උපුල් ශාන්ත සන්නස්ගල සිය ලේඛන දිවියේ සුවිශේෂී සැතපුමක් සනිටුහන් කරන්නට ඔහුගේ අලුත්ම නවකතාව තුළින් සමත් වී ඇතැයි යන්න මගේ අදහසයි. සන්නස්ගලගේ කෘති අතර නොදුටු දැවැන්ත ස්ත්‍රී කේන්ද්‍රීය සමාජ කියවීමක් "පිරිමි ගොඩයි මං විතරයි" කෘතිය තුළ හමුවීම පමණක් ඊට හේතුව නොවේ.
තමා අනුදත් කතාන්දරය හෝ පණිවිඩය හෝ මේ කිසිවක් නොවන දෙය හෝ පාඨකයා වෙත පිරිනමන්නට නවකතාවක භාෂා ශෛලීන් කුමනාකාරයකින් නිර්මානශීලි ලෙස උපයෝගී කරගන්නේ ද යන්නට සජීවි උදාහරණයක් ලෙසින් ද ස්ත්‍රිය කේන්ද්‍ර කර ගත් ලිංගික කතාන්දර මුද්‍රිත පිටු අතරට ගෙන ඒමේ සංඥාවේදයේ නිර්මානශීලි අවස්ථා ද මෙම කෘතියේ අන්තර්ගත බැවින් එම භාෂා අත්දැකීම් සිංහලෙන් කියවන පාඨකයන් වෙත ගෙන එන්නට සමත් වී ඇතැයි යන්න මම විශ්වාස කරමි.
කොතෙකුත් ලිංගිකත්වය කේන්ද්‍ර කරගත් සාහසිකත්වයන් සුඛාන්ත/දුඛාන්ත සිංහල සාහිත්‍ය ලිපි ලේඛන නිර්මාන අභ්‍යාස අප පසුකර ගොස් ඇතත් ඒ සියල්ලට වඩා වෙනස් අයුරකින්-නවතාවයකින් බොහෝ අශ්ලීල පිරිමි ලිංගික පරිකල්පනයන් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළට වැද්දාගත යුතු ස්වරූපය ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරන්නට මෙම කෘතිය සමත් වී ඇත්තේ පසුගිය වසර හතර පහක පමණ කාලයක් තුළ සිංහල බෞද්ධ කේන්ද්‍රීය මාධ්‍ය අවකාශය තුළ වඩාත් ප්‍රචලිත හෝ වෙනත් අයුරකින් කුප්‍රකට වූ කට තුළ තැලී පොඩි වී හැඩ ගැන් වූ කතා අටෝරාසියක් සුසංයෝගී ලෙස භාවිතාවේ යොදවමිනැයි මම සිතමි. එබඳු නිර්මානශීලීත්වයක් ප්‍රකට කරන්නට සිය භාෂාවේ නන්වැදෑරුම් පැතිකඩෙහි සුගම බව මෙන්ම තම වටපිටාව-නාගරික ජීවිතය-ඕප දූප-සයිබරය-දේශපාලනික චරිත- ආගමික චරිත මෙකී නොකී සියල්ලෙන් කැළතුනු- කැළඹුනු-තැම්බුනු- තෙම්පරාදුවක් ලේඛකයෙකුට ඇවැසියැයි මම සිතමි. කෘතිය එවැනි ලේඛකයෙකු ගැන සුපැහැදිලි නිර්ණායකයක් මතු කරන්නට සමත් වී ඇත. කෘතිය ගැනත් එහි කතෘ ගැනත් මාගේ මේ සටහන මෙලෙස නිදහසේ ලියැවෙන්නේ මා ලියමින් සිටින්නේ විචාරයක් නොවන නිසා ය.
කෘතියේ අන්තර්ගතයෙන් මා ඉහත දැක්වූ අදහස් සත්‍යාපනය කරන්නට නොයෙකුත් උදාහරන උපුටා දැක්විය හැකි මුත් එය විඳුම් සටහනක පරිමිතිය ඉක්මවා යාමකි.
Thursday, October 17, 2013
Tuesday, October 15, 2013
සෙංකොට්ටං
සෙංකොට්ටං කියවා අවසන් කළෙමි. බත්තලංගුණ්ඩුවෙන් පසු මා කියැවූ රසවත්ම නවකතාව සෙංකොට්ටං යැයි මම සිතමි.
සෙංකොට්ටං කතාවේ පසුබිමෙන් දැලක් මෙන් වැටී ඇති බෝ පැලයේ රූපකය එහි අවසානය දක්වා ගෙන එන නිහඩ අරුතට මම ප්‍රිය වෙමි. එම අරුත ම බත්තලංගුණ්ඩුවේ දී ගෙන එන්නේ ශුද්ධ බයිබලයෙන් උපුටා ගත් දේව දූතයන් නවකතා පිටු අතර තැනින් තැනින් මතු වෙමින් අප අතරින් පියඹා යමිනි.
සෙංකොට්ටං අතිශය ගැඹුරු වේදනාත්මක පහුරු ගෑම් සිත මතුපිට ලන්නට සමත් රචනාවකි. කාලයත් අවකාශයත් අනවරතව ගලා යන්නට සැලැස්වූ ඒකමාන කතාවක් බැවින් එහි අවසානය සිනමාපටයක් නරඹා අවසන් කළාක් මෙන් තීර්‍වර හැඟුමකට විවර කරවයි.
කතාව ඒකමාන වුව ද එහි එන සිදුවීම් ඒ ඒ තැන්වල මහා ගැටුම් ඇති කර පුපුරුවා ලන්නට සමත් වෙයි.
කුල බේදය කේන්ද්‍රීය වුව ද එය ලිංගිකත්වය හා බැඳුනු දෘශ්ඨාන්තයක් ලෙස ද කියවා ගන්නට මම ප්‍රිය කරමි. ගැහැනිය ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට කෙසේ වෙතත් පොඩිනා ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට මස්ඉඹුලගෙ නවකතාව සමත් වී ඇත.
එමෙන්ම පොඩිනා ගේ ආශාවේ කෙළවර හමු වන වල් නයිදේ හෙවත් කැලෑ සතා මෙන්ම සියළු ආශාවන්ගේ අවසන එළඹෙන කුරිරු යථ මනා සේ හසුරුවා නවකතාව ගොඩනගන්නට මස්ඉඹුල ගේ ඉසියුම් පරිකල්පනයත් රචනා ශෛලියත් ඔහුට උපකාර වී ඇතැයි මම සිතමි.
පොඩිනාගේ මරණය සහ එහි ප්‍රාප්තිය සෙංකොට්ටං හි මා වඩාත්ම සිත්ගත් පරිච්ඡේදය යැයි මම සිතමි. එය ස්ත්‍රියක හඹා යන ආශාව ද ආශාව හැර අන් දෙයක් ද යන්න ලෙහෙසියෙන් වටහා ගන්නට නොහැකි වන සේ ගැට ගසා ලන්නට මස්ඉඹුල සූක්ෂම වී ඇති සැටි දැකුම ආනන්දයකි. ලිහිය නොහැකි ගැට ලිහීමට තැත් කිරීමට වඩා තව තවත් ගැට දමා ගැටපිට ගැට දැමීමෙන් ගැටළු බවට පත් කිරීම ප්‍රායෝගික බැව් මස්ඉඹුල සොයා ගෙන ඇති සෙයක් මට දැනේ.
බත්තලංගුණ්ඩුවේ ඇති බොහෝ දේ අතර වඩාත් සුවිශේෂීත්වය නම් ධීවර ජීවිතයේ සියුම් තැන් අල්ලා ගන්නට මංජුල දරා ඇති වෙහෙස මහන්සිය එහි පිටු පුරා සැහැල්ලුවෙන් අතුරන්නට ඔහු දක්වා ඇති පරිණත බවයි. සෙංකොට්ටංහි මදකට හෝ අඩුවක් ලෙස මා දකින්නේ රදා කුලයට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස සහ චර්යාවන් සියුම් ලෙස ග්‍රහණය කොට (එබදු මානසික ශ්‍රමයක් මස්ඉඹුල දරා ඇති බවට සැකයක් නැති මුත්) නිර්මානශීලි ලෙස කිසියම් අධ්‍යාපනික වටිනාකමක් කියවන්නාට අත් කර දෙන්නට ගත් වෙහෙසක් ලියමන තුළ හමු නොවීම යැයි මට සිතේ.
එසේ අධ්‍යයන ශ්‍රමයක් නවකතාවකින් මතු කරන්නට අත්‍යාවශ්‍ය යැයි රීතියක් නොවූ ව ද එවැනි මද හෝ දීර්ඝ විස්තරාත්මක දෑ තුලින් නවකතාවේ රසයට හානියක් වේ යැයි මම නොසිතමි.
කෙසේ වුව ද නිර්මානයක අඩුපාඩු සෙවීම පහසුය. සියල්ලන් සංතෝෂ කළ හැකි නිර්මානයේ සමර්ථයෙක් සෙවීම ද දුෂ්කරය.
සිනමාත්මක වියමනක් ලෙස විභව ගැන් වූ මෙම නිර්මානයේ ඇති ක්ෂතිමය තීර්‍වතාවය සමාජ-දේශපාලනික-සංස්කෘතික මෙන්ම ආගමික හර පද්ධති පිළිබද ව ද නානාවිධ වරනැංවීම් විසින් පෝෂණය වී ඇතැයි මට සිතේ.
සෙංකොට්ටං ලෙහෙසියෙන් මතකයෙන් මැකී නොයන කියවීමේ අත්දැකීමක් ලෙස මම දකිමි.
ප.ලි.
රත්න ශ්‍රී විසින් රචිත ගීතයක් (ගායනය ඉන්දීවරී අබේරත්න) පසුගිය දිනෙක ලසිත බෙනරගම සොයුරා මා වෙත යොමු කළෙන් ඒ ගීතයේ පද වැලේ මුසු වූ හැඟුම් යලි ගොඩනගන්නට සෙංකොට්ටං සමත් වූයේ යැයි මට හැඟේ.
සළු සෝදනා මම ලෙංචිනා
මෙහි එන "ලේ කොලොම්බුව" යනු කිමැයි පහදා දෙන්නෙකුට කෘතඥ වෙමි.
සෙංකොට්ටං කතාවේ පසුබිමෙන් දැලක් මෙන් වැටී ඇති බෝ පැලයේ රූපකය එහි අවසානය දක්වා ගෙන එන නිහඩ අරුතට මම ප්‍රිය වෙමි. එම අරුත ම බත්තලංගුණ්ඩුවේ දී ගෙන එන්නේ ශුද්ධ බයිබලයෙන් උපුටා ගත් දේව දූතයන් නවකතා පිටු අතර තැනින් තැනින් මතු වෙමින් අප අතරින් පියඹා යමිනි.
සෙංකොට්ටං අතිශය ගැඹුරු වේදනාත්මක පහුරු ගෑම් සිත මතුපිට ලන්නට සමත් රචනාවකි. කාලයත් අවකාශයත් අනවරතව ගලා යන්නට සැලැස්වූ ඒකමාන කතාවක් බැවින් එහි අවසානය සිනමාපටයක් නරඹා අවසන් කළාක් මෙන් තීර්‍වර හැඟුමකට විවර කරවයි.
කතාව ඒකමාන වුව ද එහි එන සිදුවීම් ඒ ඒ තැන්වල මහා ගැටුම් ඇති කර පුපුරුවා ලන්නට සමත් වෙයි.
කුල බේදය කේන්ද්‍රීය වුව ද එය ලිංගිකත්වය හා බැඳුනු දෘශ්ඨාන්තයක් ලෙස ද කියවා ගන්නට මම ප්‍රිය කරමි. ගැහැනිය ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට කෙසේ වෙතත් පොඩිනා ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට මස්ඉඹුලගෙ නවකතාව සමත් වී ඇත.
එමෙන්ම පොඩිනා ගේ ආශාවේ කෙළවර හමු වන වල් නයිදේ හෙවත් කැලෑ සතා මෙන්ම සියළු ආශාවන්ගේ අවසන එළඹෙන කුරිරු යථ මනා සේ හසුරුවා නවකතාව ගොඩනගන්නට මස්ඉඹුල ගේ ඉසියුම් පරිකල්පනයත් රචනා ශෛලියත් ඔහුට උපකාර වී ඇතැයි මම සිතමි.
බත්තලංගුණ්ඩුවේ ඇති බොහෝ දේ අතර වඩාත් සුවිශේෂීත්වය නම් ධීවර ජීවිතයේ සියුම් තැන් අල්ලා ගන්නට මංජුල දරා ඇති වෙහෙස මහන්සිය එහි පිටු පුරා සැහැල්ලුවෙන් අතුරන්නට ඔහු දක්වා ඇති පරිණත බවයි. සෙංකොට්ටංහි මදකට හෝ අඩුවක් ලෙස මා දකින්නේ රදා කුලයට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස සහ චර්යාවන් සියුම් ලෙස ග්‍රහණය කොට (එබදු මානසික ශ්‍රමයක් මස්ඉඹුල දරා ඇති බවට සැකයක් නැති මුත්) නිර්මානශීලි ලෙස කිසියම් අධ්‍යාපනික වටිනාකමක් කියවන්නාට අත් කර දෙන්නට ගත් වෙහෙසක් ලියමන තුළ හමු නොවීම යැයි මට සිතේ.
එසේ අධ්‍යයන ශ්‍රමයක් නවකතාවකින් මතු කරන්නට අත්‍යාවශ්‍ය යැයි රීතියක් නොවූ ව ද එවැනි මද හෝ දීර්ඝ විස්තරාත්මක දෑ තුලින් නවකතාවේ රසයට හානියක් වේ යැයි මම නොසිතමි.
කෙසේ වුව ද නිර්මානයක අඩුපාඩු සෙවීම පහසුය. සියල්ලන් සංතෝෂ කළ හැකි නිර්මානයේ සමර්ථයෙක් සෙවීම ද දුෂ්කරය.
සිනමාත්මක වියමනක් ලෙස විභව ගැන් වූ මෙම නිර්මානයේ ඇති ක්ෂතිමය තීර්‍වතාවය සමාජ-දේශපාලනික-සංස්කෘතික මෙන්ම ආගමික හර පද්ධති පිළිබද ව ද නානාවිධ වරනැංවීම් විසින් පෝෂණය වී ඇතැයි මට සිතේ.
සෙංකොට්ටං ලෙහෙසියෙන් මතකයෙන් මැකී නොයන කියවීමේ අත්දැකීමක් ලෙස මම දකිමි.
ප.ලි.
රත්න ශ්‍රී විසින් රචිත ගීතයක් (ගායනය ඉන්දීවරී අබේරත්න) පසුගිය දිනෙක ලසිත බෙනරගම සොයුරා මා වෙත යොමු කළෙන් ඒ ගීතයේ පද වැලේ මුසු වූ හැඟුම් යලි ගොඩනගන්නට සෙංකොට්ටං සමත් වූයේ යැයි මට හැඟේ.
සළු සෝදනා මම ලෙංචිනා
මෙහි එන "ලේ කොලොම්බුව" යනු කිමැයි පහදා දෙන්නෙකුට කෘතඥ වෙමි.
Friday, October 11, 2013
ප්‍රොජෙක්‍ටර ක්‍රියාකරවන්නා දුටු සිහිනය
මා කාලයක් මාතර නිව් සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නකු ලෙස පුහුණුවක් ලැබුවා. ඒ මා උසස් පෙළ අවසන් කර නිකරුණේ ගත කළ කාලයෙන් බිඳක් වැය කරන්නට සිතූ අයුරකි. ඒ දවස්වල සිනමා ශාලාවේ පැවැති බොහෝ සිනමාත්මක කටයුතු දැක බලා ගන්නට ද ප්‍රසිද්ධ නළු නිලියන් කීප දෙනෙකු ද නොයෙක් සිනමා නිර්මානකරුවන් ද උත්සවාකාරී අවස්ථා සඳහා ඉඳහිට පැමිණියෙන් ඔවුන් සැබැවින් දැක බලා ගැනීමට ද මට හැකි වුනි.
ඒ දවස්වල අදූර් ගෝපාලක්‍රිෂ්නන්ගේ සිනමා උළෙලක් ද මාතර පැවැත් වුනි. ඒ සිනමාපට සියල්ලම අඳුරු කුටියේ ජරමර සද්ද මැද සිනමා තිරය මතට යොමු වුන කවුළුවකින් අනෙක් ඔපරේටර්වරයාට නොදැනෙන සේ බැලීමට මම යොමු වූයෙමි.
සිනමාපටයක් ප්‍රොජෙක්ටරයකට ඇතුළු කර එය ධාවනය කරවීමේ පරිචය ලබන්නට වැඩි කාලයක් ගත නොවුනෙන් එම ඒකාකාරී පුහුණුවෙන් මම පළා ගියෙමි.
දැනුදු මාතර නිව් සිනමා ශාලාව ඇසුරේ අසූ ගනන් අග මතකය ඉඳහිට ඇවිලෙන්නේ අතීතය වසාගත් අමුතු අඳුරක් ද සමගිනි.
මේ සිනමා ප්‍රොජෙක්ටර සිදුවීම මගේ මතකයට යළි නැගුනේ අහම්බෙන් ගොඩවන්නට ලැබුණු කවි බ්ලොගයක දුටු නිර්මානයක් නිසාවෙනි.
ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නා දුටු සිහිනය නම් වූ එම නිර්මානය කවි සෙවණැල්ල නම් වූ බ්ලොගයේ ඇත. එය ප්‍රියන්ත ෆොන්සේකාගේ වැඩකි. ඔහු ද සිනමා අධ්‍යයනයක සිටිනා අයෙකු බැව් සඳහන් ය.
අවසන් වශයෙන් ප්‍රොජෙකටර ආලෝකය දිගේ තිරය දෙසට ගොස් දිවි ගලවා ගත් එකම කුරුල්ලා මම දැයි සිතන්නට මගේ කලබල සිත දැඟලූ බැව් පමණක් ලියා තබමි.

Wednesday, September 18, 2013
රඟපෑම් ඉවරයි
"රඟපෑම් ඉවරයි" නාට්‍ය මා හඳුනා ගන්නේ එකිනෙකට වෙනස් විඳීම් අන්තර්ගත නාට්‍ය ත්‍රිත්වයක් ලෙසිනි. මුල් කොටස ඉදිරිපත් කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. ඔහු මිය ගිය අයෙකු ලෙස පැමිණ නොමැරුනු මිනිසුන් සහ මැරුනු මිනිසුන් පිළිබඳ දීර්ඝ දාර්ශනික සාකච්ඡාවක් හා සමාන ඉදිරිපත් කිරීමක් කරමින් ඔහුගේ කොටස අවසන් කරන්නේ දේශපාලකයෙකු බවට රූපාන්තරනය වීමෙනි. කතා කරන මළ මිනියක් දේශපාලකයෙකුට පරිවර්තනය වීම පිළිබඳව ඕනෑතරම් විශ්ලේෂණ කළ හැකි අතර එම විශ්ලේෂණ ඉදිරිපත් කිරීමේ සුදුස්සෝද ඇති තරම් ලංකාවේ විචාරකයන්-න්‍යාචාර්යවරුන්-මහාචාර්යවරුන් අතර සිටිනා බැවින් ඊට එහා යමක් ඒ කොටස ගැන ලියන්නට මට නොසිතේ.
දෙවැනි කොටස ඉදිරිපත් කරන්නේ නිළියක විසිනි. සුබුද්ධි ලක්මාලි නමැති රංගන ශිල්පිනිය ඉදිරිපත් කරන එම කොටස පළමු කොටස නැරඹීමෙන් අත් වූ ක්ෂතිමය අද්දැකීමෙන් මිදීමට සැළසුම් සහගතවම එහි අදියුරුවන් විසින් සිහින සහ යථාර්ථය අතර ගීතමය ජවනිකා ද රැගත් වඩාත් සෞන්දර්යාත්මක එබ්බවීමක් ඇතුලත් කර ඇති ලෙස මට හැඟුනි.
මුල් කොටස සංකේතීය නම් දෙවැනි කොටස පරිකල්පනීය යැයි ද කීමෙන් මට පහසුවක් දැනේ යයි මම සිතමි.
එවිට අපට තෙවැනි කොටසේ දී හමු විය යුත්තේ බොරෝමියානු ගැටයේ ඉතිරි ටික විය යුතු යැයි මම සිතමි. එනම් රියල් එකයි. යථයි.
කමල් අද්දරආරච්චි අප වෙත ගෙන එන්නේ පහසුවෙන් අත් කර ගත නොහැකි වචන සංකේතවලට පෙරලීමට මැලි බියකරු යථයි.
(මේ මට හිතෙන හැටිය. මට හිතෙන්නේ ලැකානියානු ත්‍රිකයෙනි. වෙන අයට වෙනත් ත්‍රිකයන්ගෙන් සිතිය හැකිය. රත්න ත්‍රිකය හෝ රත්නත්‍රය හෝ බුද්ධ-ධම්ම-සංග කියා ද ඕනෑ නම් කෙනෙකුට ත්‍රිකයක් සාදා ගෙන කමල්ගේ කොටස සංග ත්‍රිකය ලෙස ගෙන විචාරය වැනි දෙයක් කළ හැකිය. මොන ත්‍රිකයත් ඕනෑවට වඩා ඕනම නැත.)
ඒ කෙසේ වෙතත් කමල් ගැන මා පෞද්ගලිකව අතිශය සතුටට පත් වන්නේ ලංකාවේ දී එමෙන්ම වර්තමානයේ දී ඔහු ඉදිරිපත් කරන එම චරිතය නිරූපනය කළ හැකි එකම නළුවා හෙවත් ඉතිරි වූ නළුවා කමල් පමණක් නිසාවෙනි යැයි මම සිතමි.
කමල් සිය සිරුරේ රෝම කූපයක් නෑර සෛලයක් නෑර සිය රංගන කාර්යයට දායක කරවන්නේ මුළු සිරුරම කිසියම් ක්‍රමලේඛනයකට අනුව ක්‍රියාත්මක වන්නට ඉඩ හැරි තරම් සංහිඳියාවකිනි. මට දැනුනේ ඔහු විනාඩි හතලිස් පහක් පමණ එක දිගට කිසිදු දෙබසක් වරද්දන්නේ නැතිව -මේ අදහස විවාදාපන්නය-දෙබස් නිවැරදිදැයි සැසඳීමට මා අත එහි පිටපත නොවීය- එක එල්ලේ රැඟුමින් දෙසුමින් ඉඟියෙන් බිඟියෙන් දස දහසක් සංකේතයන් ද සංඤාවන් ද විහිදා පතුරමිනි.
මේ නම් අතිශය මනරම් රංගන කාරියකැයි මම සිතුවෙමි. එබඳු රංගනයක් ඉදිරිපත් කළ හැක්කේ කමල්ටම පමණකැයි මම සිතමි. ඒ චරිතය ඒ ආකාරයෙන් වෙන කිසිවෙකුට හෝ මේ මිහිමත ඉදිරිපත් කළ හැකි දැයි විශ්මයට පත් වෙමි.
කමල් ඔබ රංගනයේ උත්තරීතරත්වය සීමාවේ උපරිම ලකුණ සිංහල වේදිකාවේ සනිටුහන් කළේ යැයි මම සිතමි. රඟපෑම් ඉවර වන්නේ එබැවිනි.
රඟපෑම් ඉවරයි නාට්‍යය අති විශාල දේශපාලනික උත්ප්‍රාසයකි. ඒ පිළිබදව වර්ණනා කිරීමට විග්‍රහ කිරීමට කම්මැලිය. එබඳු නිර්මානයක් අප වැනි අපතයන් වෙත දිරවන සුළු ලෙසින් ප්‍රහසනාත්මකව ඉදිරිපත් කිරීම ගැන කෙටියෙන් හෝ එහි අදියුරු උදයසිරි වික්‍රමරත්න වෙත ගෞරවය පුද කළ යුතුය.
(මමත් කලකට පෙර විඳුම් සටහන් කියා ජාතියක් ඉඳහිට ලීවේ විචාර වැනි බාරදූර නාමික කටයුතු මගහැරීමට ය. කිසියම් කරුණක් අරභයා විචාර කිරීම් කළ යුතු වන්නේ ඒ පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇතියවුන් බැවින් අප වැන්නවුන් ලිවිය යුත්තේ විඳුම් සටහන් යැයි මම සිතමි. කමල් අද්දරආරච්චි රඟන රඟපෑම් ඉවරයි නාට්‍ය පිළිබඳව මේ සටහන තැබුවේ ඒ පසුබිමේ සිටය. )
Sunday, July 21, 2013
අනේ ද කියන්නේ...
යථාර්ථය
චිත්‍රපටයකටත් වඩා මායාකාරී නම්,
අපට
අමුතුවෙන්
චිත්‍රපටි
මක්කටෙයි??
"i am a good hegalian. if you have a good theory, forget about the reality"- Slavoj Zizek
චිත්‍රපටයකටත් වඩා මායාකාරී නම්,
අපට
අමුතුවෙන්
චිත්‍රපටි
මක්කටෙයි??
"i am a good hegalian. if you have a good theory, forget about the reality"- Slavoj Zizek
Tuesday, June 25, 2013
පුද්ගලිකත්වය
මම ඉතා බය වෙමි
මගේ පුද්ගලිකත්වය එළිදරව් වේ යැයි!
මගේ රහස් එළිවේයැයි!!
මගේ කුපාඩි-ජාගර-ම්ලේච්ඡ සිතිවිලි
අන් අය දැන ගනී යැයි
මම ඉතා බය වෙමි
මගේ ඊමේල් වෙන කවුරු හෝ කියවාදැයි
මගේ දුරකතන ඇමතුම් වෙන කෙනෙකු අසා දැයි
මගේ කෙටි පණිවිඩ වෙන අයෙකු දකිතැයි
මම අසීමිත ලෙස බිය වෙමි
මන්ද යත්
ඒවායේ ඇත්තේ සැබැවින්ම
ගොලු කළ මගේ ම්ලේච්ඡත්වය බැවිනි
මා විටෙක කිසියම් ගැහැණියකට
පෙම සිඟා ලියූ කියූ දෑ
ඒවායේ සැඟව ඇත
මා විටෙක කිසියම් ගැහැණියකට
සරාගී උසුළු විසුළු ලියමින්
සැඟව කළ ප්‍රහාර ඒවායේ සැඟව ඇත
මගේ බැංකු පොත ට වඩා
ධනය මා සතුයැයි
මා මටම පවසමින් සිටින බැවින්
ඒ බොරුව අන් අයෙකුට අනාවරණය වීම
මට බියකරු සිහිනයකි
මගේ ණයවර පත
මා කොතරම් දුගී දැයි මුනිවතින් රකිනා බැවින්
එය අන් අයෙකුට අනාවරණය වීම
මා හිස මත ඛේදවාචකයක් කඩා පාත් වීමකි
මගේ ගර්වය සිඳ ගැනීමකි
මගේ උප්පැන්න සහතිකය
මගේ සැබෑ වයස-උපන් ස්ථානය
මවුපියන්-කුලය මලය-ආගම නිහඩවතින් රකිනා බැවින්
එය අන් කෙනෙකු හට අනාවරණය වීම
මගේ සමාජ ජීවිතය විනාශ කර ගැනීමකි
වෛද්‍ය වාර්තා අතිශය රහසිගත විය නො යුතු ද?
මගේ සෞඛ්‍ය දුබල ව ඇත්තේ
මගේම දුරාචාරී දිවි පෙවෙත නිසා බැව්
අනෙකා දැන ගත් විට මා කොතැනක සැඟ වෙම් ද?
අන්තර්ජාලයට වන් විගස
වැල බලමින් ගෙවූ අනේක වරු ගණන් කාලය
මා සෙවූ විපරිත කාම ලෝකය -කාම ආශ්වාදය
අන් අය දනී නම්
ගෙදරකට මා වැද්ද ගනී දැයි බිය වෙමි
මේ සියල්ල එක රැයකින් මකා ලා
අලුත් මිනිසෙකු ලෙස හෙට මට
නින්දෙන් මිදී නැගිට ගත හැකි ද?
එසේ බැරි බව ඒත්තු යන හැම මොහොතක
මගේ රහස් රැක ගන්නට සියලු වෙර වීරිය යෙදිය යුතුව ඇත
මුහුණු පොතේ දකින දකින දේ වෙත
"ලයික්" දැමීමෙන් මා මගේ ආශාවන් හෙලිදරව් කර ඇත!
අන් අයට මගෙ ලයික් දැමිලි නොපෙනෙන ලෙස ඒවා "ඉනැක්ටිව්" කරන ලෙස
මම යදිමි ඉතා ගෞරවයෙන්
මම මගේ ආශාවන් අන් අය දැන ගන්නවාට බිය වෙමි
එනමුත්
මගේ ආශාවන් මම ලයික් දමමින් ප්‍රදර්ශනය කරමි
ඒ ලයික් දැකිය යුත්තේ මා ලයික් අය පමණි
අන් අය එය දැකුම මට භීතියකි...
මගේ පුද්ගලිකත්වය රැක ගැනීමට
කරුණාකාර ඔබ සැවොම එක පෙලට එනු මැනවි...
ඔබගේ පුද්ගලිකත්වය රැක ගැනීමට ඇවැසි නම්
මගේ පුද්ගලිකත්වය රැක ගැනීමේ අරගලයට
ඔබ ද එකතු විය යුතුය
මේ මොහොතේම
එසේ නොමැති නම්
අපි කෙසේ අපගේ ම්ලේච්ඡ ආශාවන්
තවදුරටත් රහස් ලෙස රැක ගනිමු ද?
25/06/2013
Subscribe to:
Posts (Atom)