ජියෝර්ඩානි

මල් පිපී තිබුනු පාර දෙපස ගස් කොළං වල පොතු වියලී ගිය මතුපිට ලස්සන පෝස්ටරයක් අලවා තිබුණි.

"ගියෝර්ඩානි".....

......"ජියෝර්ඩානි"


......


"ගියෝ" ද "ජියෝ" ද යනු කුමන වෙනසක්දැයි සිතමින් ඇය බස් නැවතුමෙ නැවතී සිටියාය.

ඇගේ පිටුපසින් එක පෙලට එක ළග ඇලවුනු පෝස්ටර පේලි දෙස ඇගේ නිතඹ බලා හිඳී. රිද්මයකට පෝස්ටර දෙස යෙදුනු අවධානය පාරෙ යන බස්වල වෙගයෙන් බැමුමකට ලක්වෙ. ඇය සහ ඇගේ නිතඹ දෙයාකාර අවධානයක...

ජි...යෝ...ර්...ඩා....

බසයක් ක්ෂණිකව ගාල් වෙයි. ඇය එතුලට රිංගා ගනී.

ඇයට ටිකට් ගන්න මතක් කළ කොන්දොස්තර කොල්ලා ගේ ටී ෂර්ට් එක මැද හරියටම තද කළු අකුරින්

"ජියෝර්ඩානි "


නැහැ නැහැ

"පියෙරෙ කාර්ඩින් "

හරියට ම ජියෝර්ඩානි වගේමයි අකුරු...කළු පාටයි ....අමුතුයි ලස්සනයි . ඇය කවුළුවෙන් එලියට දෙනෙත් මෑනුවාය.

ජි..යෝ...ර්...

ඇයට ගස් කඳන් මත සහ තාප්ප මත වූ ජියෝර්ඩානි මතක් විය.

කවුද මෙ ජියෝර්ඩානි ?

ඇය නුගේගොඩට ටිකට් ගත්තාය.

බසය ගැස්සේ. සෙනග පිරෙ. ඉදිරියට පසු පසට තල්ලු වෙ.


මිනිසුන් මහ ගන්දස්කාර ජාතියක් යැයි ඇයට සිතෙයි.

ඇය ළගම හුන් කෙනෙක් ඇගේ සිරුරට තෙරපේ. ඇය මුලින්ම සිතුවට වඩා ඔහු හිතාමතා තම සිරුරට බරවන බව ඇයට ඒත්තු ගියෙන් කනස්සලු මුහුණක් මවා ගෙන ඔහු දෙස හැරී බැලුවාය.

ඔහු සිනාසුනේය.

"මම තමයි ජියෝර්ඩානි. ඔයා මෙච්චර වෙලා කල්පනා කලේ... "



ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/02

Comments

පැතා said…
පිස්සු නැත්තම් ෂොක් නෙ?
Narada said…
මට යාත්තම් වගේ තෙරුණා වගේ ඔය කතාවේ උපමාව ;) අපේ කට්ටියක් බනින්නත් බැරි නෑ තේරුණොත්!

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්