Sunday, May 27, 2012

අWL Art - විරාජ් ලියනාරච්චි




අWL Art- ඡායාරූප ප්‍රදර්ශනය, මැයි 27, 28 සහ 29 කොළඹ කලාභවනේදී සහ ජුනි 2 සහ 3 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මාගේ දේශය අවදි කරනු මැන' කලා උලෙළේ දීත් පැවැත්වේ.




ඡායාරූපවල දැක්වෙන්නේ මැයි 27 වන දා රාවය පුවත්පතේ පළ වූ විරාජ් ලියනාරච්චිගේ සංලාපයෙන් උපුටා ගත් හෙඩිමයි.


Wednesday, May 23, 2012

නුග කොල ද හෙම්බත් ය...

නුග කොල ද හෙම්බත් ය
ප්‍රභාසංශ්ලේෂණය
ඇණ හිට දැං කලකි
නුග සෙවණේ ද ගිනියමකි

අහරක් නොනිපදේ
ආහාර දාම
මුලිනුපුටා වැනසෙති රහසේ

නුග විතරක් ද
අඹ කොල ද වල්මත් ය
නැත කිසිදු අහරක්
ප්ලෝයම පටක තුළ දුවන ඉහළට

අඹ ඵලය හැඩයකි
ඇතුලත හිස් යැ
බීජ නොලබයි
සුවඳ නොහමයි

හිරු එළියෙ ගිනි රැස් ය
හරිතප්‍රද ගිනි ගති
අහර නිපදුම එතැන නැවතුනි
නුග මෙන්ම වල් අතු අඹ ද
විජලනයට පත්ව වැතිරෙති

රහසක් නැති
හිරු මියෙන්නට පටන් ගෙන ඇති...

23/05/2012

Friday, April 20, 2012

හිරුගෙන් කැඩී ...

හිරුගෙන් කැඩී වෙන් වුන
කැබැල්ලක් පා වී ඇවිත් ගගනත
විනිවිද අහස ඕසෝන් ස්ථර
අවුලුවයි පෘථිවි කබොල නෑ සැක!

කල්ප කාලාන්තරයක සිට
කැරකී කැරකී වෙහෙසව
අතින් ගිලිහෙන දොයිතුව
පෙලා පලා දාවි ද ලෝ ධාතුව

හැල්මෙන් වසර අගණිත
සැලි සැලී හුන් බමනෙක
හිරි වැටී අත් බාහු දඟ යුග
ඉහිරෙයි ද හිරු ලෝහිත

හිරු තරු ඇතුළ ඉපදුන
දේවලින් සැදුන මිහි ජීවිත
හිරු තරු කැඩී විහිදෙන
කැබැල්ලෙන් නැවත ගනු ඇත

20/04/2012

Monday, April 9, 2012

සරුංගලයක සැබෑ ලස්සන...

වා තලය නිසල විට
බැරෑරුම් කුණාටුව ළඟ බැව් කියයි
අහස ගුගුරා වැසි වැටේ යැයි
සිතූ විටක දී නිහඩ වෙයි

බලාපොරොත්තුවකට ජීවය පිඹින්නට
මෙවැනි බාධක සියුම් වෙයි
රළු වෙසින් පැමිණියත් මේඝය
මහා පොළොවට ළදරු වෙයි

සරුංගලයක රැහැණ සුන් කොට
ඉබාගාතේ යවයි-කුණාටු අහස වෙත
කොතැන වැටුණත් එහිම හිමිකරු
ඒ ඒ සියළු තැන් හිඳියි

එනමුත්

අහසේ නීතිය රීතිය නොදත්
සරුංගල කිසි දා උඩ නොයයි
වැටුනු තැනකින් ආයෙ අල්ලා
උඩ යවන්නට සිත දිරියි

සරුංගලයක සැබෑ ලස්සන
අහස මැද මිස වෙන නොවෙයි!

09/04/2012

Friday, April 6, 2012

ඔබ ඇඳි සිතුවම්

ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි

කඳු මුදුන් සහ අහස් තල අතර
ගොරහැඩි පාෂාන සිඛර බඳ වට
එතී ගලා හැලෙන දිය කඳුරුවල
ඉවුරු බදා පැද්දෙන
සුලලිත ගහවැල-කටු පඳුරක
උල්ම උල් කටු කිනිස්සක
අගිසක දිලෙන රෝස පෙත්තක

ඔබ ඇඳි සිතුවම්
දුටුවෙමි

මම ද සිතුවම් අඳිමි

දුර්ගන්ධය ගලා යන
පීටාර ගලන කක්කුස්සි වලක් ගැන
නගාරාලංකාරය ශෝභනය රකිනු වස්
හරවා දැමුම පිණිස නොමිනිස් වාසයකට...

06/04/2012

Wednesday, April 4, 2012

හෝකිංගේ දිවි මග...

Stephen Hawking
Created by: Online PhD

ප.ලි./p.s.

මෙම සටහන මා වෙත යොමු කළේ පීටර් කිම් නමැති අයෙකු විසිනුයි. ඔහු මාගේ බ්ලොගයේ සඳහන් ස්ටෙෆන් හෝකිංගේ සබැඳියාවන් සහ සඳහන් කිරීම් ඔස්සේ මෙම සටහන මේ බ්ලොගයේ අන්තර්ගතය හා සැසඳේ යැයි සිතා මාවෙත පෞද්ගලිකව යොමු කළ බව මා වෙත ඊමේලයක් මගින් දන්වා තිබුනා. පීටර් ට නොවක් තුති.

This Graphical Note was sent to me by Mr. Peter Kim, who found my blog has some links to Stephen Hawking’s books and other resources. I would appreciate his commitment and especially sharing this work with all of us. Thank you Peter!