුදු අතු අගිස්සක
13/12/2013
ගලා යද්දී රුහිරු ප්ලෝයම පටක තුළ
අගිස්සක පිපෙයි මලක් රජස් ඉතිරුන
සැලි සැලී තුඩ තුඩ පැතිර යන ලෙස
මහා කල්ප කාලාන්තර ඉම් ගෙවා ගෙන
දරා සිටි ඒ සුනේ සුං ගති ගුණ
පොළොව හිල් විද මුදා ගෙන ආ සඳ
දැල්වෙයි පහනක් ඒ ටැම් කුළුන මුදුනත
මහ පොළව ගැඹර පතුල සිර වුන
ෆොසිලමය ජීවිත කාබනික අඟ පසඟ
මිරිකී තැවී වෙලී අති මහත් පීඩනයට උණුසුමට
මුදා හැර ඇත සිය වෛරය සිළු දල්වා ඉන්ධන ලෙස
අමතක වූවන් ක්ෂුද්‍රයන්-ඇමීබාවන් සහ ඒක සෛලිකයන්
දියව ඇත නොදැනුනු ෆොසිල මත තෙතමන
වැලි කඳු ඝණ අඳුරු පොලෝ කුහර සිට
දිය මතින් දියව ගලා එයි රස පොළොව ඉහළ ස්තර වෙත
උරා ඉන් බිඳක් වැතිරුනු තුඟු වෘක්ෂ මූලයක
ඉහළට නැගෙයි තත්පරෙන් තත්පරය තත්පරව
මේ අමතක ව ගිය කාබනික ජරපත් බව
විකසිත කරයි කුසුමක් මහ වනස්පතියක කුදු අතු අගිස්සක
13/12/2013
Sunday, October 20, 2013
ආවර්ජනය
බීජයක් තබා දෝතින්
සයනය මත
විවර කරමි උළු වහලය
අහසටවළාකුළු තැම්බූ වතුර කැට
ඇද වැටෙන්නට සලස්වමි තෙත බරිත හීනය මත
දළු ලා නොවැඩෙන අඟුරු කැටයක
ධවල පැහැය ඇති කරවන ආදරය
හදවතින් වෑස්සෙන්නට ඉඩ හැර
ජීවය අත් හරිමි ගෙන ආ මෙතෙක් දුර
දිරාපත් වන සයනය මිස
හදවතක් දං දුන් මිනිසෙකු පිළිබඳ
පුරා වතක් නැති බව
දනී දළු ලෑ එ රුක මිහි මත
20/10/2013
Saturday, October 19, 2013
දස දහසක් කවි
Ten Thousand Poems
would be filled with paper,
And the roof would break
and shatter the windows,
fill the city and break someone’s clan,
fill up the country and takeover the lakes,
cover the rivers,
cut down all the trees,
stack so high and touch the sky
reach mars,
take all the planets and connect them,
break all the spaceships,
and fall down
covering the entire North America,
making a bridge to Asia,
takeover half of Russia
And after a few minutes
the world would be covered in papers,
If that happened…
The globe would be gray,
from all the papers,
I used…
Sindusara Munasinghe (Age 9 Yrs)
October 15, 2013
If I create
10,000 poems,
my room and
the halls would be filled with paper,
And the roof would break
and shatter the windows,
fill the city and break someone’s clan,
fill up the country and takeover the lakes,
cover the rivers,
cut down all the trees,
stack so high and touch the sky
Filled with
poems,
it would
reach in space,reach mars,
take all the planets and connect them,
break all the spaceships,
and fall down
covering the entire North America,
making a bridge to Asia,
takeover half of Russia
And after a few minutes
the world would be covered in papers,
If that happened…
The globe would be gray,
from all the papers,
I used…
Sindusara Munasinghe (Age 9 Yrs)
October 15, 2013
මේ නිර්මානය වයස
අවුරුදු නවයක් වූ සිඳුසර මුණසිංහගේය; කුඩා දරුවෙකුගේ ය.
මුළු ලොවම කඩදාසි
ගුලියක් වන තරමට ම කවි ලියන්නට වැර දරන දරු පැටියෙකු වැළඳ ගන්නට මාගේ දෑත් දිග
මදිය. එනමුදු මගේ වචන ඔහු වටා එතේ යයි සිතා බොහෝ ආදරයෙන් මෙය ලියා තබමි.
"ඔබ දස දහසක් කවි ලියා
තබන මතු දිනයක අලුත් ලොවක්-අලුත් අහසක්-අලුත් සුසුමක් අප සැමට
උරුම වනු ඇත."
p.s.
The poet would die of hunger if there were no
shepherds. The shepherd would die of sadness if he could not sing the words of
the poet.
Through the Offering you are allowing others to love
you. And you are teaching others to love through what you offer them.
-Manuscript found in Accra by Paulo Coelho Page 123
Subscribe to:
Posts (Atom)
