Wednesday, July 6, 2011
අධිසත්තාවාදය-ජුලි 10 ඉරිදා
ටැක්සියේ නොම්මරේ:
කේ. කේ. සමන් කුමාර
කවියක් සහ එගැන ගෙතුමක්-[කවියක පුරා විද්‍යාව..] හෂිත අබේවර්ධනගෙන්
පීතෘ භුමිය
හිරු රැසින් නැහැවුන මිටියාවත
කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි
ගීත ගයමින් ගලා යන ගංගා
සියොතුන් පියාඹන නිල් අහස
වීය අප සැමගේම පොදු වස්තුවක්
කිසිවෙකුට අයත් නොවූ භුමිය
වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක්
සැමදෙනා සමගිව සිටියෙමු
භුමියේ වැඩෙන ගස් වැල් ලෙස
කාලයක් මෙලෙස ගිය විට
ඇතැමෙකු භුක්තියට ගත්හ භුමියේ සරු ඉඩම්
බෙදා වෙන්කර ගනිමින්
මගෙයි මගෙයි කියමින්
භූමියට කුරිරු ලෙස වධ දී
උපයාගත් රන්මසු වලින්
මිලට ගත්තෝය වහලුන්
කඹුරන්නට උන්ගේ ජීවිත යමින් බැඳ
බෙදා වෙන්කරගත් භුමියේ
පහල විය නීති රීති
ගරු කල යුතුයි දේපලට
අසල්වැසියාගේ
නීතිය කැඩුවන්
කුදලාගෙන ගියහ නිරී සතුන් සේ
සින්දෝය ඇතැමෙකුගේ අතපය
තියුනු අසිපත් වලින්
අහසින් කඩා වැටුනෝය පැලැන්තියක්
පූජකයන් කියාගත්
පෙන්නා දෙව්ලොව අපට
සින්දෝය උන් අපගේ සාක්කු
කූඩැල්ලන් මෙන් ගිජුව
සාරය උරාගත් භුමිය
දෙවියන් විසින් අපටම තිලින කල
භූමියක් බව ඇතැමෙකු කීහ
සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය
දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ
භුක්තිය ඇත්තේ අපට මිස අන් අයට නොවන බව
තරයේ අවධාරණය කළහ
පීතෘ භුමිය ආරක්ෂා කරනු
ඔවුන් අපට විධාන කළහ
බයිනේත්තු ඇමිණු තුවක්කු අතට ගෙන අප
පීතෘ භුමියේ සතුරන් සොයා ගියෙමු
මඩ වතුර පිරුණු අගල්වල
අප සතුරන් දුටිමු
ඔවුනටද කවා තුබුණි විස
අපව දුටු තැන නසන්නට
වෙන බසක් කතා කල
වෙනත් නිල ඇඳුමක් ඇන්ද
අප වැනිම මනුෂ්‍යන් කොටසකගේ ශරීර වලට
ඇන්නෙමු බයිනේත්තු වලින්
ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක්
දසත ගලා ගිය
මිනිස් රුධිරය
එක්විය ගංගා වලට
එකෙහින්ම නිල් ජලය රත් පැහැ විය
දේව ශාපයක් සේ
කාලතුවක්කු දුමාරයෙන් පිරී ගිය අහස
ඇද වැටුණු මහා වෘක්ෂ
නිසලවූ මිනිස් සිරුරු වැතිරුණු භූමිය
මිනිස් විෂ එකතු වුනු ගංගා
මැව්වේ අමු සොහොනක දසුන්ය
කුමක් වී ද ඒ රම්‍ය භූමියට
මිනිස් ගිජු බවේ සාපය වැදුණු
දියඇලි සිඳුනි මැලවුනි ගස්වැල්
හැර ගියහ සියොතුන් ශාපලත් භුමිය
අවසානයේදී සිදුවූයේ කුමක්ද
කිසිවෙකු නැත දැන සිටියේ
කියා දෙන්නට අවසන් ජවනිකාවේ රඟ
නොවීය පනැති කිසිවෙකූ එම භුමියේ
වෛද්‍ය රුවන් එම් ජයතුංග
කවියක පුරා විද්‍යාව...
හෂිත අබේවර්ධන
මිනිස් ඉතිහාසය සූත්‍රගත කිරීම සියලු දාර්ශනිකයන් හා ආගමික නායකයන් මුහුණ දුන් අභියෝගයකි. 'ඒ කෙසේ විනිද ස්වාමිනී?' නම් ගැටළුව මිනිස් වග සදා පෙලයි. අපි කොයිබින් ආමු ද? කොයිබ යන්නමෝද? යන අගාධ අනෝම ගැටළු විධිමත් ව ලිහීමට උත්සාහ දැරූ අවස්ථා මිනිස් ඉතිහාසයේ දුලබ නැත, සුලබ ද නොවේ. රුවන් ජයතුංග පීතෘ භූමිය නමින් 'කවියක' මේ ගැටළු දෙක බහා ලයි.
අග්ගඤ්ඤ සූත්‍රය විසින් අපි කොයින් ආමු ද? යන ගැටළුවට දුන් පිළිතුර ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හා ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් විශ්වශුක්‍රයක [Panspermia] න්‍යාය ලෙස නූතන විද්‍යාවට අනුගත කළහ. වාසෙට්ඨ හා භාරද්වාජ දෙනම වෙත තථාගතයන් ගෙන පෑ පිළිතුර සිංහල කවියෙහි මුල් වරට යොදා ගත්තේ මහගම සේකර යි. ඔහු ප්‍රබුද්ධ හි වික්ටර් වෙත මුල ප්‍රශ්නය පැහැදිලි කරනු වස් අග්ගඤ්ඤ සූත්‍රය යොදා ගනී.
.......
වාසෙට්ඨය!
ඉක්බිති ඒ සත්ත්වයෝ
ඇල් වී බෙදා ගත්හ
මායිම් තනා ගත්හ
[ප්‍රබුද්ධ දෙවන මුද්‍රණය 1980, පිට 93]
රුවන් ඔහුගේ කවියේ මුල් අඩ අග්ගඤ්ඤ-එංගල්සියානු මුහුමකින් වියයි.
කිසිවෙකුට අයත් නොවූ භූමියෙහි විසූ ආදි ගෝත්‍ර; පොදු වස්තු සහිත, සියල්ලන්ට සම අයිතීන් වූ, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර මල්ල-ලිච්ඡවී ගණයන්ට බඳුව පැවතුනු බව ඒ ආශ්‍රයෙන් රුවන් රූපණය කරයි.රුවන් ට ප්‍රතිපක්ෂව චර්යාවිද්‍යාවන් නැගී සිටියි, ඉම් සළකුණු කිරීම බොහෝ සතුන් කරති. මිනිසා සිය රංචු අතර ගැටෙමින් රංචුව ඇතුළත පොදු බව ආරක්ෂා කළ බව එංගල්ස් හා ඔහු අනුයමින් 'වොල්ගා සිට ගංගා තෙක්' ලියූ රාහුල සංස්කෘත්‍යායන අපට ඉඟි කරති. අග්ගඤ්ඤ සූත්‍රයේ මුල කොටස ද ඉඟි කරන්නේ මිනිස් නොවන අවධියක ආලෝක ශරීර සහිත ජීවීන් වර්ගයක් 'රසාතලයක්' අනුභව කරමින් හුන් යුගයක් දෙස විය යුතුය. [ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මේ රසා තලය 'ආදී සූපය' නමින් බෞතීස්ම කර ජීවයේ 'ස්වයංසිද්ධ ජනනය' සූත්‍රගත කළේය.]
ප්‍රාග් ඉතිහාසය හා ඉතිහාසය අතර ඇත්තේ මහා වියවුලකි. මිනිස් වර්ගයා අවසාන වන තුරු මේ වියවුල ලිහා ගත නොහැකිවනු ඇත. ශිෂ්ටත්වය යනු ලෝක නීතියකින් මිනිසා බැඳී යාමය. එහි හොඳ නරක තිබියදී ලෝක නීතිය පිළිගැනීම ශිෂ්ට බවයි. මිනිස් වර්ගයා අතර ස්වමාංශ භක්ෂණය පිළිකෙව් කිරීම එබඳු එක ලෝක නීතියකි.
ඉන්දියාවේ ප්‍රකට දලිත් ලේඛකයෙකු වන ආචාර්ය කන්චා ඉලයියා ට අනුව ජෛනයින් හා බෞද්ධයින් පොදු දේපල අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. [God as a Political Philosopher –Budhdha’s Challenge to Brahminism,132 පිට]. බුදුහු අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලා අභියෝගයට ලක් කරන්නේ එතෙක් පැවති මහා මිත්‍යාවකි. සතර වර්ණයන් බඹුගේ මුවෙන් ඇරඹි පා දක්වා උස්මිටි භේද සහිතව ලොවට උත්පාද වන බවට වූ මිත්‍යාව ඔවුහු සුණු කර දමති. බමුණාද ශුද්‍රයාද එකසේ ස්ත්‍රී යෝනියෙන් උපදින බව මතක් කර දෙති.
මේ කවර වූ යුගයක්ද, අජාසත් හා කෞටිල්‍ය විසින් කුඩා ගණ ගෝත්‍රයන් සිය අණසකට ගනු පිණිස මන්ත්‍රණ, කුමන්ත්‍රණ, භේද, වාද හා ගැටුම් ඇති කරමින් පැවති යුගයකි. වෙදුන්, නිළියන්, ගණිකාවන්, සේනාපතියන් මතු නොව සන්‍යාසීන්, පරිබ්‍රාජිකාවන් ආදීන් ද කුමන්ත්‍රණයන්ගේ උපකරණ වූ යුගයකි. ගණ නායකයන් බිඳවිම ඔවුනගේ රාජකාරිය විය. ලිච්ඡ්වීන් විෂය කොට අපරිහානීය ධර්මයන් දේශනා කිරීමට බුදුන් උත්සුක වන්නේ එබඳු දේශපාලන සංදර්භයක කිසියම් පිළිවෙලක් ඇති කරනු පිණිස විය යුතුය. ස්ත්‍රියට මහණ වීමට ශික්ෂා පද පනවන්නේ පරිබ්‍රාජිකාවන්, නිළියන්, ගණිකාවන් හා අනෙකුත් පුර ස්ත්‍රීන් ඝාතනය වන, දූෂණය වන යුගයක මෙහෙණි සංඝය එයින් හැකිතාක් දුරට ඈත් කර තැබීමට විය යුතුය.
සමාජ උපරි ව්‍යුහය විසින් ඇතිකරන වර්ණ-ධර්මය පිළිගැනීම වරෙක ශිෂ්ටත්වය වනවා සේම ඒවායේ අඩුපාඩු, ප්‍රතිවිරෝධතාවන්ට එරෙහිව කවර හෝ තලයක ක්‍රියාකාරී වීම උතුම් බව පසක් කළේ ගෞතමයන් වහන්සේමය.
ශිෂ්ටත්වය මිනිසෙකු තමා අයිති වන ජන කොටස විසින් ඒ සඳහා කළ යුතු යුතුකම් කරනු පිණිස බැඳ තබයි. පීතෘ භූමිය නම් සංකල්පීය රූපය විසින් මිනිසෙකු ගැහැණියක සිය ආදි කල්පික සීමාවන් රකිනු පිණිස, තහවුරු කරණු පිණිස, පුළුල් කරණු පිණිස පොළඹවයි. මර්දනයේ, වහල් බවේ, පීඩනයේ කුරිරු කම් සියවස් තුන්සියයකට වැඩි කලක 'පොදු විඥානය' බවට පත් කොට ගෙන ඇති නිසා එකිනෙකා ගේ ගෙළ වෙත යොමු වූ දත් හා අත් ඇතිව ස්වයංඝාතක අභිලාෂයන් දක්වා කුළු ගැන්වුනු යුගයක් අපි ජීවත් වෙමු.
මෙබඳු යුගයක කවියාගේ භූමිකාව 'වණ්ණුපථ ජාතකයේ' මෙන් රවුමේ කැරකෙමින් සිටින සමාජ ජීවිතය අභාවයෙන් අභාවයට යාම වැළැක්වීමය [දොරමඬලාව, දයාසේන ගුණසිංහ 19 පිට]. සමාජ ජීවිතයට කෙවිටකින් තැලීමය.
රුවන් සිය කෙවිට වනා ඇත. මට රිදී ඇත.

වෛද්‍ය රුවන් එම්. ජයතුංග,
හෂිත අබේවර්ධන
Monday, July 4, 2011
විඥානයේ ක්වොන්ටම් ආකෘති
මෙම ලිපි පෙළේ
පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
4.1 Ways to Use Quantum Theory
4.1 ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතාවේ විධි
මෙතැන් සිට විඥානයේ ස්වභාවය පිළිබඳව ක්වොන්ටම් සිද්ධාන්තයේ යෙදුම් ආශ්‍රයෙන් අසම්පූර්ණව හෝ ගොඩනැගුන වඩාත් ප්‍රචලිත සංකල්ප සමහරක් ඉදිරිපත් කිරීමත් ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමත් සිදුවේ. මේ අරමුණ උදෙසා 2වන කොටසේ සාකච්ඡා කළ දාර්ශනික ආස්ථාන ද්වයක් A/B මෙන්ම 3වන කොටසේ දී සාකච්ඡා කළ ස්නායු-භෞතවේදයේ ආස්ථානයන් ද මාර්ගෝපදේශක ලෙස උපයෝගි කොටගෙන විධිමත් ලෙස ක්වොන්ටම් සිද්ධාන්තයේ එළඹුම් සාකච්ඡා කෙරේ. කෙසේ වුවද සමහර ප්‍රමූලික සුදුසුකම් සළකා බලද්දී ක්වොන්ටම් සිද්ධාන්තයේ විවිධාකාර වෙනස් එළඹුම් වල ඇති ශක්‍යතාවයන් ද පිළිගැනීමට ලක් වේ.
ශුද්ධ රූපකාත්මක (pure metaphorical ) ලෙස මූලික ක්වොන්ටම් සෛද්ධාන්තික සංකල්ප විඥානය පැහැදිලි කිරීම හා සම්බන්ධව භාවිතා කිරීම නොයෙක් විධිප්‍රකාරව යෙදේ. ක්වොන්ටම් සෛද්ධාන්තික පාරිභාෂික සංකල්ප වන පැටළුම (entanglement) , අධිස්ථාපනය (superposition), බිඳ වැටීම හෝ අභිපාතය (collapse), අනුපූරකතාවය (complementarity) සහ අනෙකුත් සංකල්ප භාවිතා කරන්නේ සුවිශේෂි සඳහනකින් තොරව ඒවායේ අරුත්දැක්වීම් කොතරම් දුරට නිරවද්‍යදැයි හෝ ඒවා කොතරම් දුරට යෙදෙන විශේෂ අවස්ථා කෙරෙහි ඖචිත්‍යදැයි යනු නොසළකා ය. උදාහරණයක් වශයෙන් මානසික ක්‍රියාකාරිත්වය හුදෙක් සංකල්පීය ලෙස විවරණය කරගන්නේ කෙසේ හෝ එය භෞතික මිනුමක් ලෙස ප්‍රතිසම භෞතිකාර්ථයක් ලෙස හෝ මනෝවිද්‍යාත්මක පද්ධතියකට සංකල්පීය ලෙස විවරණය වන භෞතවේදී පැටලිල්ලක් හෝ සහසම්බන්ධයක් ඇති ප්‍රපංචයක් ලෙසිනි. එබඳු ඇණවුම් කිරීම් විසින් මනස්කාන්ත විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය කරන්නටත් සමහර විට අතිශය වැදගත් සවිස්තරාත්මක ලෙස විග්‍රහයට ලක් කළ හැකි නැවුම් අදහස් උපදවන්නට ද හේතු විය හැකිය. එනමුත් එබඳු සවිස්තරාත්මක කාර්යයන් විසින් අනුමානගත රූපිකාර්ථයන් හෝ ප්‍රතිසමතාවන් ඉක්මවා නොයෙන්නේ නම් ඒවා විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රගමනයක් ලෙස නොසැළකේ. මෙම අවස්ථාවේ දී එබඳු වර්ගයේ එළඹුම් සාකච්ඡාවට නොගැනේ.
දෙවන ප්‍රවර්ගයක් ලෙස අන්තර්ගත වන්නේ වර්තමානයේ සංවිධිත ලෙස ගොඩනැගී ඇති ක්වොන්ටම් සිද්ධාන්තයේ භාවිතාවන් හරහා සවිස්තරාත්මක විග්‍රහයන් සිදුවන ස්නායු-භෞතවේදයේ හෝ ස්නායු-මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් ය. එබඳු එළඹුම් අතුරින් වඩාත් දීර්ඝතම ඉතිහාසයක් ඇති සංකල්පය වන්නේ වොන් නියුමාන් එක්දහස් නවසිය තිස්ගණන් වල ප්‍රාරම්භ කළ පසුව විග්නර් විසින් වඩාත් සංවර්ධනය කළ වර්තමානයේ ස්ටාප් විසින් උත්කර්ෂයට ලක් කළ ප්‍රවාදයකි. එය වඩාත් රළු ලෙස සංකල්පගත කරන්නේ නම් භෞතික තත්වයේ ඌණිත ස්වරූපයට නෛසර්ගික ලෙස මානසික තත්වයන් සහසම්බන්ධතාවය දක්වන්නේ යැයි කෙරෙනු ලබන යෝජනාවයි. ඊටත් මදක් පසු කාලීනව නවසිය හැටගණන් වල ප්‍රචලිත තවත් අදහසක් වන්නේ රිසියාඩි සහ උමෙසාවා (Ricciardi and Umezawa ) විසින් සූත්‍රගත කළ ක්වොන්ටම් ක්ෂේත්‍රෙය් රික්තක අවස්ථා (vacuum states of quantum fields) ලෙස මතක අවස්ථා ප්‍රතිසම බව හෝ මානසික අවස්ථා ප්‍රතිසම බව සලකමින් ගොඩනගාගෙන ආ ප්‍රවාදය යි. මෙම එළඹුමේ ප්‍රමුඛ යෝජකයෙකු ලෙස දැනට සැළකෙන්නේ විටීලෝ (Vitiello) ය. අවසන් වශයෙන් බෙක් සහ එක්ලෙස් (Beck and Eccles) එක්දහස් නවසිය අනූ ගණන්වල දී යෝජිත එක්සෝසයිටෝසිස් (exocytosis) පැහැදිලි කිරීම් හරහා සිනැප්ටික් පැල්මේ කටයුතු සෘජුවම මානසික චේතනා කෙරෙහි බලපෑ හැකි බවට කළ අදහස් දැක්වීමයි.
තුන්වැනි ප්‍රවර්ගයකට අයත් වන අදහස් සමූහයක් වන්නේ වත්මන් වැඩිදුර සංවර්ධනය කළ හෝ සාමාන්‍යකරණයට ලක් කළ ක්වොන්ටම් සිද්ධාන්තයට අයත් දේය. ඒ ඇසුරේ මූලිකත්වය ගන්නේ පෙන්රෝස් ඉදිරිපත් කළ ගුරුත්වයේ ඌනිත තත්වයන් විසින් පිරිහෙලන ක්වොන්ටම් තත්වයන් විසින් ප්‍රමූලික විඥානය ගොඩනැගෙන බවට කරන ලද යෝජනාවයි. අවසන් වශයෙන් මේ ප්‍රවාදය සනාථ වීමට අනාගතයේ ගොඩනැගෙන්නට නියමිත හෝ අභිලාෂිත ක්වොන්ටම් ගුරුත්ව සිද්ධාන්තය එනම් දැනට සංවර්ධනය වෙමින් පවතින අසම්පූර්ණ කොටස සම්පූර්ණ ලෙස ගොඩනැංවීමට ඇවැසි වේ. පෙන්රෝස් සමගින්ම හැමරෝෆ් ද තර්ක කරන්නේ මයික්‍රොටියුබියුලි වෙත අවධානය යොමු කළ යුත්තේ එබඳු ක්වොන්ටම් ඌනිත තත්වයන් පැවතිය හැකි යැයි සැළකිය හැකි නිවැරදි පෙදෙසක් ලෙසිනි.
අනෙකුත් ක්වොන්ටම් සෛද්ධාන්තික එළඹුම් අදාළ වන්නේ සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් සිද්ධාන්ත එනම් ක්වොන්ටම් භෞතිකය ඉක්මවා යන ස්වරූප ඔස්සේය. මේ මග ගත් ප්‍රවාදයන් මූලික වශයෙන් පදනම් වන්නේ කලෙක සිට පිළිගත් සංකල්ප වන අනුපූරකතාවය සහ පටලැවිල්ල (complementarity and entanglement) මානසික සහ ද්‍රව්‍යමය යනාදී වූ දෙයාකාර වූ පෙදෙස් හි සම ලෙස යෙදේ යන සංකල්පනය යි. සුවිශේෂී ලෙස ද්විප්‍රකාර වූ අභිමතාර්ථ උදෙසා මේ සම්බන්ධතා භාවිතයෙන් යථාර්ථයේ කඩතුරාව ඉවත් කළ හැකි බවට කෙරෙන සංකල්පනය යි. මෙම කල්පනය ස්පිනෝසා තෙක්ම ඇදී යන්නා වූ ප්‍රවාදයක් වන අතර විසිවන සියවසේ ප්‍රකට විද්‍යාඥයන් වූ බෝර්-පෝලි-බෝම්-ප්‍රිමාස්-ඩි එස්පැනට් සහ එමග ගත් අනෙකුන් වෙති. අවසාන වශයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හෝ ක්වොන්ටම් ක්ෂේත්‍රය නියමාකාරයෙන් සර්වප්‍රකාරයෙන්ම නොයොදා එතුළ මුල්කාලයේ සිටම භාවිතා වන අපරිවර්තිත කර්ම (non-commuting operations ) හෝ බූලියානු නොවන තර්කනය (non-Boolean logic) වැනි සංකල්ප යෙදෙන හා ක්වොන්ටම් සිද්ධාන්ත සමහරක් භාවිතා වන සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් එළඹුම් මගින් ද ශුද්ධ ලෙසම මනෝ විද්‍යාත්මක ප්‍රපංච විග්‍රහයන් හමු වේ. එවැනි සමහරක් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වන අතර ඒවා නියෝජනය කළ විද්‍යාඥයන් සමහරක් ඒට්ස්-ඇට්මන්ස්පැචර්-බ්‍රෑසා සහ බියුස්මේයර් යන අයවළුන් වෙති (Aerts, Atmanspacher, Bruza, and Busemeyer).
පරිවර්තක සටහන
ඉදිරි ලිපි සැකසෙනුයේ පහත දැක්වෙන පිළිවෙලින් එම විවිධ ප්‍රවර්ගයන්ට අයත් ආකෘති විස්තර කිරීම උදෙසාය.
4.2 Stapp: Quantum State Reductions and Conscious Acts
4.3 From Umezawa to Vitiello: Quantum Field Theory of Mind/Matter States
4.4 Beck and Eccles: Quantum Mechanics at the Synaptic Cleft
4.5 Penrose and Hameroff: Quantum Gravity and Microtubuli
4.6 Mind and Matter as Dual Aspects
4.7 Mental Quantum Features

ක්වොන්ටම් ලෝකය,
පරිවර්තන
පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
මෙම ලිපියේ පළමු කොටස: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...
3. Neurophysiological Levels of Description
ස්නායු (නියුරො) භෞතවේදී විග්‍රහ තල පිළිබඳ
3.1 නියුරෝනමය එකලස් කිරීම්
මානසික පද්ධතියක් විවිධාකාර වූ සිහි [conscious] සහ අභිමතාර්ථමය මනෝ තත්වයන් [intentional mental states] තුළ පැවතිය හැකිය. උපකල්පිත තත්ව අවකාශයක් තුළ එබඳු සිහි පිහිටුම් පථයකට අපි සන්තතික විඥානය යැයි කියමු. මානසික තත්ව අවකාශය තුළ දර්ශීය ලෙස විවිධ ස්ථායීතා ගුණ සහිත උපකුලක පැවතිය හැකි නිසා කිසියම් මනෝ තත්වයක් එම මනෝ අවකාශය තුළ තම පිහිටුම අනුව වැඩි හෝ අඩු ආකාර වූ ස්ථායිතාවයක් අත්කර ගන්නේ යැයි උපකල්පනය කළ හැකිය. අස්ථායි තත්ව හෝ පාර අස්ථායි තත්ව යන අවස්ථාවල කාල ප්‍රමාණයට සාපේක්ෂව ස්ථිර තත්වයන් පැවැත්මේ හෙවත් නේවාසික කාලයෙන් වැඩි වීමෙන් එය වෙන් කර හඳුනා ගත හැකිය. කිසියම් මානසික තත්වයක් කැළඹීම්වලට සාපේක්ෂව ස්ථායිතාවයක් දක්වන්නේ නම් එය සිහියෙන් ප්‍රත්‍යක්ෂ කරනු ලබන මානසික ආදර්ශනයක කේතීකරණය සක්‍රිය කරන්නේ යැයි පැවසිය හැකිය.
මෙම ශුද්ධ වශයෙන්ම මනෝවිද්‍යාත්මක හෝ ප්‍රජානනාත්මක හෝ ඥානනය පිළිබඳ ස්ථාවරයේ සිට එහි ප්‍රතිපක්ෂය වන්නා වූ ස්නායු-භෞතවේදාත්මක පාර්ශවයට යද්දි මෙබඳු පැණයක් නැගේ-මානසික ආදර්ශනයේ ස්නායුමය සහසම්බන්ධය කුමක් ද? සම්මත හෝ පිළිගත් වාර්තාවලට අනුව (නෝ සහ තොම්සන් 2004 වත්මන් සංවාදවලට අනුව [Noë & Thompson (2004) )] මානසික ආදර්ශනයන් ස්නායුමය හෝ නියුරෝනමය එකළස් කිරීම්වල ක්‍රියාකාරිත්වයන් හා සහසම්බන්ධනය [correlation] එනම් දහස් ගණනක නියුරෝන එකළස් කිරීම්වල සාමුහික වෘන්දය සමග සමපාත වේ. කිසියම් පරිසරයකට අනුකූලව නෛසර්ගික ලෙස සකස්වන නියුරෝන එකළාසයක් මානසික ආදර්ශනයට දක්වන සහසම්බන්ධතාවය එහි නියුරෝන අතර ඇති සම්බන්ධතා සමස්තයට වඩා දුර්වල වීම තුළ හටගනී. ස්නායු හෝ නියුරෝන මානසික ආදර්ශනයට දක්වන සහසම්බන්ධතාවය සක්‍රිය වන්නේ එම එකළාසය තුළ ඇති නියුරෝනවල ක්‍රියාකාරිත්වය කිසියම් සීඝ්‍රතා අගයක් ඉක්මවා පත්තුවන හෝ දැල්වෙන තත්වයක් තුළදීය.
නියුරෝන එකළාසයන් හි ක්‍රියාකාරකම් ගැන සම්භාව්‍ය හැසිරීම් රටා විග්‍රහයන් (පරිවර්තක සටහන බලන්න)වඩාත්ම බහුල වුව ද ක්වොන්ටම් පැහැදිලි කිරීම් වඩාත් ලංවන්නේ සම්භාව්‍ය පදනමින් පැහැදිලි කිරීමට අසමත්වන ඒකීය නියුරෝනමය හැසිරීම් වලට එනම් තනි නියුරෝන හෝ ඒවා අතර අන්තර්මුහුණත්වලට අදාලව බැවින් මුල් සම්භාව්‍ය හැසිරීම් විග්‍රහයන් අභියෝගාත්මක නොවන බැව් සඳහන් කළ හැක. මේ අන්තර්මුහුණත් හෙවත් නියුරෝන අතර සංඥා හුවමාරුවන තලය සිනැප්සස් වශයෙන් හැඳින්වේ. විද්‍යුත් සංඥා මෙන්ම රසායනික සංඥා ද මේ සිනැප්සස් වලට අයත් වන්නේ එම සංඥා වාහක වන ආකාරය මත රඳා පැවතීමෙනි. එනම් විදුලිමය හෝ රසායනික වශයෙනි.
විද්‍යුත් සිනැප්සස්වල දී විදුලිය ජනනය වී ප්‍රචාලනය වන්නේ "presynaptic" නියුරෝනයක් තුළින් සෘජුවම "postsynaptic" නියුරෝන සෛලයක් වෙත ක්‍රියාකාරී විභවයන් හට ගැනීමක් ලෙසින් භෞතිකවම ඒ අන්ත දෙක යා කොට නිර්මාණය වී ඇති ප්‍රකට හිදැස් සන්ධියක් හරහාය. රසායනික සිනැප්සස්වල දී පූර්ව සහ පශ්චාත් සිනැප්ටික් සෛල අතර පැල්මක් භාවිතයට ගනු ඇත්තේය. කිසියම් රසායනික සංඥාවක් සම්ප්‍රේෂණය උදෙසා රසායනික වාහකයක් එනම් ග්ලූටමේට් පූර්ව සිනැප්ටික් අන්තයෙන් මුදා හැරේ. මෙම රසායනික මුදා හැරීමේ ක්‍රියාවලිය "එක්සොසයිටෝසිස්" (exocytosis) යනුවෙන් හැඳින්වේ. මෙම වාහකය සිනැප්ටික් විවරය හරහා විසිරී පශ්චාත් සිනැප්ටික් නියුරෝන පටලයේ ප්‍රතිග්‍රාහකයන් බැඳ ගන්නා අතර ඉන් අයනික මාර්ගයක් විවෘත කරගනී. (Kandel et al. 2000, part III; see Fig. 2) රසායනික ප්‍රචාලන වේගය විද්‍යුත් ප්‍රචාලන වේගයට වඩා අඩුය.
බෙක් සහ එක්ලෙස් විසින් වර්ධනය වූ ආකෘතියකට අනුව එක්සොසයිටෝසිස් යාන්ත්‍රණයේ සූක්ෂම කාරණා පැහැදිලි කිරීමට නිශ්චිත වශයෙන්ම ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාවලිය යොදා ගෙන ඇති අතර මානසික තත්වයන් සම්බන්ධයෙන් ද සමීප සම්බන්ධයක් ගොඩ නැගේ. මෙය වඩාත් දීර්ඝ ලෙස 4.4 කොටසේ දී සාකච්ඡා කෙරේ.
මේ අවස්ථාවේ දී ෆ්ලෝ 2000 විසින් ඉදිරිපත් කරන ලද වෙනත් එළඹුමක් ද සඳහන් කළ යුතු වන්නේ රසායනික සිනැප්සස් ක්‍රියාවලියේදී උපකාරී වන සුවිශේෂ ප්‍රතිග්‍රාහක වර්ගයක් වන ප්‍රකට NMDA ප්‍රතිග්‍රාහක අතිශය වැදගත්කමක් දක්වන බැවිනි. කෙටියෙන් ෆලෝ නිරීක්ෂණය කරන්නේ NMDA ප්‍රතිග්‍රාහකයන්ගේ පවත්නා සුවිශේෂී සුවිකාර්යතා ගුණය plasticity නියුරෝන එකළාසයන්ගේ විස්තෘත ස්ථායීතාවයන් එනම් මානසික ආදර්ශනයන් කෙරෙහි සහසම්බන්ධතා වර්ධනය නිර්මාණය කරගැනීමට අත්‍යාවශ්‍ය බව සහ මෙම තත්වය මානසික තත්වයන් සමග සම්බන්ධ බැව් හෙළි කෙරෙයි. වැඩි දුරටත් ඔහු විග්‍රහ කරන්නේ නිර්වින්දනකාරකයන් (anaesthetic agents) විසින් විවිධාකාර වූ යාන්ත්‍රණ ඔස්සේ NMDA ප්‍රතිග්‍රාහකයන් හිර කිරීමෙන් සිහි නැති කිරීමේ ක්‍රියාවලිය සිදු වන බවයි. ෆ්ලොගේ මෙම එළඹුම භෞතීයවාදාත්මක මෙන්ම ඌනිතවාදී ද වන අතර සුවිශේෂි ක්වොන්ටම් අදහස් වලින් විනිර්මුක්ත ද වේ.
3.3 මයික්‍රොටියුබියුලි -සූක්ෂම නාලිකා
නියුරො-භෞතවේදයේ ප්‍රාථමිකම මට්ටමේ දී එනම් ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාකාරිත්වයන් මානසික තත්වයන් කෙරෙහි සහසම්බන්ධතා දක්වන බවට යෝජිත අවස්ථාවේ එනම් ඒකීය නියුරෝනයක අභ්‍යන්තරය සළකනු ලබන මට්ටමේ දී - එනම් "සයිටොස්කෙලටනය" යි. එය අත්‍යාවශ්‍ය ලෙසම ද්විප්‍රකාර වූ ප්‍රෝටීන ජාල ව්‍යුහයන් විසින් නිර්මිත වන අතර නියුරොෆිලමන්ටයන් සහ මයික්‍රොටියුබියුලි හෙවත් සියුම් නාලිකා වේ. මේවා දීර්ඝ බහුඅවයවිකයන් වන අතර සාමාන්‍ය යෙන් ඒවා නිර්මාණය වී ඇත්තේ අන්වායාම ලෙස ඇල්ෆා සහ බීටා නාලිකා විසින් බාහිර විෂ්කම්භය නැනෝ මීටර විසිපහක් තරම් වන ආකාරයේ නාලිකා පිළිවෙලක් (tubular array ) ලෙසිනි. 3 රූප රාමුව බලන්න. වැඩි විස්තර සඳහා Kandel et al. (2000), Chap. II.4. බලන්න.
පරිවර්තක සටහන
ස්නායු සෛලවල සිනැප්ටික් යාන්ත්‍රණ වඩාත් පැහැදිලිව අධ්‍යයන කිරීමට මෙතැනට යන්න. එහි ඇති සජීවිකරණය කරන ලද විඩියෝ පට ආශ්‍ර යෙන් වඩාත් විචිත්‍ර ලෙස එම යාන්ත්‍රණ දැක බලා ගත හැකිය.
3. Neurophysiological Levels of Description
ස්නායු (නියුරො) භෞතවේදී විග්‍රහ තල පිළිබඳ
3.1 නියුරෝනමය එකලස් කිරීම්
මානසික පද්ධතියක් විවිධාකාර වූ සිහි [conscious] සහ අභිමතාර්ථමය මනෝ තත්වයන් [intentional mental states] තුළ පැවතිය හැකිය. උපකල්පිත තත්ව අවකාශයක් තුළ එබඳු සිහි පිහිටුම් පථයකට අපි සන්තතික විඥානය යැයි කියමු. මානසික තත්ව අවකාශය තුළ දර්ශීය ලෙස විවිධ ස්ථායීතා ගුණ සහිත උපකුලක පැවතිය හැකි නිසා කිසියම් මනෝ තත්වයක් එම මනෝ අවකාශය තුළ තම පිහිටුම අනුව වැඩි හෝ අඩු ආකාර වූ ස්ථායිතාවයක් අත්කර ගන්නේ යැයි උපකල්පනය කළ හැකිය. අස්ථායි තත්ව හෝ පාර අස්ථායි තත්ව යන අවස්ථාවල කාල ප්‍රමාණයට සාපේක්ෂව ස්ථිර තත්වයන් පැවැත්මේ හෙවත් නේවාසික කාලයෙන් වැඩි වීමෙන් එය වෙන් කර හඳුනා ගත හැකිය. කිසියම් මානසික තත්වයක් කැළඹීම්වලට සාපේක්ෂව ස්ථායිතාවයක් දක්වන්නේ නම් එය සිහියෙන් ප්‍රත්‍යක්ෂ කරනු ලබන මානසික ආදර්ශනයක කේතීකරණය සක්‍රිය කරන්නේ යැයි පැවසිය හැකිය.
මෙම ශුද්ධ වශයෙන්ම මනෝවිද්‍යාත්මක හෝ ප්‍රජානනාත්මක හෝ ඥානනය පිළිබඳ ස්ථාවරයේ සිට එහි ප්‍රතිපක්ෂය වන්නා වූ ස්නායු-භෞතවේදාත්මක පාර්ශවයට යද්දි මෙබඳු පැණයක් නැගේ-මානසික ආදර්ශනයේ ස්නායුමය සහසම්බන්ධය කුමක් ද? සම්මත හෝ පිළිගත් වාර්තාවලට අනුව (නෝ සහ තොම්සන් 2004 වත්මන් සංවාදවලට අනුව [Noë & Thompson (2004) )] මානසික ආදර්ශනයන් ස්නායුමය හෝ නියුරෝනමය එකළස් කිරීම්වල ක්‍රියාකාරිත්වයන් හා සහසම්බන්ධනය [correlation] එනම් දහස් ගණනක නියුරෝන එකළස් කිරීම්වල සාමුහික වෘන්දය සමග සමපාත වේ. කිසියම් පරිසරයකට අනුකූලව නෛසර්ගික ලෙස සකස්වන නියුරෝන එකළාසයක් මානසික ආදර්ශනයට දක්වන සහසම්බන්ධතාවය එහි නියුරෝන අතර ඇති සම්බන්ධතා සමස්තයට වඩා දුර්වල වීම තුළ හටගනී. ස්නායු හෝ නියුරෝන මානසික ආදර්ශනයට දක්වන සහසම්බන්ධතාවය සක්‍රිය වන්නේ එම එකළාසය තුළ ඇති නියුරෝනවල ක්‍රියාකාරිත්වය කිසියම් සීඝ්‍රතා අගයක් ඉක්මවා පත්තුවන හෝ දැල්වෙන තත්වයක් තුළදීය.
කිසියම් සක්‍රිය නියුරෝන එකළාසයක ක්‍රියාකාරිත්වය ස්ථාවරව පවත්වා ගැනීම උදෙසා [inhibitory] ප්‍රතිෂේධාත්මක සහ [excitatory] උත්තේජනාත්මක නියුරෝන අතර සම්බන්ධතාවල සියුම් සමබරතාවයක් ඇවැසි වන්නේය. රූප රාමු 1 බලන්න. නියුරෝනයක ප්‍රවාහක යාන්ත්‍රණය ඒකතානික වුවහොත් එනම් වැඩිවන ප්‍රදානය විසින් වැඩිවන ප්‍රතිදානයක් ඇති කරන්නේ නම් මෙම එකළාසවලට සමබරතාවය රැක ගැනීම දුෂ්කර වන්නේය. මේ හේතුව නිසා මෑත කාලීන පර්යේෂණ ප්‍රතිඵල වාර්තා කරන්නේ ඒකතානික නොවන ප්‍රවාහන තත්වයන් එනම් මධ්‍යස්ථ සීඝ්‍රතාවයක ප්‍රදානයන් පවතිද්දී උපරිම සීඝ්‍රතාවයක ප්‍රතිදානයන් වඩාත් ලාක්ෂණික ලෙස නියුරෝන එකළාසයන් මොඩලයන් තනා ගන්නට උපකාරී වන බවයි. උදාහරණයක් වශයෙන් වර්ගජ උපරිමයෙන් යුගලගත අනුරූපණය කිරීම් දැලිස සහිත ජාල සැළසුම් (network models using lattices of coupled maps with quadratic maximum ) සුසමාදර්ශී ලෙස එබඳු හැසිරීමකට ගැලපේ. මෙම ජාල සැළසුම් මෙන්ම වෙනත් එබඳුම සුලබ ආකෘති සූත්‍රගත කිරීම් එක්තරා අන්දමකින් ක්වොන්ටම් සිද්ධාන්තයේ වඩාත් ප්‍රකට හැසිරීම් සමග එකඟතාවයන් ඇති කරන්නට තරම් ප්‍රභලත්වයක් හෝ ඇවිලුමක් ඇති කරන්නට සමත් නොවේ. එනමුත් ව්‍යක්ත ව්‍යාතිරේකයක් හෙවත් වඩාත් සුපැහැදිලි වෙනස් මගක් ගත් එවැනිම ආකෘතියක් උමෙසාවා විටීලෝ සහ අනෙකුත් අය යෝජිතය. 4.3 කොටස බලන්න.
3.2 ඒකීය නියුරෝන සහ සිනැප්සස්
විද්‍යුත් සිනැප්සස්වල දී විදුලිය ජනනය වී ප්‍රචාලනය වන්නේ "presynaptic" නියුරෝනයක් තුළින් සෘජුවම "postsynaptic" නියුරෝන සෛලයක් වෙත ක්‍රියාකාරී විභවයන් හට ගැනීමක් ලෙසින් භෞතිකවම ඒ අන්ත දෙක යා කොට නිර්මාණය වී ඇති ප්‍රකට හිදැස් සන්ධියක් හරහාය. රසායනික සිනැප්සස්වල දී පූර්ව සහ පශ්චාත් සිනැප්ටික් සෛල අතර පැල්මක් භාවිතයට ගනු ඇත්තේය. කිසියම් රසායනික සංඥාවක් සම්ප්‍රේෂණය උදෙසා රසායනික වාහකයක් එනම් ග්ලූටමේට් පූර්ව සිනැප්ටික් අන්තයෙන් මුදා හැරේ. මෙම රසායනික මුදා හැරීමේ ක්‍රියාවලිය "එක්සොසයිටෝසිස්" (exocytosis) යනුවෙන් හැඳින්වේ. මෙම වාහකය සිනැප්ටික් විවරය හරහා විසිරී පශ්චාත් සිනැප්ටික් නියුරෝන පටලයේ ප්‍රතිග්‍රාහකයන් බැඳ ගන්නා අතර ඉන් අයනික මාර්ගයක් විවෘත කරගනී. (Kandel et al. 2000, part III; see Fig. 2) රසායනික ප්‍රචාලන වේගය විද්‍යුත් ප්‍රචාලන වේගයට වඩා අඩුය.
බෙක් සහ එක්ලෙස් විසින් වර්ධනය වූ ආකෘතියකට අනුව එක්සොසයිටෝසිස් යාන්ත්‍රණයේ සූක්ෂම කාරණා පැහැදිලි කිරීමට නිශ්චිත වශයෙන්ම ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාවලිය යොදා ගෙන ඇති අතර මානසික තත්වයන් සම්බන්ධයෙන් ද සමීප සම්බන්ධයක් ගොඩ නැගේ. මෙය වඩාත් දීර්ඝ ලෙස 4.4 කොටසේ දී සාකච්ඡා කෙරේ.
මේ අවස්ථාවේ දී ෆ්ලෝ 2000 විසින් ඉදිරිපත් කරන ලද වෙනත් එළඹුමක් ද සඳහන් කළ යුතු වන්නේ රසායනික සිනැප්සස් ක්‍රියාවලියේදී උපකාරී වන සුවිශේෂ ප්‍රතිග්‍රාහක වර්ගයක් වන ප්‍රකට NMDA ප්‍රතිග්‍රාහක අතිශය වැදගත්කමක් දක්වන බැවිනි. කෙටියෙන් ෆලෝ නිරීක්ෂණය කරන්නේ NMDA ප්‍රතිග්‍රාහකයන්ගේ පවත්නා සුවිශේෂී සුවිකාර්යතා ගුණය plasticity නියුරෝන එකළාසයන්ගේ විස්තෘත ස්ථායීතාවයන් එනම් මානසික ආදර්ශනයන් කෙරෙහි සහසම්බන්ධතා වර්ධනය නිර්මාණය කරගැනීමට අත්‍යාවශ්‍ය බව සහ මෙම තත්වය මානසික තත්වයන් සමග සම්බන්ධ බැව් හෙළි කෙරෙයි. වැඩි දුරටත් ඔහු විග්‍රහ කරන්නේ නිර්වින්දනකාරකයන් (anaesthetic agents) විසින් විවිධාකාර වූ යාන්ත්‍රණ ඔස්සේ NMDA ප්‍රතිග්‍රාහකයන් හිර කිරීමෙන් සිහි නැති කිරීමේ ක්‍රියාවලිය සිදු වන බවයි. ෆ්ලොගේ මෙම එළඹුම භෞතීයවාදාත්මක මෙන්ම ඌනිතවාදී ද වන අතර සුවිශේෂි ක්වොන්ටම් අදහස් වලින් විනිර්මුක්ත ද වේ.
3.3 මයික්‍රොටියුබියුලි -සූක්ෂම නාලිකා
නියුරො-භෞතවේදයේ ප්‍රාථමිකම මට්ටමේ දී එනම් ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාකාරිත්වයන් මානසික තත්වයන් කෙරෙහි සහසම්බන්ධතා දක්වන බවට යෝජිත අවස්ථාවේ එනම් ඒකීය නියුරෝනයක අභ්‍යන්තරය සළකනු ලබන මට්ටමේ දී - එනම් "සයිටොස්කෙලටනය" යි. එය අත්‍යාවශ්‍ය ලෙසම ද්විප්‍රකාර වූ ප්‍රෝටීන ජාල ව්‍යුහයන් විසින් නිර්මිත වන අතර නියුරොෆිලමන්ටයන් සහ මයික්‍රොටියුබියුලි හෙවත් සියුම් නාලිකා වේ. මේවා දීර්ඝ බහුඅවයවිකයන් වන අතර සාමාන්‍ය යෙන් ඒවා නිර්මාණය වී ඇත්තේ අන්වායාම ලෙස ඇල්ෆා සහ බීටා නාලිකා විසින් බාහිර විෂ්කම්භය නැනෝ මීටර විසිපහක් තරම් වන ආකාරයේ නාලිකා පිළිවෙලක් (tubular array ) ලෙසිනි. 3 රූප රාමුව බලන්න. වැඩි විස්තර සඳහා Kandel et al. (2000), Chap. II.4. බලන්න.
මෙම සූක්ෂම නාලිකා දේහ තුළ වන ටියුබියුලින් උපස්තර යනු හැමරෝෆ් යෝජනා කරන පරිදි පෙන්රෝස්ගේ නියුරෝ භෞතවාදීමය සෛද්ධාන්තික රාමුව ගොඩ නගන්නට හේතු වේ. සවිස්තරාත්මක ලෙස 4.5 දී සාකච්ඡා වන මෙම ටියුබියුලින් තත්වයන් රඳා පවතින්නේ ක්වොන්ටම් සංසිද්ධි මත යැයි උපකල්පනය කළ විට වෙනස් ටියුබියුලින් අතර ක්වොන්ටම් සංසක්තනයේ (quantum coherence ) හැකියාව උපදියි. වැඩි දුරටත් පෙන්රෝස් සහ හැමරෝස්ගේ තීරණාත්මක නිබන්ධනයක් වන එබඳු සංසක්ත ටියුබියුලින් තත්වයන් ගේ ක්වොන්ටම් ගුරුත්වය ද ආශ්‍රිත බිඳ වැටිම් ප්‍රාථමික මට්ටමේ විඥානය පිළිබඳ සම්බන්ධතාවක් දක්වන බව පෙන්වා දී ඇත.
4 වන කොටසින් උදාහරණ සාකච්ඡා කිරීම් බලාපොරොත්තු වන්න.
ස්නායු සෛලවල සිනැප්ටික් යාන්ත්‍රණ වඩාත් පැහැදිලිව අධ්‍යයන කිරීමට මෙතැනට යන්න. එහි ඇති සජීවිකරණය කරන ලද විඩියෝ පට ආශ්‍ර යෙන් වඩාත් විචිත්‍ර ලෙස එම යාන්ත්‍රණ දැක බලා ගත හැකිය.
ටැක්සියේ නොම්මරේ:
ක්වොන්ටම් ලෝකය,
පරිවර්තන
Friday, July 1, 2011
ලෙඩා මළත් බඩ සුද්දයි!
ටැක්සියේ නොම්මරේ:
කේ. කේ. සමන් කුමාර
විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...
විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...
ද්‍රව්‍යමය මොළය හා මොනයම් හෝ ආකාරයකින් විඥානය හෝ මානසික ක්‍රියාකාරිත්වය සබැඳී ඇති බැව් අතිශය ප්‍රචලිත පිළිගැනීමකි. ක්වොන්ටම් සිද්ධාන්තය ද්‍රව්‍ය පිළිබඳව දැනට සොයා ගෙන ඇති ප්‍රමූලිකම සිද්ධාන්තයක් බැවින් විඥානය පිළිබඳව කිසියම් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට එයට හැකියාවක් ඇත්දැයි කිසිවෙකු ප්‍රශ්න කිරීම යුක්තිසහගතය.
මේ ප්‍රශ්නයට විවිධාකාර එළඹුම් ඔස්සේ ලබා දී ඇති පිළිතුරු කීපයක් පසුගිය දශක දෙකක පමණ කාලයක සංවර්ධනය වෙමින් පැවති හෙයින් ඉන් කීපයක් සසඳා බැලීමටය මේ විමර්ෂණය. මෙහිදී අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ මේ විවිධ ක්වොන්ටම් සිද්ධාන්ත ආශ්‍රිත විග්‍රහයන් එකිනෙක වෙනස් ඥානවිභාගාත්මක උපකල්පන ඔස්සේ ස්නායු-භෞතවේදීය මට්ටම් වලින් විස්තර සාධනය කොට ඇති බවයි. එම විවිධ එළඹුම්වල විග්‍රහයන් ඔස්සේ ඒවායේ පවතින ගැටළු මෙන්ම සාධනීය අංග ද මේ ලිපියේ දී මතුකර දක්වන්නට උත්සාහ කෙරේ.
1-හැඳින්වීම
ද්‍රව්‍ය සහ විඥානය එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ ගැටළුවට විවිධාකාර මුහුණුවර ඇති හෙයින් ඒ කරා එළඹෙන්නට ද විවිධාකාර ඇරඹුම් ලක්ෂ්‍ය ඇත්තේය. ඇත්ත වශයෙන්ම ඓතිහාසිකව මෙම ගැටළුව කරා මූලිකව අවධානය යොමු කරන්නේ දර්ශන විශය ක්ෂේත්‍රය සහ මනෝවිද්‍යා විශය ක්ෂේත්‍ර වන අතර පසු කලෙක චර්යා විද්‍යාව ඥානනය පිළිබඳ විද්‍යාව සහ ස්නායු විද්‍යා යනාදී ක්ෂේත්‍රවල සම්බන්ධ වීම ද සිදුවේ. ඊට අමතරව සංකීර්ණ පද්ධති භෞතිකය සහ ක්වොන්ටම් භෞතිකය ද උත්තේජනාත්මක ආකාරයේ අතරමැදි වීමක් මෙම ඓතිහාසික සාකච්ඡාවට එකතු කර ඇත.
සංකීර්ණතාව පිළිබඳව ඇගයුම් වෙද්දී මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වේ. මොළය යනු අප දන්නා පද්ධති අතර අතිශය සංකීර්ණතම පද්ධතියකි. සංකීර්ණ පද්ධති පිළිබඳ එළඹුම වඩාත් ඵලදායි ප්‍රතිඵල අත්කර දෙන්නේ ස්නායු ජාල අධ්‍යයනය සහ එම දැනුම ඒකීය නියුරෝන සෛලයක ක්‍රියාකාරිත්වයට දක්වන සම්බන්ධය සහ අනෙකුත් වැදගත් මාතෘකා පිළිබඳව අවධානය යොමු කරද්දීය. ක්වොන්ටම් භෞතිකය පිළිබඳ අවධානය යොමු කරද්දී ක්වොන්ටම් සංසිද්ධි සහ උපයෝගීතාවය මොළය හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍ය ලෝකයේ පැවත්මක් ඇති දේකට යෙදිය හැකි වීම ගැන කිසිදු ආකාරයක සැක සංකාවක් හට නොගන්නේ ඇවැසි නම් එම සිද්ධාන්ත ජීව විද්‍යාත්මක පද්ධති තුළට පවා අදාල කරගත හැකි බැවිනි. එනමුත් මෙම සංසිද්ධි කොතරම් දුරට මොළයේ ක්‍රියාකාරිත්වයේ සහ මානසික ක්‍රියාකාරිත්වයේ අන්තර්සම්බන්ධතාව හෙළි කරන්නේ ද යන්න විවාදාත්මක බැව් සඳහන් කළ යුතුමය.
විසිවන සියවසේ මුල් කාල පරිච්ඡේදයේ ක්වොන්ටම් සිද්ධාන්තය සහ විඥානය අතර සම්බන්ධතාවයේ ප්‍රාරම්භක පෙළඹවීම ඉඳුරාම අතිශය දාර්ශනික විය. සමස්තයක් වශයෙන් සියල්ල නිරවද්‍ය ලෙස නිර්ණය කළ හැකි ලෝකයක් තුළ විඥානය තුළින් ස්වතන්ත්‍ර සිතුවිලි ජනනය වන්නේ යැයි සිතුමම තරමක් ගැටළු සහගත ව්‍යාජයක් ලෙස පෙනෙන හෙයින් ක්වොන්ටම් අහඹුතාවය විසින් ස්වතන්ත්‍ර සිතුවිලි ජනනය ගැන නැවුම් බලාපොරොත්තු ඇති කරවන සුළුයි. (අනෙක් අතට අහඹුතාවයම ස්වච්ඡන්දය කෙරෙහි ගැටළු නිර්මාණය කරයි!)
ක්වොන්ටම් සිද්ධාන්තය අපගේ කලින් පැවති නිශ්චිත ලෝක දැක්ම වෙත ඊට එරෙහිව අහඹුතාවය නමැති අංගයක් එකතු කළ බැවින් එම අහඹුතාවය සත්‍ය වශයෙන්ම එම ලෝක දැක්මට අදාල වූයේ නම් සවිස්තරාත්මකව ලෝකය වටහා ගැනීමෙන් මිදී එය නොසළකා හළ තත්වයකට අප පත්වන බව ඉන් ගම්‍ය වේ. අපගේ නොසැළකිල්ල හෝ නොදැනුවත්කමින් ස්වාධීනව ක්වොන්ටම් අහඹුතාවයේ ක්‍රියාකාරිත්වය එබඳු ඥානවිභාගාත්මක අහඹුතාවයක් ඉක්මවා උදාහරණ වශයෙන් ආලෝක අංශුවල ස්වයංසිද්ධ මුක්ත වීම හෝ විකිරණශීලී ක්ෂය වීම හෝ වෙනත් තත්ව හෝ ගතික ඌණනයන් ස්වාභාවික ලෝකයේ මූලික ධර්මතා ලෙසම පවතිනු ඇත. වඩාත් නිවැරදිව එබඳු සංසිද්ධි තනි තනි ක්වොන්ටම් සංසිද්ධි ලෙස එම හැසිරීම් ඒකාකාරී රටාවකට අනුව සංඛ්‍යාත්මකව නිර්ණය කළහැකි වනු ඇත. තනි තනි ක්වොන්ටම් සංසිද්ධිවල පවතින අවිනිශ්චිතතාවය සංඛ්‍යාන නීති මත රඳා පවතී.
විඥානය පිළිබඳ සාකච්ඡාවේ දී වඩාත් ආකර්ෂණීය වන ක්වොන්ටම් සිද්ධාන්තයේ පවතින අනෙකුත් ගතිගුණ වන්නේ අනුපූරකතාව පිළිබඳ සංකල්පය සහ පැටලිල්ල නම් වූ සංකල්පය යි. ක්වොන්ටම් භෞතිකයේ පුරෝගාමීන් වන ප්ලාන්ක්-බෝර්-ෂ්‍රෝඩිංගර්-පෝලි සහ අනෙකුත් අය උධෘත කළේ පෞරාණික මතවාදයක් වූ භෞතික නිශ්චිතතාවය සහ විඥානයේ ස්වතන්ත්‍රභාවය පිළිබඳ ගැටළුවට විවිධාකාර ප්‍ර වේශයන් ක්වොන්ටම් සිද්ධාන්ත ඇසුරෙන් නැවතත් සළකා බැලිය හැකි බවය.
මෙම දායකත්වය ඔස්සේ විඥානය පිළිබඳ හැදෑරීම් වෙතට ක්වොන්ටම් සිද්ධාන්තයේ ජනප්‍රිය එළඹුම් කීපයක යෙදුම් විමර්ෂනය කරනු ලබන අතර ඒවායෙන් බොහොමයක් කාල්පනික දෑ වන අතර ඒවා විවිධ මට්ටම්වලින් විඥානය පහදා දෙන්නට ශක්‍යතා පෙන්වා ඇත. 2 කොටසේ දී ද්‍රව්‍ය සහ මානසික තල අතර පද්ධතිමය වශයෙන් ඇති සබැඳියාව පිළිබඳ විමසන්නේ එකිනෙකට වෙනස් දාර්ශනික විකල්පයන් දෙකක් ඔස්සේය. 3 වන කොටසේ දී සාකච්ඡා කරනු ලබන්නේ එකිනෙකට වෙනස් ස්නායු භෞතවේදයන් ත්‍රිත්වයක් හරහා ක්වොන්ටම් එළඹුම් සම්බන්ධතාවයන් ගැනය. මූලික හඳුන්වා දීම් ස්වල්පයකින් පසුව 4වන කොටසේ දී ඒවායේ තනි තනි ප්‍රවේශයන් සාකච්ඡා කෙරේ. 4.2 ස්ටාප් 4.3 උමෙසාවා සහ වීටීලෝ 4.4 බෙක් සහ එක්ලෙස් 4.5 පෙන්රෝස් සහ හැමර්රෝෆ් 4.6 පෝලි සහ යුං විසින් යෝජිත සහ බෝම් සහ හිලී විසින් ද යෝජිත ද්විත්ව දෘශ්ටිමය එළඹුම පිළිබඳව ද 4.7 දී සංශුද්ධ වශයෙන්ම විඥානමය සංසිද්ධි ගණිතමය ලෙස ලක්ෂණනය කර ක්වොන්ටම් ව්‍යුහයන් තුළින් පැහැදිලි කිරීමක් ද 5වන කොටසේ දී එම සියළු සංකල්පයන් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක් ද වේ.
2. දාර්ශනික උපකල්පනයන් පිළිබඳ පසුබිම
අතිශය විචිත්‍ර සහ ද්‍රව්‍ය පද්ධතියක උසස්ම සංවර්ධනාත්මක අවධිය ලෙස හඳුනා ගත හැකි මොළයේ මනස හෝ විඥානය පහළ වීම එහි ප්‍රාථමික මට්ටමේම සවිස්තරාත්මක විග්‍රහයන්ට අනුව ද්‍රව්‍ය සහ විඥානය අතර වූ බෙදුම ගැන විවිධාකාර වූ සාක්ෂි සපයන්නට සමත් වන්නේය.
මේ සියළු සාක්ච්ඡාවන්හි වැදගත් අරමුණක් වන්නේ ද්‍රව්‍ය සහ මනස අතර සබැඳියාව පිළිබඳ ව්‍යක්ත සහ ව්‍යාකෘත එළඹුම්වල වෙනස යි. උදාහරණයක් ලෙස සහසම්බන්ධනය යනු අනුභූතික අදාළත්වයකින් යුතු ව්‍යක්ත යෙදීමක් වන අතර හේතුඵල සම්බන්ධතාවය ව්‍යාකෘත යෙදීමක් ලෙස සහසම්බන්ධතා සෛද්ධාන්තිකව වටහා ගන්නට උත්සාහ කරද්දී භාවිත වේ. හේතුඵල සම්බන්ධතාවය හේතුව සහ ප්‍රතිඵලය අතර සහසම්බන්ධතා යෝජනා කරන නමුත් මෙය ප්‍රතිවර්ත්‍ය ලෙස සැමවිට ම සත්‍ය නොවේ- පද්ධති දෙකක් අතර සහසම්බන්ධතා සෘජු හේතුඵලකාරක සම්බන්ධතාවයක අන්තර්ක්‍රියාවක්ම වීමට වඩා එහි ඓතිහාසික තත්වයන් ඔස්සේ පොදු හේතුවක් නිසා ද හටගත හැකිය.
කෙනෙක් මූලික විද්‍යාවේ පසුබිම තුළ හේතුඵල සම්බන්ධතා ගැන කතා කරන්නේ අන්තර්ක්‍රියාවන් ලෙසිනි. භෞතික විද්‍යාවේදී උදාහරණයක් වශයෙන් මූලික ලෙසම පවතින අන්තර්ක්‍රියාවන් හතරක් වේ. එනම් විද්‍යුත් චුම්බක-දුර්වල-ශක්තිමත් සහ ගුරුත්ව යනාදී වශයෙන් වූ මෙම අන්තර්ක්‍රියාවන් භෞතික පද්ධති තුළ සහසම්බන්ධතාවන් පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. ද්‍රව්‍ය සහ මනස අතර ගැටළුවට අදාලව තත්වය වඩාත් බැරෑරුම් වේ. මෙම ක්ෂේත්‍රය තුළ පවත්නා සෛද්ධාන්තික අවබෝධයෙන් ඔබ්බට නොගොස් පවතින දැනුමේ මුලාශ්‍රයන් තුළ අත්‍යාවශ්‍ය ලෙසම අන්තර්ගත වන්නේ ද්‍රව්‍ය සහ විඥානය පිළිබඳ අනුභූතික සහසම්බන්ධතාවයන් පමණි. මෙම සහසම්බන්ධතා ව්‍යක්ත වන අතර ව්‍යකෘත නොවේ-ඒවා හේතුභූතාත්මක ලෙස හේතුඵලවාදී නොවේ.( These correlations are descriptive, not explanatory; they are not causally conditioned.) ඒවා සමහර අරමුණු කෙරෙහි ජනනය වන මානසික තත්වයන් මොළයේ විවිධ පෙදෙස් හි සිදුවන ක්‍රියාකාරි පිබිදීම් සිදුවන අයුරු පෙන්වා දෙන නමුත් ඒවා එසේ වන්නේ ඇයිදැයි විග්‍රහ නොකරයි. එමනිසා මනස සහ ද්‍රව්‍ය අතර අන්තර්ක්‍රියා පිළිබඳව හේතුඵල සම්බන්ධතා ඔස්සේ සාකච්ඡා කිරීම අපරිණත හෝ නොමේරු උත්සාහයක් විය හැකිය. සංකේතාත්මක සුපැහැදිලිතාවය උදෙසා ද්‍රව්‍ය සහ විඥානය අතර සම්බන්ධතා මධ්‍යස්ථ හෝ උදාසීන ලෙස විශය ගෝචර කර ගැනීම මෙම ලිපියේ භාවිතාවයි.
බොහෝ එළඹුම්වල ද්‍රව්‍යමය මොළයේ තත්ව [ma] සහ විඥානයේ මානසික තත්ව [me] අතර සම්බන්ධතා සාකච්ඡා කරන්නේ සෘජු ආකාරයකටය.
මෙම ආකෘතිය අවම රාමුවක් ලෙස ක්‍රියාත්මක වන්නේ ඌණනය -අනපේක්ෂිත සංවර්ධනාත්මක අවධි-උත්පාතන සම්බන්ධතා යනාදී වූ ද්වෛතවාදී සහ අද්වෛතවාදී යනාදී වූ දෙආකාර ආස්ථානයන් හැදෑරීමටය. උදාහරණයක් වශයෙන් දැඩි ඌණීත සම්භාවනීය ආස්ථානයක් වශයෙන් මානසික තත්වය සහ එහි නෛසර්ගික ගුණ ද්‍රව්‍ය විශය ක්ෂේත්‍රය තුළට ඌණනය කළ හැකියැයි පැවසෙන ද්‍රව්‍යවාදී ස්ථාවරය හෝ භෞතික ස්ථාවරය සැලකිය හැකිය. මෙම දෘශ්ටිකෝණය විදහා දක්වන්නේ ද්‍රව්‍ය විශය ක්ෂේත්‍රය ගවේශණය අවශ්‍ය සහ ප්‍රමාණවත් ලෙස භාවිතා කිරීමෙන් මොළයේ මානසික ක්ෂේත්‍රය හෝ අවබෝධය ලබා ගැනීමේ ක්‍රියාදාමය (ප්‍රජානනය) වටහා ගන්නට හැකියාව නිර්මාණය කරනු ලබන බවයි. බොහෝ දුරට මෙම දෘශ්ටිකෝණයෙන් අද්වෛතවාදී රාමුවට එනම් කිසිවෙකු මානසික තත්වයන් පිළිබඳව කෙරෙනු ලබන සාකච්ඡාව ඉන් මුදා හැරීමක් හෝ ද්‍රව්‍ය කෙරෙහි ඇති ක්‍රියාවේ අතුරුඵලයක් ලෙස වටහා ගන්නා අවස්ථාවක් බවට ඌණනය වේ. එනම් අන්වාභාසමය (epiphenomenal) තත්වයකට එම සාකච්ඡාව යොමු වේ.
මේ තත්වය තුළ මනස-මොළය අතර සහසම්බන්ධතා අන්වාභාසමය දෘශ්ටිකෝණයකින් බැලුවත් හේතුඵල සම්බන්ධතා පිළිබඳ එළඹුම අසමර්තකම් පෙන්වන අතර හුදෙක් බැහැර කිරීමක් ලෙස ද්‍රව්‍යවාදී ස්ථාවරයේ සහසම්බන්ධතා පවා අදාළ නොවන තත්වයකට පත්වේ.
බොහෝ විට සංවාදයට බඳුන් වී ඇති එවැනි දැඩි ඌණිත එළඹුමක් කෙරෙහි නැගී එන ප්‍රතිතර්කයක් වන ක්වේලියා තර්කය (ක්වේලියා එනම් මනසේ විශය වර්ණනාවිෂයාතික්‍රාන්ත වීම හෝ වචන වලට හැරවීමේ නොහැකියාව හෝ මනෝවිශ්ලේෂණාත්මකව යථමය තත්වය) සිය අවධානය යොමු කරන්නේ ද්‍රව්‍යවාදී ගණනය කිරීම් හරහා මානසික තත්වයන් පිළිබඳව කරනු ලබන ප්‍රමාණාත්මක හැදෑරීම් ආත්මීයත්වයට අදාල අත්දැකීම් නිර්වේෂණය කෙරෙහි එනම් එය කුමක් වැනි දැයි පැහැදිලි කිරීමට බලපවත්නා නොහැකියාවයි. මෙය තුන්වන පුද්ගලයෙකු සහ පළමුවන පුද්ගලයෙකු අතර ඇතිවන පරතරය නිර්මානය කරමින් චාමර්ස් 1995 විසින් සංකේතීය ලෙස වාත්තු කරන ලද විඥානය පිළිබඳ දෘඨ ගැටළුව කරා කැඳවා යයි. තවත් වඩාත් අප්‍රචලිත ප්‍රති තර්කයක් වන්නේ භෞතික විෂය ක්ෂේත්‍රය එය තුළම හේතුඵල සම්බන්ධතා ඇසුරෙන් සංවෘත වීමයි. චලිතයේ මූලික සමීකරණ ඒවා පර්යේෂණාත්මකව හෝ සංඛ්‍යාත්මකව හෝ විශ්ලේෂණාත්මකව හෝ විසඳුමක් කරා පිය මනින්නට ඇවැසි සීමා තත්වයන් හෝ මුල් තත්වයන් සැපයීම ස්වභාදහමේ මූලික නියමයන් ඔස්සේ නොසැපිරෙයි. මෙම හේතුඵල පරතරය සම්භාව්‍ය භෞතිකය මෙන්ම ක්වොන්ටම් භෞතිකය ද මූලික වශයෙන් අවිනිශ්චිතතාවයට යොමු කර කඩාවැටීමට සැළැස්වීම අභියෝගාත්මක වේ. තෙවන පෙළ ප්‍රති තර්කයක් වන්නේ භෞතික පැහැදිලි කිරීමක් තුළ වන තත්සම පැවැත්ම සහ ප්‍රත්‍යුත්පන්න (සලකනු ලබන මොහොත) සංකේතනය පිණිස ඇති දුෂ්කරතාවය යි.
කෙසේ වුවද මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් අතර ඇති සෘජු සම්බන්ධතා ඌණිත නොවන ආකාරයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ද හැකිය. එනම් ප්‍රාදූර්භූත වීමේ විචල්‍යයන් විශාල ප්‍රමාණයක් හැඳිනීම විශිෂ්ට උදාහරණයෝ වෙති. මානසික තත්වයන් සහ/හෝ ගුණ ද්‍රව්‍යමය මොළයේ ප්‍රාදූර්භූතවන්නේ යැයි සැලකිය හැකි නම් ඒවා ගවේෂණයට හෝ අවබෝධයට අවශ්‍යතාවයක් හෝ ප්‍රමාණවත් බවක් නොපවතී. මෙය ද්වෛතවාදය කරා තල්ලු වීමක් හෝ එනම් කාටිසියානු ද්වෛතවාදයට ත් වඩා ස්වල්ප ලෙස විප්ලවකාරී සහ ව්‍යාජෝක්තියෙන් බර පෙදෙසකට යාමකි. මෙයින් ශේෂ වන්නේ කිසිවෙකු මානසික තත්වය ද්‍රව්‍ය තත්වයක් තුළට ඌණනය කිරීමෙනි. ද්වෛතවාදී ආස්ථානයෙන් මනස සහ ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මානසික සහ ද්‍රව්‍ය අතර හේතුවාදී සම්බන්ධතා පැහැර හැරිය නොහැකි ගැටළුවකි. විශේෂයෙන් හේතුඵලාත්මක ගුණ ලෙස මොළයේ තත්වයන් මානසික තත්වයන් සමග ගවේෂණය කිරීම වර්තමානයේ ආකර්ෂණයට ලක්වූ ක්ෂේත්‍රයකි.
අප ඉහත දැක්වූ ද්‍රව්‍ය සහ මනස අතර සරල සම්බන්ධතාවයට විකල්ප වශයෙන් වක්‍ර ලෙස එම සම්බන්ධතාවය විදහා දක්වන මේ ආකෘතිය ද තුන්වැනි වර්ගයක් හෝ විචල්‍යක් අනුසාරයෙන් භාවිතා කළ හැකිය.
මෙම තුන්වැනි වර්ගය එනම් mame විචල්‍යය යනු ද්‍රව්‍ය හෝ මානසික තත්වයන් කෙරෙන් උදාසීන විචල්‍යයක් ලෙස බොහෝ විට හඳුනා ගැනේ. එනම් භෞත-මානසික වශයෙන් උදාසීන ලෙසයි. මෙම දෙවැනි ආකෘතියේ ගුණාත්මක ලක්ෂණයක් නම් එය වෙන් කළ නොහැකි ලෙස ද්‍රව්‍ය සහ මනස අතර බැඳීමත් ඒ ද්විත්වයේ පවතින වෙනස්කම් කෙරෙහි ඌණිත සහ ප්‍රාදූර්භූත වීමේ ශක්‍යතාවයන් ට පසුබිම් යථාර්ථයක් සපයන බවයි. මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් 4.6 කොටසේ එයි.
එබඳු ද්විත්ව දෘශ්ටි විකල්පනයක් ඔස්සේ එනම් ප්‍රධාන දහරාවේ වඩාත් ඉස්මත්තට නොපැමිණි ආඛ්‍යානයක් වෙත දීර්ඝ සම්ප්‍රදායක් ඇත්තේය. එහි මුලාකෘති ස්පිනෝසා දක්වාම විහිදේ. දහනමවැනි සියවසේ මුල් කාලීන මනෝභෞතික ප්‍රවාදයන් ෆෙෂ්නර් 1861 හා වන්ඩ්ට් 1911 විසින් දෘශ්ටිමය ලෙස ග්‍රහණය කොට තිබුණි. දාර්ශනික සන්තති විෂය ක්ෂේත්‍ර යේ නූතන පුරෝගාමියකු වන වයිට්හෙඩ් මානසික සහ භෞතික ද්විධ්‍රැවයන් තත්‍යය අවස්ථාවල ධ්‍රැවයන් ලෙසත් ඒවා එකිනෙකින් ලෝකෝත්තර ස්වාභාවයේ ද්විධ්‍රැවතාවයන් ප්‍රදර්ශනය කරන බවත් පවසා ඇත. අනන්‍යතා සිද්ධාන්ත ලෙස ද සම්ප්‍රදායික එළඹුම් හඳුන්වා දී ෆෙයිගල් [1967] සහ ස්මාර්ට් [1963] ඒවායේ අනිවාර්ය ලක්ෂණ වූ මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් එකිනෙක අනන්‍ය මධ්‍යම තත්වයන් ලෙස ද අර්ථකතනය කොට ඇත්තේ වෙනස් පර්යාදර්ශීන් ලෙසය. යුංග් සහ පෝලි [1955] ද මේ සම්බන්ධයෙන් වෙනස් අදහස් යෝජනා කොට ඇත්තේ වෙසෙසින් යුංග් ගේ දැක්මට අනුව මානසික-භෞතවේදය නිශ්ක්‍රිය පුරාකෘතික පිළිවෙලින් යුත් බවත් බෝම් සහ හිලේ විසින් යෝජිත වන්නේ සංශ්ලේෂණාත්මක පිළිවෙලකින් විවිධ මානසික සහ ද්‍රව්‍යමය මානයන් නිරවුල් කරගත හැකිය යනුවෙනි.
වෙල්මන් [2002/2009] මෑත කාලීනව ඉදිරිපත් කර ඇති මනෝවිද්‍යාත්මක ප්‍ර වේශය වන්නේ ඒ ආකාරම වූ අනුභූතික ද්‍රව්‍යාත්මක අනුබලයකින් කරනු ලබන විග්‍රහයකි. ස්ට්‍රෝසන් [2003] දී යෝජනා කර ඇත්තේ යථමය ද්‍රව්‍යවාදයකින් උත්පත්තිය ලැබුවා වූ ඒ ආකාරම වූ ආකෘතියකි. තවත් ආකාරයකට ද්වෛතවාදී චින්තාවලි විග්‍රහයක් ගෙන එන චාමර්ස් [1996] පවසන්නේ මානසික-භෞතිකවේදය තොරතුරු හසුරවා ගැනීම පිළිබඳ ප්‍ර වේශයකින් එහි යටිතලය වඩාත් නිරාවරණය කරගත හැකි ආකෘතියක් බවට පත් කර ගත හැකිය යන මතයයි.
මේ විෂයේ වැඩිදුරක් යාමට මත්තෙන් අප අවධාරණය කරගත යුත්තේ බොහෝ වර්තමාන එළඹුම් ප්‍රථම පුද්ගල සහ තෙවන පුද්ගල පර්යාලෝකනයන් කෙරෙහි දක්වන උනන්දුව ද්‍රව්‍ය සහ මනස අතර හිදැසට දක්වන උනන්දුවට වඩා විෂය වශයෙන් ආකර්ෂණීය වී ඇති බවය. එම අපේක්ෂාවෙන් අවලෝකනය වන මෙම විෂය වඩාත් නැඹුරු වන්නේ ක්වේලියා නම් වූ ක්ෂණික මනස් අත්දැකීම්වලට එදිරිව චර්යාත්මක පාර්ශවය සළකා බැලීමටත්- ස්නායු සහ ජීව භෞතික තත්වයන් අතර හට ගන්නා විෂමතාවයන් පිරික්සීමත්ය. දෘඨ ගැටළුව ලෙස නාමික වූ මනස පිළිබඳ පර්යේෂණාත්මක පෙළඹවීම විසින් පුරවා දැමීමට තැත් දරන්නේ ප්‍රථම පුද්ගල අත්දැකීම සහ තෙවන පුද්ගල නිර්වේෂණ අතර පරතරය වේ. මේ වත්මන් දායකත්වය විසින් මානසික විඥාන තත්වයන් ව්‍යංගයෙන් අනුමාන කරන්නේ ඒවා ප්‍රථම පුද්ගල අත්දැකීම් ලෙස වටහා ගැනුමටය. කෙසේ වෙතත් මෙය විඥානය නිරවද්‍ය ලෙස අර්ථදක්වා ගැනීමේ ගැටළුව විසඳා ඇතැයි කීමට හැකි තත්වයක් නොවන බැව් අමතක නොකළ යුතුය. අවසාන වශයෙන් එය අවම තරමින් මානසික තත්වයන් අරුත්දැක්වීම ද්‍රව්‍ය තත්වයන් පිළිබඳ විග්‍රහ කරගැනීම උදෙසා වන දුෂ්කරතාවයට වඩා ඉමහත් දුෂ්කර කාර්යයක් බැව් හෝ සනාථ කරනු ඇත.
මීළඟට 3 කොටසින් ස්නායු(නියුරො)-භෞතවේදී විග්‍රහ තලයන් සාකච්ඡාවට ගැනෙනු ඇත.
දර්ශනය පිළිබඳ ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂයේ ලිපියක පරිවර්තනයකි.
2004 නොවැම්බර් 30 මුල්වරට පළ වූ මෙම ලිපිය 2011 මැයි 19 වන දින සංශෝධන සහිතව නැවත පලකරන ලද්දකි.
මෙම ලිපියේ හිමිකම් Harald Atmanspacher වෙතය.
Copyright © 2004 Harald Atmanspacher haa@igpp.de

Subscribe to:
Comments (Atom)