යාළුවෙච්ච අලුත පළවෙනි සතිය සමරනවා...
ඊළඟට පලවෙනි මාසය සමරනවා.
ඒ අතරතුර හුවමාරැ වෙච්ච ලියුම් පොකට් එකේ දාගෙන යන එන හැම තැන අරන් යනවා...
දැං නම් යවපු එවපු එස් එම් එස් මකන්නේ නැතිව තියා ගන්නවා. මෙමරි එක පිරිල කියල කියද්දී අනිත් සේරම එවුන් එවපුවා මකල දානවා....
අපි නම් සාක්කුවේ අරන් ගියේ දීපු ලියුම් තමයි...පස්සේ මාස හතරක් පහක් යද්දි පොකට් එකේ දමං යන්න බැරි තරම් ලියුම් පිරෙනවා...
ඒවා එතනින් අරන් වෙන තැනක තියන්න හිතෙද්දිම බය හිතෙනවා එහෙම කළොත් ආදරේ බිඳේවි ද කියලා ...මොකද මේ ලියුම් වල ලියුමකට වඩා මහ දෙයක් තියෙනවා කියල අවිඥාණය ඔලුවට අණ කරන නිසා....
කාලය ගත වෙනවා...
පස්සෙ පස්සේ දීපු ලියුම් කොහේ තිබ්බ ද කියල මතකත් නැතිව යනවා...
ඒ වෙනකොට අපි දෙන්න කී වතාවක් වෙන් වෙමු ද කියල දෙන්නගෙන්ම අහල ඉවරයි...
ඒත් මොකද්දෝ කියන්න බැරි තේරෙන්නේ නැති දෙයක් නැති වේය කියල දෙන්න ආයෙම යාලු වෙලා ඉන්නවා...වෙන් වෙන්නෙත් නැහැ...
ලියුම් ලියන්නේ නැහැ...රණ්ඩු නොවී ඉන්නෙත් නැහැ...යාළුවෙක් යෙහෙලියක් මුණ ගැහුනම දෙන්නම ෆුල් ලව් එකේ නේද ඉන්නේ කියල පේන්න යමර රංගනයක් රඟනවා ඒ දකින එකාට ඉරිසියා හිතෙන තරමට. එයා ගිහින් හැම තැනම කියන්නේ උන් දෙන්නා කිරියි පැණියි වගේ එළට ඉන්නවා කියලා...
ඒත් එහෙම නෑ
දෙන්න ඉන්නේ එළට රණ්ඩු වෙවී...ඒත් ලෝකයා මෝඩයා නිසා හිතං ඉන්නේ දෙන්න පණට පණ කියලා...
ෂෝක් අනේ ලව් ජීවිතෙත්...බොරැ හිලක්...
සංවාදයකින් උපුටා ගන්නා ලද්දකි.

8 කුළිය:
බොරු කියන්නේ කිම?
මේ අන්තිම කොටසේ අයුරටම නොවුණත් මුල් කොටස හරියටම හරි! මාත් ඒ බොලඳත්වය ( එහෙත් සුන්දරයි කියා විඥානය දැන්වු) වින්දා.
අවසන් කොටස් එසේ නොවුණත්, රණ්ඩු නොවුණත් වෙනස් අත්දැකිම් වලට (ගතින් දුරැස් වීම), දෙදෙනාගේ එක් කෙනෙකුගේ කායිකාබාධාය වැනි හේතු නම් හිඩැස් ආදරයෙන්ම නොපිරවු බැව් එය මිටියෙන් පුපුරවා දෙදෙනාගෙන් කෙනෙක් වෙනතක ගියේය.
ලියල තියෙන්නෙ සහතික ඇත්ත....අද සමාජයෙ මේ වගෙ ඉන්න අය සේරම ගෙන් දෙවියෙක් පහළ වෙලා ඇහුවොත්, "කිසිම ප්රශ්නයක් නැහැ, තමන් දන් ඉන්න සහකරුවා හෝ සහකාරියගෙන් වෙන්විලා කැමති කෙනෙකු ලඟට යන්න කියල කිව්වොත් සියයට අසූවක් වත් යන එක යනවමයි...ලෝකෙ පරකාසෙට තමා ඔය කුරුලු කූඩු වලට වෙලා ඉන්නෙ... ඇත්ත කිව්ව කියලා මගෙ කට කපන්නයැ....
ඒත් ඔය අග කොටස හැමකෙනාටම අදාල නැහැ.එහෙම වෙන්නේ ආදරයක් ඇති නොවිම නිසයි. ප්රශ්න ඇතිවිම ස්වභාවිකයි. ඒත් දෙදෙනා අවබෝධයෙන් සිටි නම් ඒවා විසදාගැනිම සිදුවන්නේ නම් රගපාන්න වෙන් නැහැ.
binku,akkandi & Dilan:
සියල්ලන්ගේම අදහස් ඉතා වැදගත්.
සටහන් තැබුවාට ගොඩක් ස්තුතියි.
මම ඕකට එකඟ නෑ. මම දන්නවා, අප දෙදෙනා වෙන් උනත් ඇය තවමත් මට.., මම ඇයට ආදරේ විත්තිය.. එකම වෙනස.., අප දෙදෙනා අතර ආලෝක වර්ශයක තරම් ලොකු.., පරතරයක් දකින එක විතරයි.
ප්ලේටෝ කියපු දෙවියන් හදපු අනික් කෑල්ල හැමෝටම හොයගන්න ලේසි නෑ. අඩු ගානේ යාංතමට වත් ගැලපෙන අනිකාව හොයාගත්තොත් ගොඩ.
ප්ලේටො කියපු හරියට හරි යන අනික් කෑල්ල හම්බ වෙන්නෙ, ඒ කෑල්ල වෙනත් කෑල්ලකට මාට්ටු වුනාට පස්සෙ නේ. ඒකයි ප්රශ්නෙ....මොනවා කරන්නද..ඔහොම යං.
ජීවිතේට රණ්ඩු වෙචච නැති පෙම්වතුන් යුවළක් ඉන්නවද? රණ්ඩුව ඇතුලෙ අනිකාව හඳුනාගන්න ලොකු උත්සාහයක් කෙරෙනවා කියලයි මගේ අදහස.
Post a Comment