Monday, June 8, 2009
BOONDI-කවි සහ කෙටිකතා නිර්මාණ තරගය -අක්ෂර සෙනග දෙවන සැසිවාරය-
කවි සහ කෙටිකතා නිර්මාණ තරගය
http://www.boondi.lk/ වෙබ් අඩවිය මගින් එහි වර්ෂපූර්ණය වෙනුවෙන්, එළඹෙන සැප්තැම්බරයේ දී සංවිධානය කරනු ලබන අක්ෂර සෙනග දෙවන සැසිවාරයට සමාන්තරව, කවි සහ කෙටිකතා නිර්මාණ තරගයක් පැවැත්වෙයි. මෙමගින් සාහිත්‍යය පිළිබඳව යම් උත්තේජනයක් ඇති කිරීමට අපේක්ෂිත ය. පැහැදිලිව පෙනී යන එම අරමුණට අමතරව, මෙය සැබෑ පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් ලේඛනයේ යෙදෙන මිනිසුන් මේ පොළොව මත තව දුරටත් ඉතිරිව සිටින්නේ ද යන්න පිළිබඳ ඇසිඞ් පරීක්ෂාවක් ද වෙයි. එක් අශ්වයෙකු වින් කරන රේස් පවත්වන වෙළෙන්ඳන් හීනයකින්වත් නොපතන අන්දමේ ත්‍යාග පිරිනැමීමේ රටාවක් මෙහි ලා අප විසින් සැලසුම් කරනු ලැබ තිබේ.
තරගය පාසැල් සහ විවෘත යන අංශ දෙකෙන් පැවැත්වෙයි.
පාසැල් අංශය - ලංකාව තුළ රජයේ පාසැල්වල උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුනට පමණක් මේ සඳහා ඉදිරිපත් විය හැක.
විවෘත අංශය - වයස් සීමාවක් නැත. ලංකාව තුළ හෝ ඉන් පිටත වාසය කරන ඕනෑම ලාංකිකයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැක.
කොන්දේසි-
1. තරගය කවි සහ කෙටිකතා ලෙස අංශ දෙකකින් යුතු වන අතර එක් අයදුම්කරුවෙකුට මේ අංශ දෙකම සඳහා හෝ එකක් සඳහා ඉදිරිපත් විය හැක.
2. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2009 අගෝස්තු 17.
3. කෙටිකතා අංශය සඳහා එක් අයදුම්කරුවෙකුගෙන් එක් නිර්මාණයක් පමණක් සලකා බැලෙන අතර කවි සඳහා කවි නිර්මාණ දෙකක උපරිමයට යටත්ව නිර්මාණ එවිය හැක.
4. සිංහල බසින් කළ නිර්මාණ පමණක් ඉදිරිපත් කළ යුතුය. නිර්මාණ සඳහා වෙනත් කිසිදු සීමාවක් (වචන සංඛ්‍යාව හෝ තේමාව හෝ මතවාදීමය) නොමැත.
5. එවනු ලබන කිසිදු නිර්මාණයක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතු අතර හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් නිර්මාණ සඳහා භාවිතා කරනු ලබන සියළු කරදාසි වල සටහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක.
6. සාමාන්‍ය තැපෑලෙන් නිර්මාණ එවන අයදුම් කරුවන්ට පැහැදිලි අකුරෙන් ලියූ අත් පිටපත් හෝ යතුරු ලියනය කළ මුද්‍රිත පිටපත් හෝ එවිය හැක.
7. ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් අභය අකුරු මාදිලියෙන් (FMAbhaya) ටයිප් කොට ms-Office Word ගොණුවක් ලෙස අමුණා එවිය යුතු අතර එම ගොණුවේ මුල හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් සඳහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක. ගොණුවේ නමෙහි හෝ ගොණුවේ කිසිදු තැනක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතුය. ඊමේල් හැඳින්වීම (Subject)- ”AKSHARA SENAGA 2009 COMPETITION” ලෙස යෙදිය යුතුය.
8. තැපෑලෙන් එවන නිර්මාණ එවිය යුතු ලිපිනය -
අක්ෂර සෙනග 2009, කවි සහ කෙටිකතා නිර්මාණ තරගය, බූන්දියේ අපි, අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම.
ඊමේල් ලිපිනය - boondionline@gmail.com
9. සියළු අයදුම්කරුවන් පහත දැක්වෙන විස්තර සැපයිය යුතුය. තැපැල් මගින් නිර්මාණ එවන අයදුම්කරුවන් වෙනම කරදාසියක ද ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් වෙනම පි-ධෙසෙජැ උදරා ගොණුවක් ලෙස ද මෙම විස්තර එවිය යුතුය.
ආදර්ශ අයදුම් පත - පාසැල් අංශය
නම-
ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)
උපන් දිනය-
හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-
පුද්ගලික ලිපිනය-
පුද්ගලික දුරකථන අංකය-
උසස් පෙළ විෂයය ධාරාව-
පාසැලේ නම-
පාසැලේ ලිපිනය-
පාසැල අයත් මැතිවරණ කොට්ඨාශය-
විදුහල්පතිතුමාගේ නම-
පාසැලේ දුරකථන අංකය-
ආදර්ශ අයදුම් පත - විවෘත අංශය
නම-
ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)
උපන් දිනය-
හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-
විදේශ ගමන් බලපත‍්‍ර අංකය (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-
පදිංචි රට (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-
මැතිවරණ කොට්ඨාශය-
පුද්ගලික ලිපිනය-
පුද්ගලික දුරකථන අංකය-
තිළිණ-
කෙටිකතා සඳහා
පාසැල් අංශය - රු. 25,000.00
විවෘත අංශය - රු. 20,000.00
කවි සඳහා
පාසැල් අංශය - රු. 30,000.00
විවෘත අංශය - රු. 15,000.00
තිළිණ ලබා දීමේ කොන්දේසි-
1. ජයග‍්‍රාහකයා සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය.
2. සියළු තිළිණ පුද්ගලික ප‍්‍රදානයන් නොවන අතර ජයග‍්‍රාහකයාට තමන් කැමති පාසැලක් නම් කිරීමේ වරම හිමි වෙයි.
3. ජයග‍්‍රහණය කළ මුදලේ අගයට සරිලන පොත් ප‍්‍රමාණයක් එම නම් කරන ලද පාසැලේ පුස්තකාලයට අප විසින් පිරිනමනු ලැබේ.
4. ජයග‍්‍රාහකයන් විසින් නම් කරනු ලබන සියළු පාසැල් රජයේ පාසැල් විය යුතු අතර, තිළිණ ප‍්‍රදානය සඳහා එම පාසැලේ විදුහල්පතිවරයා හෝ ඔහුගේ අවසරලත් අයෙකු පැමිණිය යුතුය.
5. තිළිණ ප‍්‍රදානය 2009 සැප්තැම්බර් මස කොළඹ දී පැවැත්වෙන අක්ෂර සෙනග 2009 උළලේ දී සිදු කරනු ලැබේ.
6. සාධනීය තත්ත්වයේ ඇති සියළු නිර්මාණ බූන්දි සහ ආශ‍්‍රිත වෙබ් අඩවිවල පළ කෙරෙන අතර, එම නිර්මාණ ඉදිරියේදී අප විසින් මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂිත කෙටිකතා සහ කවි නිර්මාණ සංග‍්‍රහයන්ට ද එක් කරනු ලැබේ.
විමසීම්-
තරග කොන්දේසි සම්බන්ධ සියළු විමසීම් සඳහා පහත දුරකථන අංකය භාවිතා කරන්න.
071 4488498 (අමිල චන්ද්‍රසෝම)
බූන්දියේ අපි
http://www.boondi.lk/
Sri Lankan Site for Literature, Arts and Politics.
අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම. 0777260817 boondionline@gmail.com
Sunday, June 7, 2009
මදිරා මඩ ගොඩ
මදිරා මඩ ගොඩ
වියලි කර්කෂ පොලොව මත
ඇද හැලෙන තෙත බරිත
පොල් ගෙඩි වැහි බිඳු මෙන්
අහසින් ඒකාකාරව
---------ලම්බකව
-----පොලොව මත
--------අභිලම්බව
----------------පතිත වන
----------------මොර සූරන වැහි මෙන්
----------------ඇද හැලෙන
--------------------------සුරා විත වැස්ස
----------මගේ බඩ බොකු පතුල මතු පිට
-----හයිඩෝරක්ලෝරික් අම්ල සමග මුසුව
-------------නිවා දාහය දිවි කම්කටොළු
------------------------විරහ තරහ මරහ
---------- අඳුර විනිවිද නොඅඳුරන ලෙස
--------------ජීවිතේ ගං පතුල වෙත යන
-----------උල්පත් සොයා මුසුවැ දග වන
------------මෙ මදිරා
------------බොකුදිරං
පානය කරමින් කවර ගී පොතක් දැයි
අනෙක් මී විතක් දැයි
විපිලිසරව සොයා යමි
බඩ බොකු කැවුතු අතගා බලමි
ඇගේ ඒ නිලුපුල් නෙත් මිණි සොයා
බොහෝ කලකට පෙර සිටම
-----------සිත පතුල ගරා මතු කළ
ඒ මිණි කැටය වෙත
බහිරව පූජාව අතපසුව
දෑතින්- දෑසින් ගිලිහී ගිය
ඒ මිණි කැටය
බොකුදිරං
සෝමපානය...
පානය කරමින්
කවර ගී පොතක් දැයි
අනෙක් මී විතක් දැයි
විපිලිසරව සොයා යමි
යලි යලිත් වැල් කූඩය කරකවමින්
බඩ බොකු පතුල මදිරා මඩ ගොඩ
කලතමින් සොයමි
ගිලිහී ගිය ඒ මිණි කැටය
ඩෝසන් ප‍්‍රීති 200906
වියලි කර්කෂ පොලොව මත
ඇද හැලෙන තෙත බරිත
පොල් ගෙඩි වැහි බිඳු මෙන්
අහසින් ඒකාකාරව
---------ලම්බකව
-----පොලොව මත
--------අභිලම්බව
----------------පතිත වන
----------------මොර සූරන වැහි මෙන්
----------------ඇද හැලෙන
--------------------------සුරා විත වැස්ස
----------මගේ බඩ බොකු පතුල මතු පිට
-----හයිඩෝරක්ලෝරික් අම්ල සමග මුසුව
-------------නිවා දාහය දිවි කම්කටොළු
------------------------විරහ තරහ මරහ
---------- අඳුර විනිවිද නොඅඳුරන ලෙස
--------------ජීවිතේ ගං පතුල වෙත යන
-----------උල්පත් සොයා මුසුවැ දග වන
------------මෙ මදිරා
------------බොකුදිරං
පානය කරමින් කවර ගී පොතක් දැයි
අනෙක් මී විතක් දැයි
විපිලිසරව සොයා යමි
බඩ බොකු කැවුතු අතගා බලමි
ඇගේ ඒ නිලුපුල් නෙත් මිණි සොයා
බොහෝ කලකට පෙර සිටම
-----------සිත පතුල ගරා මතු කළ
ඒ මිණි කැටය වෙත
බහිරව පූජාව අතපසුව
දෑතින්- දෑසින් ගිලිහී ගිය
ඒ මිණි කැටය
බොකුදිරං
සෝමපානය...
පානය කරමින්
කවර ගී පොතක් දැයි
අනෙක් මී විතක් දැයි
විපිලිසරව සොයා යමි
යලි යලිත් වැල් කූඩය කරකවමින්
බඩ බොකු පතුල මදිරා මඩ ගොඩ
කලතමින් සොයමි
ගිලිහී ගිය ඒ මිණි කැටය
ඩෝසන් ප‍්‍රීති 200906
Saturday, June 6, 2009
දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය
දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය
ලැසි දිසි;
නුහුසු රැසි
සිප වැළැඳ
අහස් පති
නුහුසුන් ද පෙමින්
වෙළෙති
සිසි වැසී
අඳුර රජයති
නැති;
අවට කිසි
කිසිවකු නැති සකි
සිප සිප සැනසෙති
අඳුරට අඳුර වෙනෙස නැති
ඩෝසන් ප‍්‍රීති
200906
ලැසි දිසි;
නුහුසු රැසි
සිප වැළැඳ
අහස් පති
නුහුසුන් ද පෙමින්
වෙළෙති
සිසි වැසී
අඳුර රජයති
නැති;
අවට කිසි
කිසිවකු නැති සකි
සිප සිප සැනසෙති
අඳුරට අඳුර වෙනෙස නැති
ඩෝසන් ප‍්‍රීති
200906
Friday, June 5, 2009
සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
http://reader.sahithya.lk/
සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙසේ ඇරඹෙන වගයි! 2009 ජුනි මස පළමුවන දා සිට අගෝස්තු මස 30වෙනි දින දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත “අසෙනිය කුසුම” සිංහල භාෂා හා කලා උළෙල අතරතුරදී සම්මාන හා ත්‍යාග ප්‍රදානයට නියමිතයි. සිංහල භාෂාව, සිංහල යුනිකේතය හා අන්තර්ජාල ජනමාධ්‍යකරණය ප්‍රවර්ධනයට ඉදිරි පියවරක් වශයෙන් මෙම සිංහල බ්ලොග්කරණ තරගාවලිය සැලකිය හැකියි. එසේනම්, එක්වන්න සිංහල බ්ලොග්කරණ තරගාවලිය සමඟින්!
http://reader.sahithya.lk/
සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙසේ ඇරඹෙන වගයි! 2009 ජුනි මස පළමුවන දා සිට අගෝස්තු මස 30වෙනි දින දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත “අසෙනිය කුසුම” සිංහල භාෂා හා කලා උළෙල අතරතුරදී සම්මාන හා ත්‍යාග ප්‍රදානයට නියමිතයි. සිංහල භාෂාව, සිංහල යුනිකේතය හා අන්තර්ජාල ජනමාධ්‍යකරණය ප්‍රවර්ධනයට ඉදිරි පියවරක් වශයෙන් මෙම සිංහල බ්ලොග්කරණ තරගාවලිය සැලකිය හැකියි. එසේනම්, එක්වන්න සිංහල බ්ලොග්කරණ තරගාවලිය සමඟින්!
Wednesday, May 27, 2009
අයා ඇති නෙතු
අයා ඇති නෙතු
නෙතග ඇවිලී දුහුල සළු දිලි
සේය මුතුකැන් කඳුලු පොදි පොදි
කිසට නැති කැඳ පොදක් බෙදි බෙදි
අරුණු යාමය පෝලිමක වෙති
දිනෙක උපනට දැයෙක නිමි නැති
අවර ගිරගට ඇදුනු වැට බිඳි
කුකුස් සිතැති සතර සෙන්පති
දනට පිළිවෙසි බෙදෙන බත් කැටි
ඇගට වස්තර නෙතට නිදි නැති
ඉහට ගිනි අවු සෙවණ දිස් නැති
කුවෙර අත මුනි දැවටු බණ පොදි
රැගෙන එන ජීවිතය ඝණපති
පිනෙන් සිස් වූ සඳෙත් කැන් නැති
මලානික රැස් කාන්ති විහිදති
අවතැන්ව කැණිමඩල මිහිපති
අනාතයෝය; අපි කෙලිද්දි අවල රති
නොවෙ කිරිබත් දනට මග පස
නොවෙ මධුවිත ඇන ඇන බොන්නට
නොවෙ සරණක් හිරු කෙලි හිස මත
නොවෙ වදනක්
---------කෝ කොහි සුමිතු උන් වට
චූලෝදර මහෝදර මහ සටන් වැදි
අතර වැසි හුන් ශ‍්‍රමික ගොවි දරු
අතරමං ව නිති ඇඳිවත හිමි ඇති
අයා ඇති නෙතු ගණන් නොකලැකි
සාගින්දර තුවාලෙන් මියැදෙන
උන්ටත් ඇසෙන්නට පත්තු කළ මැන
තුන් හුලසක් හංදියේ උස් බැම්ම මත
උනට සිත පිරී; යන්නට සදෙව්ලොව
ඩෝසන් ප‍්‍රීති 200905
නෙතග ඇවිලී දුහුල සළු දිලි
සේය මුතුකැන් කඳුලු පොදි පොදි
කිසට නැති කැඳ පොදක් බෙදි බෙදි
අරුණු යාමය පෝලිමක වෙති
දිනෙක උපනට දැයෙක නිමි නැති
අවර ගිරගට ඇදුනු වැට බිඳි
කුකුස් සිතැති සතර සෙන්පති
දනට පිළිවෙසි බෙදෙන බත් කැටි
ඇගට වස්තර නෙතට නිදි නැති
ඉහට ගිනි අවු සෙවණ දිස් නැති
කුවෙර අත මුනි දැවටු බණ පොදි
රැගෙන එන ජීවිතය ඝණපති
පිනෙන් සිස් වූ සඳෙත් කැන් නැති
මලානික රැස් කාන්ති විහිදති
අවතැන්ව කැණිමඩල මිහිපති
අනාතයෝය; අපි කෙලිද්දි අවල රති
නොවෙ කිරිබත් දනට මග පස
නොවෙ මධුවිත ඇන ඇන බොන්නට
නොවෙ සරණක් හිරු කෙලි හිස මත
නොවෙ වදනක්
---------කෝ කොහි සුමිතු උන් වට
චූලෝදර මහෝදර මහ සටන් වැදි
අතර වැසි හුන් ශ‍්‍රමික ගොවි දරු
අතරමං ව නිති ඇඳිවත හිමි ඇති
අයා ඇති නෙතු ගණන් නොකලැකි
සාගින්දර තුවාලෙන් මියැදෙන
උන්ටත් ඇසෙන්නට පත්තු කළ මැන
තුන් හුලසක් හංදියේ උස් බැම්ම මත
උනට සිත පිරී; යන්නට සදෙව්ලොව
ඩෝසන් ප‍්‍රීති 200905
Monday, May 18, 2009
කුට්ටම් ලේ පොකුණ
කුට්ටම් ලේ පොකුණ
පොලොව මත අලුත් ආවාට
පරදාද සඳ මතුපිට සිසි රුව?
උල්කා නොව ෂෙල් පතිත
ඒ ආවාට සඳ මත මෙන් නොව
------උණු රුහිරෙන් පිරී ඇති
රුධිර ස්නානයට සූදානම්
යකඩ කැබලි මූණිස්සම් අහුරු
ඇග මත උලා ස්නානයට
------කුට්ටම් පොකුණ සූදානම්
ඇග උලන්නට වෙඩි බෙහෙත්
------------කන් සුද්ද කරනට
-----------බයිනෙත්තු ද සමග
උණු රුහිරු පොකුණ සූදානම්
රාජ රාජාධි මහේෂාක්‍යයෝ
සහ දහස් අන්තඃපුර ලියෝ
ගිලි ගිලී නෑ ඒ කුට්ටම් ලේ පොකුණ
----------------------------සූදානම්
සුමංගල මොහොත දැං දැං උදාවන තුරු
නැකැත් ගණින්නනි
අන්න අර බලන් අහස
කාල සර්ප යෝගය උදාවන රග
ගිල දමා ග‍්‍රහ මඩුලු;
එක් පසක
රාහු සහ කේතු
ඩෝසන් ප‍්‍රීති
200905
පොලොව මත අලුත් ආවාට
පරදාද සඳ මතුපිට සිසි රුව?
උල්කා නොව ෂෙල් පතිත
ඒ ආවාට සඳ මත මෙන් නොව
------උණු රුහිරෙන් පිරී ඇති
රුධිර ස්නානයට සූදානම්
යකඩ කැබලි මූණිස්සම් අහුරු
ඇග මත උලා ස්නානයට
------කුට්ටම් පොකුණ සූදානම්
ඇග උලන්නට වෙඩි බෙහෙත්
------------කන් සුද්ද කරනට
-----------බයිනෙත්තු ද සමග
උණු රුහිරු පොකුණ සූදානම්
රාජ රාජාධි මහේෂාක්‍යයෝ
සහ දහස් අන්තඃපුර ලියෝ
ගිලි ගිලී නෑ ඒ කුට්ටම් ලේ පොකුණ
----------------------------සූදානම්
සුමංගල මොහොත දැං දැං උදාවන තුරු
නැකැත් ගණින්නනි
අන්න අර බලන් අහස
කාල සර්ප යෝගය උදාවන රග
ගිල දමා ග‍්‍රහ මඩුලු;
එක් පසක
රාහු සහ කේතු
ඩෝසන් ප‍්‍රීති
200905
Subscribe to:
Posts (Atom)
