AI එකකට අපි වගේ කතා කරන්න පුළුවන් නම් — මනුෂ්‍යයෙකුගේ කතා කිරීමේ විශේෂත්වය මොකක්ද?
අපි කතා කරන්නේ අපේ සිතුවිලි වචනවලට පරිවර්තනය කරලාද?නැත්නම් අපි කතා කරන මොහොතේම — භාෂාව අපිව නිර්මාණය කරනවාද?
අර්ථයේ ජ්‍යාමිතිය කතා මාලාවේ තුන්වන කොටසින් මම මේ ප්‍රශ්නය හරහා “Speaking Subject” — කතා කරන විෂය පිළිබඳ අදහසට ඇතුල් වෙනවා.
මෙහිදී AI එක comparison එකකට වඩා thought experiment එකක් බවට පත්වෙනවා.
LLM එකකට “මම” කියන්න පුළුවන්.
අපිටත් “මම” කියන්න පුළුවන්.
නමුත් ඒ දෙකේ “මම” එකම දෙයක්ද?
Episode එක තුළ Language Before the “I”, Human–LLM analogy, authorship, intention vs speech, Freud and the unconscious, Ego vs Subject සහ Split Subject දක්වා මේ ප්‍රශ්නය ක්‍රමයෙන් ගෙන යනවා.
🎥 AI කතා කරද්දි... මම කවුද? | අර්ථයේ ජ්‍යාමිතිය | EP03
Watch EP03 on YouTube
සිංහල මාධ්‍යයෙන් | 32 minutes
#ArtificialIntelligence #Psychoanalysis #Lacan #Freud #Language #Subjectivity #LLM #Philosophy #Sinhala #අර්ථයේජ්‍යාමිතිය